කොස් ගසක අඩි 70 ක පමණ උසක තිබුණු වරකා ගෙඩියක් හිස මත වැටී කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මවක පසුගියදා (05) මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල පොලිස් වසමේ උඩමාකඩවර, හිඟුල ලිපිනයේ පදිංචිව සිටි 69 හැවිරිදි වහුම්පුරයලාගේගෙදර නන්දාවතී නමැති පස් දරු මවකි.
මියගොස් ඇති මවගේ දරුවන් පස් දෙනාගෙන් සිවු දෙනකු පිරිමි දරුවන් බවත් සෙසු දරුවා දියණියක් බවත් ඔවුන් සියලු දෙනා විවාහක බවත් පොලීසිය කියයි.
මහගෙදර නිෙවසේ ඇය විවාහක බාල පිරිමි දරුවා සමඟ පදිංචිව සිටින බවත් ඉකුත් 23 වැනිදා සවස මරණකාරියගේ හිසට මෙම වරකා ගෙඩිය වැටී ඇති බවත් වාර්තා වෙයි. පසුව මරණකාරියව ඇගේ දරුවන් විසින් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල මහ රෝහලට මාරු කර යවා ඇතැයි ද පැවසෙයි.
මියගිය පස් දරු මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය (06)දා දහවල් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහත්මිය ඉදිරියේ පැවැත්වූ අතර, හිසට වරකා ගෙඩියක් වැටීමෙන් සුෂුම්නාව බිදී සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට එහිදී තීරණය විණි.
මාවනැල්ල පොලීසියේ පොලිස් සැරයන් සරත් බණ්ඩාර (55367) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කළේය.