Thursday, May 8, 2025
Home » අග­මැ­ති­නිය GSP+ අධී­ක්ෂණ මෙහෙ­යුමේ දකුණු ආසි­යානු අංශ ප්‍රධානී හමු­වෙයි

අග­මැ­ති­නිය GSP+ අධී­ක්ෂණ මෙහෙ­යුමේ දකුණු ආසි­යානු අංශ ප්‍රධානී හමු­වෙයි

by Gayan Abeykoon
May 8, 2025 1:07 am 0 comment

නුවන් කොඩි­කාර

අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය සහ GSP+ අධී­ක්ෂණ මෙහෙ­යුමේ කොට­සක් ලෙස  යුරෝ­පීය බාහිර ක්‍රියා­කාරී සේවයේ දකුණු ආසි­යානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා අතර හමු­වක් පසුගියදා (05) පැවැ­ත්විණි.

අග­මැ­ති­ව­රිය විසින් යුරෝපා සංගම් නියෝ­ජිත පිරිස පිළි­ගත් අතර, විශේ­ෂ­යෙන් GSP+ රාමුව හරහා යුරෝපා සංග­මය සමඟ හවු­ල්කා­රි­ත්වය ශක්ති­මත් කිරී­මට ශ්‍රී ලංකාවේ කැප­වීම තහ­වුරු කළාය.

දරි­ද්‍ර­තාව පිටු­දැ­කීම, ඩිජි­ටල් පරි­ව­ර්ත­නය සහ “Clean Sri Lanka” මෙහෙ­යුම ඇතුළු රජයේ ප්‍රධාන ප්‍රමු­ඛතා පිළි­බඳ සාක­ච්ඡා­වේදී අව­ධා­නය යොමු කෙරිණි.

සංහි­ඳි­යාව ස්ථාපිත කිරීම සඳහා රජයේ අඛණ්ඩ උත්සා­හය පිළි­බ­ඳව අව­ධා­ර­ණය කළ අග­මැ­ති­ව­රිය මත්ද්‍රව්‍ය ජාවා­රම, මිනිස් ජාවා­ර­මට එරෙ­හිව සටන් කිරීම සඳහා නීති සම්පා­ද­නය කිරීම සහ මාර්ග­ගත ආර­ක්ෂණ පනත ඇතුළු වත්මන් නීති ප්‍රති­සං­ස්ක­රණ පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු කළාය.

ශ්‍රී ලංකාවේ නව ප්‍රති­පත්ති, විශේ­ෂ­යෙන් GSP+ යන්ත්‍ර­ණයේ මූලික අර­මුණු සමඟ අනු­කූල වන ඒවා හඳු­න්වා­දීම යුරෝපා සංගම් නියෝ­ජිත පිරි­සගේ ප්‍රසා­ද­යට හේතු විය.

ඔවුන් GSP+ සහන සඳහා නැවත අය­දුම් කිරීමේ ක්‍රියා­ව­ලිය පිළි­බඳ මඟ­පෙ­න්වී­මක් ලබා­දුන් අතර ශ්‍රී ලංකාවේ විධි­මත් සංව­ර්ධන ක්‍රියා­ව­ලින් සඳහා සහාය දැක්වී­මට ඇති කැමැත්ත නැවත අව­ධා­ර­ණය කළහ.

මෙම සංවා­ද­යේදී IMFහි සහ­භා­ගි­ත්වය සහ කාන්තා දේශ­පා­ලන හා ආර්ථික සහ­භා­ගි­ත්වය වැඩි කිරීමේ වැද­ග­ත්කම පිළි­බ­ඳව තව­දු­ර­ටත් සාකච්ඡා කරන ලදී.

ශ්‍රම බල­කා­යට වැඩි කාන්තා පිරි­සක් ඇතු­ළත් කර­ගැ­නීම සඳහා ළමා­ර­ක්ෂක සේවා, වැඩි­හිටි සත්කාර සහ ප්‍රවා­හ­නය වැනි ආධා­රක පද්ධති වැඩි­දි­යුණු කිරීමේ අව­ශ්‍ය­තාව අග­මැ­ති­ව­රිය  අව­ධා­ර­ණය කළාය.

ආර්ථික, සංස්කෘ­තික සහ සංචා­රක අංශ හරහා ශ්‍රී ලංකාව සමඟ සබ­ඳතා වැඩි­දි­යුණු කිරීම සඳහා යුරෝපා සංග­මයේ අව­ධා­නය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංග­මයේ තානා­පති අති­ගරු කාමන් මොරේනෝ මහතා මෙම හමු­වේදී සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT