Thursday, May 8, 2025
Home » අග්නි­දිග ආසි­යාව හා ආසි­යාන් සංවි­ධා­නයේ සහ­යෝ­ගි­තාව ඉදි­රි­යට ගෙන යෑම විදේශ ප්‍රති­ප­ත්තියේ ප්‍රධාන මූල­ධ­ර්ම­යක්
දෙරට අතර ශක්ති­මත් ආයෝ­ජන ප්‍රවා­හ­යන් වැඩි­දි­යුණු කිරී­ම

අග්නි­දිග ආසි­යාව හා ආසි­යාන් සංවි­ධා­නයේ සහ­යෝ­ගි­තාව ඉදි­රි­යට ගෙන යෑම විදේශ ප්‍රති­ප­ත්තියේ ප්‍රධාන මූල­ධ­ර්ම­යක්

ජනපති අනුර කුමාර දිසා­නා­යක විය­ට්නා­මයේදී කියයි

by Gayan Abeykoon
May 8, 2025 1:09 am 0 comment

උපාලි කරු­ණා­රත්න

ශ්‍රී ලංකා-විය­ට්නාම ඒකාබද්ධ නිවේදනය

අග්නි­දිග ආසි­යාව සහ ආසි­යාන් (ASEAN) සංවි­ධා­නය සමඟ සහ­යෝ­ගි­තාව ඉදි­රි­යට ගෙන යෑම තම පරි­පා­ල­නය යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රති­ප­ත්තියේ ප්‍රධාන මූල­ධ­ර්ම­යක් බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විය­ට්නා­මයේ සිදු කළ සංචා­ර­යේදී ප්‍රකා­ශ­කර තිබේ.

ශ්‍රී ලංකාවේ උපා­ය­මා­ර්ගික වූ භූගෝ­ලීය පිහි­ටීම සැල­කි­ල්ලට ගනි­මින්, ඉන්දි­යානු සාගර කලා­පයේ ආර්ථික මධ්‍ය­ස්ථා­න­යක් ලෙස ශ්‍රී ලංකා­වට වැද­ගත් භූමි­කා­වක් හෙබ විය හැකි බව ඒත්තු ගන්ව­මින් රට තුළ ආර්ථික ස්ථාව­ර­ත්වය සහ සංව­ර්ධ­නය ඇති කිරී­මට දරන උත්සා­හ­යන් පිළි­බ­ඳව විය­ට්නාම නාය­කයෝ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට සහ ජාතික ජන බල­වේ­ග­යට මෙම සංචා­ර­යේදී  සුබ­පැ­තුම් ද එක් කළහ.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විය­ට්නා­මයේ පසු­ගිය 04 සිට පෙරේදා (06) දිනය දක්වා  සිදු කළ රාජ්‍ය සංචා­රය පිළි­බ­ඳව විය­ට්නාම සමා­ජ­වාදී ජන­ර­ජය

සහ ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජය විසින් කරුණු 28කින් යුත් ඒකා­බද්ධ නිවේ­ද­න­යක් නිකුත් කළේය. මේ බව සඳ­හන් වන්නේ එම ඒකා­බද්ධ නිවේ­ද­න­යේය.

එම ඒකා­බද්ධ නිවේ­ද­නය මෙසේය.

  1. විය­ට්නාම් සමා­ජ­වාදී ජන­ර­ජයේ ජනා­ධි­පති ලුඕං කුඕං මහ­තාගේ ආරා­ධ­න­යෙන්, ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙම මස 04 සිට ඊයේ (6) දක්වා විය­ට්නා­මයේ රාජ්‍ය සංචා­ර­යක නිරත විය. මෙම සංචා­රය විය­ට්නාම් – ශ්‍රී ලංකා රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳ­තා­වල 55 වැනි සංව­ත්ස­රය (1970 – 2025) නිමි­ති­ක­ර­ගෙන සිදු වූවකි.
  2. සංචා­රය අත­ර­තුර ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට මහත් ගරු­බු­හු­මන් සහිත පිළි­ගැ­නී­මක් හිමි විය. ජනා­ධි­ප­ති­ව­රයා විය­ට්නාම් කොමි­යු­නිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලැම්, ජනා­ධි­පති ලුඕං කුඕං, අග­මැති ෆාම් මින් චින් සහ ජාතික සභාවේ සභා­පති ට්‍රාන් තන් මෑන් යන මහ­ත්ව­රුන් සමඟ ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­වල නිරත විය.

එසේම, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විය­ට්නා­මයේ හිටපු ජනා­ධි­පති හෝ චි මිං මහ­තාගේ සොහොන් ගැබ වෙත ගොස් උප­හාර පුද කළේය.

එහිදී, අන්‍යෝන්‍ය විශ්වා­සය, ගෞර­වය, බෙදා­හ­දා­ගත් වටි­නා­කම්, සංස්කෘ­තික සම්ප්‍ර­දා­යන් සහ ගැඹුරු අව­බෝ­ධ­යක් මත පද­නම්ව දෙර­ටෙහි නාය­ක­යන් පර­ම්පරා ගණ­නා­වක් තුළ ගොඩ­නගා ගෙන පෝෂ­ණය කරන ලද මිත්‍ර­ත්වයේ සමීප බැඳීම සංකේ­ත­වත් කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා රණ­වි­රු­වන් සහ දිවි පිදූ­වන් සඳහා වූ යුද ස්මාර­ක­යට ද පුෂ්පෝ­ප­හාර දැක්වීය.

  1. විය­ට්නා­මයේ බෞද්ධ සංඝයා වහ­න්සේලා සහ විය­ට්නාම් රජය විසින් කරන ලද ඒකා­බද්ධ ආරා­ධ­න­යට ගරු කර­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (06) දින හෝ චි මිං නග­රයේ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැම­රුම් උත්ස­ව­යට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වූ අතර දෙරට අතර දිගු­කා­ලීන බෞද්ධ සබ­ඳතා යළිත් තහ­වුරු කර­මින් එහි ප්‍රධාන දේශ­නය ද පැවැ­ත්වීය.
  2. විය­ට්නා­මයේ රාජ්‍ය ප්‍රධා­නීන් සහ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අතර අන්‍යෝන්‍ය වශ­යෙන් වැද­ගත් වන ද්විපා­ර්ශ්වික, කලා­පීය සහ ජාත්‍ය­න්තර කරුණු පිළි­බ­ඳව පුළුල් සාකච්ඡා පැවැ­ත්විණි.

1970 ජූලි 21 වැනි දින රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ස්ථාපිත කිරී­මෙන් පසු වසර 55ක් පුරා දෙරට අතර සාම්ප්‍ර­දා­යික මිත්‍ර­ත්වයේ සහ බහු­විධ සහ­යෝ­ගී­තාවේ වර්ධ­නය පිළි­බ­ඳව ඔවුහු තෘප්ති­යෙන් යුතුව කති­කා­වෙහි යෙදිණි.

එය ඉහළ මට්ටමේ දේශ­පා­ලන විශ්වා­සය, දෙරට ජන­තාව අතර සමීප සබ­ඳතා සහ දෙරටේ ජන­තාව අතර වන සුහ­ද­ත්වය මත ගොඩ­නැ­ඟු­ණකි.

ජාතික සංව­ර්ධ­නයේ දී දෙරට අතර ඇති සමීප මිත්‍ර­ත්වය සහ මහඟු සහ­යෝ­ගය ඉදිරි වස­ර­ව­ලදී විය­ට්නා­මය සහ ශ්‍රී ලංකාව අතර සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම සහ පුළුල් කිරීම සඳහා ස්ථිර පද­න­මක් දමා ඇති බව දෙපා­ර්ශ්ව­යම සහ­තික කළහ.

  1. සමාජ හා ආර්ථික සංව­ර්ධ­නයේ කැපී­පෙ­නෙන ජය­ග්‍ර­හණ සහ ප්‍රග­තිය පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­ව­රයා විය­ට්නාම් රජ­යට සුබ පැතු­වේය. නැඟෙ­න­හිර ආසියා-පැසි­ෆික් කලා­පයේ වේග­යෙන්ම වර්ධ­නය වන ආර්ථි­ක­යක් සහ සමෘ­ද්ධි­මත් නිෂ්පා­දන මධ්‍ය­ස්ථා­න­යක් බවට රට පරි­ව­ර්ත­නය කිරී­මේදී විය­ට්නාම නාය­ක­ත්වයේ සාර්ථ­ක­ත්වය ද ජන­ප­ති­ව­ර­යාගේ පැස­සු­මට ලක් විය.

මෑත­කදී අව­සන් වූ ශ්‍රී ලංකාවේ ජනා­ධි­ප­ති­ව­රණ සහ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­වල ජය­ග්‍ර­හ­ණය සහ ශ්‍රී ලංකාවේ උපා­ය­මා­ර්ගික වූ භූගෝ­ලීය පිහි­ටීම සැල­කි­ල්ලට ගනි­මින්, ඉන්දි­යානු සාගර කලා­පයේ ආර්ථික මධ්‍ය­ස්ථා­න­යක් ලෙස ශ්‍රී ලංකා­වට වැද­ගත් භූමි­කා­වක් හෙබ විය හැකි බව ඒත්තු ගන්ව­මින් රට තුළ ආර්ථික ස්ථාව­ර­ත්වය සහ සංව­ර්ධ­නය ඇති කිරී­මට දරන උත්සා­හ­යන් පිළි­බ­ඳව විය­ට්නාම නාය­කයෝ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට සහ ජාතික ජන බල­වේ­ග­යට සුබ­පැ­තුම් එක් කළහ.

  1. ද්විපා­ර්ශ්වික සබ­ඳතා ඊළඟ මට්ට­මට ඉහළ නංවා­ගැ­නීම සඳහා යොමු විය යුතු මුඛ්‍ය දිශා­න­තීන් පිළි­බ­ඳව දෙපා­ර්ශ්වයේ නාය­කයෝ සාකච්ඡා කර එක­ඟ­තාව පළ කළහ.

රජයේ ඉහළ මට්ටමේ සංචාර සහ සම්බ­න්ධතා වැඩි­දි­යුණු  කිරීම, විවිධ මට්ට­ම්වල නියෝ­ජිත කණ්ඩා­යම් හුව­මාරු කර­ගැ­නීම මෙන්ම ජන­තාව අතර සම්බ­න්ධතා ප්‍රව­ර්ධ­නය කිරීම ඇතු­ළුව විය­ට්නා­මය සහ ශ්‍රී ලංකාව අතර සමීප දේශ­පා­ලන සබ­ඳතා ප්‍රව­ර්ධ­නය කිරීම ඉදි­රි­ය­ටම කර­ගෙන යාමට දෙපා­ර්ශ්ව­යම එකඟ වූහ.

  1. පව­තින ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගිතා යන්ත්‍ර­ණ­යන් ඵල­දායී ලෙස ක්‍රියා­ත්මක කිරීමේ අව­ශ්‍ය­තාව ඔවුහු එහිදී අව­ධා­ර­ණය කළහ. මෙම සන්ද­ර්භය තුළ, විදේශ කට­යුතු අමා­ත්‍යාංශ අතර ද්විපා­ර්ශ්වික දේශ­පා­ලන උප­දේ­ශ­න­යන්හි 5 වැනි වටයේ සාකච්ඡා කලින් කැඳ­වීම, වෙළෙ­ඳාම පිළි­බඳ උප කමි­ටුවේ 3 වැනි රැස්වීම සහ විය­ට්නා­මය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, විද්‍යා­ත්මක හා තාක්ෂ­ණික සහ­යෝ­ගි­තාව පිළි­බඳ ඒකා­බද්ධ කොමි­සමේ 4 වන රැස්වීම පැවැ­ත්වීම 2025දී ක්‍රියා­ත්මක කළ යුතු ප්‍රමු­ඛතා ලෙස හඳුනා ගැනිණි.
  2. ජාතික ආර­ක්ෂාව මෙන්ම පොදුවේ ආර­ක්ෂාව යන ක්ෂේත්‍ර­වල සහ­යෝ­ගි­තාව ශක්ති­මත් කිරීම සඳහා දෙපා­ර්ශ්ව­යම ඔවුන්ගේ කැප­වීම නැවත තහ­වුරු කළහ.

මේ සම්බ­න්ධ­යෙන්, ආර­ක්ෂක සහ­යෝ­ගි­තාව පිළි­බඳ අව­බෝ­ධතා ගිවි­සුම සමා­ලෝ­ච­නය කර අලුත් කිරී­මට, ආර­ක්ෂක නියෝ­ජි­ත­යන් හුව­මාරු කර­ගැ­නීම වැඩි කිරී­මට, විය­ට්නා­මයේ ජාතික ආර­ක්ෂක ඇක­ඩ­මිය සහ ශ්‍රී ලංකාවේ ජෙන­රාල් ශ්‍රීමත් ජෝන් කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලය අතර නියෝ­ජි­ත­යන් හුව­මාරු කර­ගැ­නීම මඟින් ආර­ක්ෂක අධ්‍ය­ය­න­යන්හි සහ­යෝ­ගි­තාව ප්‍රව­ර්ධ­න­යට දෙපා­ර්ශ්වය එකඟ වූහ.

අධ්‍යා­ප­නය සහ පුහු­ණුව, බුද්ධි තොර­තුරු හුව­මා­රුව සහ නියෝ­ජි­ත­යන් හුව­මාරු කර­ගැ­නීම මෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙ­යු­ම්වල අත්දැ­කීම් හුව­මාරු කර­ගැ­නීම සඳහා ද දෙපා­ර්ශ්වය එකඟ වූහ.

ත්‍රස්ත­වා­දය, නීති­වි­රෝධී සංක්‍ර­මණ සහ සයි­බර් අප­රාධ ඇතුළු අන්ත­ර්ජා­තික අප­රා­ධ­ව­ලට එරෙ­හිව සටන් කිරී­මේදී ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව වැඩි­දි­යුණු කිරීමේ වැද­ග­ත්කම ද දෙපා­ර්ශ්වය විසින් අව­ධා­ර­ණය කරන ලදි.

දෙපා­ර්ශ්ව­යේම ධාරිතා වර්ධ­නය කිරීම සඳහා ආර­ක්ෂක කර්මා­න්තයේ සහ­යෝ­ගි­තාව සඳහා ඇති අවස්ථා පිළි­බ­ඳව ද දෙපා­ර්ශ්වය සාක­ච්ඡා­වෙහි නිරත වූහ. ආර­ක්ෂක ක්ෂේත්‍රයේ සහ­යෝ­ගි­තාව සම්බ­න්ධ­යෙන්, විය­ට්නා­මය සහ ශ්‍රී ලංකාව දෙරටේ මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාංශ අතර සබ­ඳතා ශක්ති­මත් කිරී­මට දෙපා­ර්ශ්ව­යම එක­ඟ­තාව පළ කළහ.

  1. විය­ට්නා­මය සහ ශ්‍රී ලංකාව අතර වෙ‍ෙළ­ඳාම සහ ආයෝ­ජන ක්ෂේත්‍රයේ විශාල විභ­වතා පව­තින බවට දෙපා­ර්ශ්ව­යම එකඟ වූහ.

වේග­යෙන් පරි­ණා­මය වන ගෝලීය ආර්ථික පරි­ස­රයේ සන්ද­ර්භය තුළ,  ද්විපා­ර්ශ්වික ආයෝ­ජන ගිවි­සුම සමා­ලෝ­ච­නය කිරීම සහ ද්විපා­ර්ශ්වික වෙ‍ෙළ­ඳාම සහ ආයෝ­ජන සඳහා පහ­සු­කම් සැල­සීම සඳහා විය­ට්නා­මය සහ ශ්‍රී ලංකාව අතර ද්විත්ව බදු­ක­ර­ණය වැළැ­ක්වී­මට ගිවි­සු­ම්ග­ත­වීම ඇතු­ළුව ශක්ති­මත් සහ­යෝ­ගි­තා­වක් ප්‍රව­ර්ධ­නය කිරී­මට දෙපා­ර්ශ්ව­යම එකඟ වූහ.

  1. නුදුරු අනා­ග­ත­යේදී වෙළෙඳ පිරි­වැ­ටුම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 1 දක්වා ගෙන ඒම අර­මුණු කර ගත් වෙළෙඳ පහ­සු­කම් සැප­යීම, තොර­තුරු හුව­මා­රුව, වෙළෙඳ මෙහෙ­යුම් මඟින් ව්‍යාපාර අතර සම්බ­න්ධතා ප්‍රව­ර්ධ­නය කිරීම මෙන්ම ව්‍යාපාර ගැළ­පීම, ප්‍රද­ර්ශන, සම්ම­න්ත්‍රණ වැනි ද්විපා­ර්ශ්වික වෙළෙ­ඳාම වැඩි­දි­යුණු කිරීම සඳහා ප්‍රායෝ­ගික පිය­වර ගැනී­මට දෙපා­ර්ශ්ව­යම එකඟ වූහ.

එකි­නෙ­කාගේ ශක්තීන් මත පද­නම් වෙමින් හා සහ­යෝ­ග­යෙන් කට­යුතු කර­මින්, අන්‍යෝන්‍ය වශ­යෙන් වාසි­දා­යක වෙළෙ­ඳාම හඳුනා ගැනීම සහ අනු­ග­ම­නය කිරී­මට දෙපා­ර්ශ්වය එකඟ වූහ.

  1. දෙරට අතර ශක්ති­මත් ආයෝ­ජන ප්‍රවා­හ­යන් වැඩි­දි­යුණු කිරී­මට නාය­කයෝ එකඟ වූහ. 2025 මාර්තු 31 වැනි දින වන විට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 43කට වඩා වැඩි ලේඛ­න­ගත ප්‍රාග්ධ­න­යක් සහිත ව්‍යාපෘති 33ක් සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ආයෝ­ජන පිළි­බඳ විය­ට්නාම පාර්ශ්වයේ ඇග­යුම හිමි විය.
  2. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විය­ට්නා­මයේ ආර්ථික සංව­ර්ධ­නයේ ස්ථාවර හා ආක­ර්ෂ­ණීය ප්‍රග­තිය පැස­සු­මට ලක් කළේය.

විශේ­ෂ­යෙන් කෘෂි­ක­ර්මා­න්තය, ආහාර සැක­සීම, නිෂ්පා­දන, පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය, ඉලෙ­ක්ට්‍රො­නික හා මෝටර් රථ උපාංග, දේපළ වෙළෙ­ඳාම්, ආග­න්තුක සත්කාර, ඖෂධ අංශ, රෝහල්, දුර­ක­තන සන්නි­වේ­ද­නය, සැප­යුම්, යටි­තල පහ­සු­කම් සහ කාර්මික යටි­තල පහ­සු­කම් යන ක්ෂේත්‍ර සඳහා විය­ට්නා­මයේ සෘජු විදේශ ආයෝ­ජන (FDI) ආක­ර්ෂ­ණය කර ගැනී­මට ශ්‍රී ලංකාව උනන්දු වන බව ප්‍රකාශ කළේය.

  1. දැන­ට­මත් පව­තින ගුවන් සේවා ගිවි­සුම මත පද­නම්ව දෙරට අතර ගුවන් සම්බ­න්ධ­තා­වය වැඩි කිරීමේ වැද­ග­ත්කම පිළි­බ­ඳව නායක දෙපළ එකඟ වූහ.

දෙරට අතර සංචා­රක ව්‍යාපා­රයේ වේග­වත් වර්ධ­න­යක් සහ­තික කිරීම සඳහා ගුවන් සම්බ­න්ධ­තාව ශක්ති­මත් දිරි­ගැ­න්වී­මක් වනු ඇති බවට ඔවුහු එකඟ වූහ.

මේ සම්බ­න්ධ­යෙන්, දෙර­ටේම ගුවන් සේවා­වල ඉක්ම­නින් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම දිරි­ගැ­න්වී­මට දෙපා­ර්ශ්ව­යම එකඟ වූහ. සංචා­රක, ව්‍යාපා­රික සහ දෙරට ජන­තාව අතර සම්බ­න්ධ­තාව වැඩි­දි­යුණු කිරීම සහ විය­ට්නා­මය සහ ශ්‍රී ලංකාව අතර ගමන් පහ­සුව ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා පහ­සු­කම් සැල­සීමේ හැකි­යාව පිළි­බ­ඳව ද දෙපා­ර්ශ්වය සාකච්ඡා කළහ.

  1. කෘෂි­කා­ර්මික අංශයේ සහ­යෝ­ගී­තාව සඳහා පව­තින සුවි­ශේෂී විභ­ව­තාව දෙපා­ර්ශ්ව­යම පිළි­ගත්හ.

විශේ­ෂ­යෙන් ස්වයං­ක්‍රී­ය­ක­ර­ණය, යාන්ත්‍රී­ක­ර­ණය සහ විද්‍යා­ත්මක පර්යේ­ෂණ ක්ෂේත්‍ර­වල සහ පසු අස්වනු සැක­සුම් ක්ෂේත්‍රයේ විය­ට්නා­මය සිය කෘෂි­කා­ර්මික අංශ­යෙන් ඉදි­රි­යට යෑමේදී ලබා ඇති කැපී­පෙ­නෙන ප්‍රග­තිය සැල­කි­ල්ලට ගෙන, කෘෂි­කා­ර්මික නූත­න­ක­ර­ණය දිරි­මත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ උත්සා­හ­යන්ට සහාය වීමට අවශ්‍ය විශේ­ෂ­ඥතා දැනුම බෙදා­ගන්නා මෙන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉල්ලා සිටි­යේය.

  1. විය­ට්නාම කෘෂි­කර්ම ඉංජි­නේරු සහ පසු අස්වනු තාක්ෂණ ආය­ත­නය (VIAEP), ජාතික පසු අස්වනු කළ­ම­නා­ක­රණ ආය­ත­නය (NIPHM) සහ ශ්‍රී ලංකාවේ ගොවි­පොළ යාන්ත්‍රික පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නය (FMRC) අතර, විය­ට්නාම කෘෂි­කර්ම විද්‍යා ඇක­ඩ­මිය සහ ශ්‍රී ලංකාවේ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව සමඟ අඛ­ණ්ඩව සහ­යෝ­ගී­තාව පවත්වා ගනි­මින්, කෘෂි­කා­ර්මික අංශයේ සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම.

අන්‍යෝන්‍ය වර්ධ­නය පෝෂ­ණය කිරීම සහ දෙපා­ර්ශ්ව­ය­ටම වටිනා දැනුම හුව­මා­රුව සඳහා පහ­සු­කම් සැල­සීම සහ 2024-2026 කාලය සඳහා කෘෂි­කා­ර්මික වැඩ සැලැ­ස්මක් පූර්ණ ලෙස ක්‍රියා­ත්මක කිරීම සඳහා එක­ඟ­තාව පළ විය.

කෘෂි­කා­ර්මික අංශයේ වෘත්ති­ක­යන් සඳහා කෙටි­කා­ලීන අධ්‍ය­යන චාරිකා සංවි­ධා­නය කිරී­මට සහ පහ­සු­කම් සැල­සී­මට ද දෙපා­ර්ශ්ව­යම එකඟ වූහ.

  1. පුරා­විද්‍යා ක්ෂේත්‍ර­වල සහ සංස්කෘ­තික කෞතුක වස්තු සංර­ක්ෂ­ණය කිරී­මේදී විය­ට්නා­ම­යට සහාය වීමට ශ්‍රී ලංකා­වෙහි කැමැත්ත ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කර සිටි­යේය.

සහස්‍ර දෙක­කට අධික පොහො­සත් උරු­ම­යක් සහ පුරාණ ස්ථාන සහ කෞතුක වස්තු සංර­ක්ෂ­ණය කිරීමේ පුළුල් අත්දැ­කීම් ඇති ශ්‍රී ලංකාව, සංස්කෘ­තික උරු­මය ආරක්ෂා කිරී­මට සහ සැම­රී­මට විය­ට්නා­මය දරන උත්සා­හ­යන්ට සහාය වීම සඳහා විශේ­ෂ­ඥ­තාව සහ හොඳම පරි­ච­යන් බෙදා හදා ගැනී­මට සූදා­නම්ව බව දැන්වූ අතර විය­ට්නාම් පාර්ශ්වය මෙම දැනුම් පරි­ත්‍යා­ගය ඇග­යුම් සහ­ග­තව පිළි­ග­ත්තේය.

  1. දෙරට අතර සංස්කෘ­තික හා ඓති­හා­සික බැඳීම් නාය­කයෝ අව­ධා­ර­ණය කළහ. 2023දී ශ්‍රී ලංකාව විසින් බායි ඩින් ආධ්‍යා­ත්මික සංකී­ර්ණ­යට පරි­ත්‍යාග කරන ලද පූජ­නීය බෝධි වෘක්ෂයේ පැළය වටා පිටත ප්‍රාකා­රය ඉදි­කි­රීමේ ව්‍යාපෘ­ති­යේදී දෙපා­ර්ශ්වයේ ඒකා­බද්ධ ප්‍රය­ත්න­යට ඔවුහු එකඟ වූහ.

එය සත්‍ය ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ කැට­යම් සහ අද්වි­තීය විය­ට්නාම් – නිර්මා­ණ­යෙන් ඉදි­කළ ප්‍රාකා­ර­යක් වේ. එය දෙරට අතර ශක්ති­මත් සංස්කෘ­තික හා ආධ්‍යා­ත්මික සහ­යෝ­ගී­තා­වට සාක්ෂි­යකි.

  1. 1999දී අත්සන් කරන ලද අධ්‍යා­පන සහ­යෝ­ගීතා ගිවි­සුම අලුත් කිරීම පිළි­බ­ඳව දෙපා­ර්ශ්ව­යම සතුට පළ කළහ.

අලුත් කරන ලද ගිවි­සුම මත පද­නම්ව අධ්‍යා­පන සහ­යෝ­ගී­තාව සඳහා වැඩ සැලැ­ස්මක් අත්සන් කිරී­මට දෙපා­ර්ශ්ව­යම ඊට අදාළ ආය­තන දිරි­මත් කළහ.

දෙරටේ උසස් අධ්‍යා­පන ආය­තන අතර සහ­යෝ­ගි­තාව ශක්ති­මත් කිරීමේ වැද­ග­ත්කම නාය­ක­යන් දෙදෙ­නාම අව­ධා­ර­ණය කළ අතර, විවිධ අධ්‍ය­යන විෂ­යන්හි ශිෂ්‍ය හුව­මාරු වැඩ­ස­ට­හන් සඳහා පහ­සු­කම් සැල­සීම සඳහා අන්‍යෝන්‍ය වශ­යෙන් කැමැත්ත පළ කළහ.

  1. විද්‍යාව, තාක්ෂ­ණය සහ කෘෂි­ක­ර්මය යන ක්ෂේත්‍ර­වල ශිෂ්‍යත්ව අවස්ථා වැඩි කිරීම මඟින් සිසුන් සඳහා අවස්ථා පුළුල් කිරීමේ වැද­ග­ත්කම ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පෙන්වා දුන්නේය. ඊට ප්‍රති­චාර වශ­යෙන්, විය­ට්නාම පාර්ශ්වය බෞද්ධ අධ්‍ය­යන ක්ෂේත්‍රයේ ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනී­මට කැමැත්ත පළ කළේය.
  2. දෙපා­ර්ශ්ව­යම කෘත්‍රිම බුද්ධිය (AI), ඊ-වාණි­ජ්‍යය සහ ඩිජි­ටල් පරි­ව­ර්ත­නය යන ක්ෂේත්‍ර­වල ඔවුන්ගේ ශක්තීන් හඳු­නා­ගත් අතර, තිර­සර සංව­ර්ධ­නය, වැඩි­දි­යුණු කළ මහ­ජන සේවා සැප­යීම සහ නවෝ­ත්පා­ද­නය ප්‍රමුඛ ආර්ථික වර්ධ­නය සඳහා නැඟී එන තාක්ෂ­ණය උප­යෝගී කර ගැනීම සඳහා දෙපා­ර්ශ්වයේ කැප­වීම පෙන්නුම් කළහ.

ධාරිතා වර්ධ­නය, දැනුම හුව­මා­රුව සහ තාක්ෂණ හුව­මා­රුව හරහා සහ­යෝ­ගී­තාව වැඩි වර්ධ­නය කර ගැනී­මට දෙපා­ර්ශ්ව­යම එකඟ වූහ.

  1. දෙරට විසින් කලා­පීය සහ බහු­පා­ර්ශ්වික සංස­ද­ව­ලට ලබා­දෙනු ලබන සමීප සහ­යෝ­ගී­තාව සහ සහ­යෝ­ගය පිළි­බ­ඳව නායක දෙපළ සතුට පළ කළ අතර ගෝලීය දකු­ණට වැද­ගත් වන ගැටලු සම්බ­න්ධ­යෙන් සහ­යෝ­ගී­තාව සහ සම්බ­න්ධී­ක­ර­ණය තව­දු­ර­ටත් පුළුල් කිරී­මට ද එකඟ විය.
  2. එක්සත් ජාතීන්ගේ දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බඳ රාමු­ගත සම්මු­තිය (UNFCCC) මඟින් ප්‍රකාශ කරන ලද පරිදි සාමූ­හික ක්‍රියා­මා­ර්ගයේ වැද­ග­ත්කම යළි තහ­වුරු කළ දෙරට නාය­කයෝ, විශේ­ෂ­යෙන් සීමිත අනු­ව­ර්තන ධාරි­තාව හේතු­වෙන් අස­මා­නු­පා­ති­කව අව­දා­න­මට ලක්ව ඇති සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල් සඳහා ප්‍රවේශ විය හැකි දේශ­ගු­ණික මූල්‍ය­ක­ර­ණ­යක හදිසි අව­ශ්‍ය­තාව අව­ධා­ර­ණය කළහ.

ගෝලීය උණු­සුම ඵල­දායී ලෙස අවම කිරීම සහ මුහුදු මට්ටම ඉහළ යෑම ආදී ගැටලු විස­ඳීම සඳහා නව්‍ය මූල්‍ය­ක­රණ යන්ත්‍රණ සහ දියුණු රට­වල් සිය බැඳීම් ඉටු­කි­රීම ඇතුළු ඒකා­බද්ධ ජාත්‍ය­න්තර ප්‍රය­ත්න­යක් අත්‍ය­වශ්‍ය බව ඔවුහු අව­ධා­ර­ණය කළහ.

  1. 2025දී විය­ට්නා­මයේ හැනො­යි­හිදී එක්සත් ජාතීන්ගේ සයි­බර් අප­රා­ධ­ව­ලට එරෙහි සම්මු­ති­යට අත්සන් තැබී­මට සත්කා­ර­ක­ත්වය සැප­යීමේ අව­ස්ථාව ශ්‍රී ලංකාව සාද­ර­යෙන් පිළි­ගන්නා බවද එහිදී දැන්වීය.
  2. සාමය, ස්ථාව­ර­ත්වය, ආර­ක්ෂාව සහ නාවුක නිද­හස පවත්වා ගැනීමේ වැද­ග­ත්කම ශ්‍රී ලංකාව සහ විය­ට්නා­මය යළි තහ­වුරු කළ අතර ස්ථාවර හා සාම­කාමී ජාත්‍ය­න්තර සමු­ද්‍රීය සාම­යක් පවත්වා ගැනීම සඳහා ජාත්‍ය­න්තර නීති­යට, විශේ­ෂ­යෙන් 1982 එක්සත් ජාතීන්ගේ සමු­ද්‍රීය නීතිය පිළි­බඳ සම්මු­ති­යට (UNCLOS) ගරු කිරීමේ සහ එය පිළි­පැ­දීමේ වැද­ග­ත්කම අව­ධා­ර­ණය කළහ.
  3. අග්නි­දිග ආසි­යාව සහ ආසි­යාන් (ASEAN) සංවි­ධා­නය සමඟ සහ­යෝ­ගී­තාව ඉදි­රි­යට ගෙන­යෑම තම පරි­පා­ල­නය යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රති­ප­ත්තියේ ප්‍රධාන මූල­ධ­ර්ම­යක් බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා දැනුම් දුන්නේය.

විය­ට්නා­මය මෙම ප්‍රති­ප­ත්ති­මය ස්ථාව­රය පිළි­ගත් අතර සමීප සම්බ­න්ධී­ක­ර­ණය සහ සහ­යෝ­ගී­තාවේ අව­ශ්‍ය­තාව අව­ධා­ර­ණය කළේය.

මේ සම්බ­න්ධ­යෙන්, 2023 – 2026 කාලය තුළදී ආපදා සහන පිළි­බඳ අන්තර්-සැසි­වාර රැස්වීමේ සම-සභා­ප­ති­ව­රුන් ලෙස ASEAN කලා­පීය සංස­දය (ARF) තුළ විය­ට්නා­මය සහ ශ්‍රී ලංකාව ඉටු කරන ලද ක්‍රියා­කාරී භූමි­කාව පිළි­බ­ඳව නාය­කයෝ දෙදෙ­නාම සතුට පළ කළහ.

ASEAN ආංශික සංවාද හවු­ල්ක­රු­වකු වීමට ශ්‍රී ලංකාව දක්වන උන­න්දුව ද විය­ට්නාම් පාර්ශ්වයේ සැල­කි­ල්ලට ලක් විය.

  1. සංචා­රය අත­ර­තුර අත්සන් කරන ලද අව­බෝ­ධතා ගිවි­සුම්, එක­ඟතා ගිවි­සුම් මඟින් සුවි­ශේෂී සහ අන්‍යෝන්‍ය වශ­යෙන් උන­න්දු­වක් දක්වන ක්ෂේත්‍ර­වල විය­ට්නා­මය සහ ශ්‍රී ලංකාව අතර ශක්ති­මත් සහ­යෝ­ගී­තා­වක් සඳහා අඩි­තා­ලම දමා ඇති බව­ටත්, බහු­විධ ද්විපා­ර්ශ්වික හවු­ල්කා­රි­ත්වය තව­දු­ර­ටත් ඉහළ නැංවී­මට මඟ­පා­දනු ඇති බව­ටත් නාය­කයෝ එකඟ වූහ.
  2. දෙරට අතර විශිෂ්ට සම්බ­න්ධ­තාව තව­දු­ර­ටත් ප්‍රව­ර්ධ­නය කිරී­මට සහ ඉහළ තල­ය­කට ගෙන ඒමට හැකි වන පරිදි, අන්‍යෝන්‍ය අව­බෝ­ධයේ ආත්මීය හැඟී­මෙන් පැවත්වූ මෙම ඵල­දායී සාකච්ඡා පිළි­බ­ඳව නාය­කයෝ සිය සතුට පළ කළහ.
  3. විය­ට්නාම් රාජ්‍ය සංචා­ර­යේදී ලැබුණු උණු­සුම් පිළි­ගැ­නීම සහ ආග­න්තුක සත්කා­රය වෙනු­වෙන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විය­ට්නාම් රාජ්‍ය­යට, රජ­යට සහ ජන­තා­වට සිය කෘත­ඥ­තාව පළ කළහ.

ප්‍රධාන ලේකම් ටෝ ලැම් සහ ජනා­ධි­පති ලුඕං කුඕං මහ­තාට අන්‍යෝන්‍ය වශ­යෙන් පහසු වේලා­වක ශ්‍රී ලංකා­වට පැමි­ණෙන ලෙස ආරා­ධනා කළේය. එම ආරා­ධ­නය ඔවුන් විසින් ඇග­යුම් සහ­ග­තව පිළි­ගනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT