Friday, May 9, 2025
Home » වරකා ගෙඩි­යක් හිස මත වැටී පස්දරු මව නොඑන ගමන් යයි

වරකා ගෙඩි­යක් හිස මත වැටී පස්දරු මව නොඑන ගමන් යයි

by Gayan Abeykoon
May 8, 2025 1:01 am 0 comment

කෑගල්ල විශේෂ චමින්ද ජය­ලත්

කොස් ගසක අඩි 70 ක පමණ උසක තිබුණු වරකා ගෙඩි­යක් හිස මත වැටී කෑගල්ල මහ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි මවක පසුගියදා (05) මිය ගොස් ඇතැයි මාව­නැල්ල පොලී­සිය පව­සයි.

මෙලෙස මිය­ගොස් ඇත්තේ මාව­නැල්ල පොලිස් වසමේ උඩ­මා­ක­ඩ­වර, හිඟුල ලිපි­නයේ පදිං­චිව සිටි 69 හැවි­රිදි වහු­ම්පු­ර­ය­ලා­ගේ­ගෙ­දර නන්දා­වතී නමැති පස් දරු මවකි.

මිය­ගොස් ඇති මවගේ දරු­වන් පස් දෙනා­ගෙන් සිවු දෙනකු පිරිමි දරු­වන් බවත් සෙසු දරුවා දිය­ණි­යක් බවත් ඔවුන් සියලු දෙනා විවා­හක බවත් පොලී­සිය කියයි.

මහ­ගෙ­දර නි‍ෙවසේ ඇය විවා­හක බාල පිරිමි දරුවා සමඟ පදිං­චිව සිටින බවත් ඉකුත් 23 වැනිදා සවස මර­ණ­කා­රි­යගේ හිසට මෙම වරකා ගෙඩිය වැටී ඇති බවත් වාර්තා වෙයි. පසුව මර­ණ­කා­රි­යව ඇගේ දරු­වන් විසින් මාව­නැල්ල රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර පසු වැඩි­දුර ප්‍ර‍තිකාර සදහා කෑගල්ල මහ රෝහ­ලට මාරු කර යවා ඇතැයි ද පැව­සෙයි.

මිය­ගිය පස් දරු මවගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය (06)දා දහ­වල් කෑගල්ල මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහ­ත්මිය ඉදි­රියේ පැවැත්වූ අතර, හිසට වරකා ගෙඩි­යක් වැටී­මෙන් සුෂු­ම්නාව බිදී සිදු වූ හදිසි අන­තුරු මර­ණ­යක් බවට එහිදී තීර­ණය විණි.

මාව­නැල්ල පොලී­සියේ පොලිස් සැර­යන් සරත් බණ්ඩාර (55367) නිල­ධා­රියා විම­ර්ශන කට­යුතු සිදු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT