Home » ස්ථාන දෙක­කදී දෙදෙ­නෙක් දියේ ගිලෙති අයෙක් මරුට: අනෙකා අතු­රු­දන්

ස්ථාන දෙක­කදී දෙදෙ­නෙක් දියේ ගිලෙති අයෙක් මරුට: අනෙකා අතු­රු­දන්

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

මලිඳු තෙන්න­කෝන්

ගල්වල ප්‍රදේ­ශයේ මාළු අල්ල­මින් සිටි පුද්ග­ල­යකු දියේ ගිලී අතු­රු­දන් වීමක් සහ නාවි­ල්ආරු පාල­මෙන් පුද්ග­ල­යකු ඇද­වැටී දියේ ගිලී මිය­යෑ­මක් පිළි­බඳ වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාස සඳ­හන් කරයි.

ඒ අනුව පසු­ගි­යදා (05) සවස් කාලයේ හිඟු­ර­ක්ගොඩ පොලිස් වසමේ ගල්වල ප්‍රාදේ­ශයේ මාළු අල්ල­මින් සිටි පුද්ග­ල­යකු දියේ ගිලී අතු­රු­දන් වූ බවට හිඟු­ර­ක්ගොඩ පොලිස් ස්ථානට ලද පැමි­ණි­ල්ලක් මත විම­ර්ශන ආරම්භ කර තිබේ. මෙහිදී අතු­රු­දන් වූ පුද්ග­ලයා වයස අවු­රුදු 44ක් වූ රිකි­ල්ල­ග­ස්කඩ, හේවා­හැට ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බව සඳ­හන් වෙයි. අතු­රු­දන් වූ පුද්ග­ලයා සොයා හිඟු­ර­ක්ගොඩ පොලී­සිය වැඩි­දුර විම­ර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පැව­සීය. තවද පසු­ගිය දා (04) පොතු­විල් පොලිස් වසමේ නාවි­ල්ආරු පාල­මෙන් පුද්ග­ල­යකු ඇද­වැටී දියේ ගිලී මිය­ගොස් ඇති බව වාර්තා වෙයි. මේ පිළි­බ­ඳව පොතු­විල් පොලිස් ස්ථාන­යට ලද පැමි­ණි­ල්ලක් මත විම­ර්ශන ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය අංශය පව­සයි. මෙලෙස අන­තු­රට පත්වී ඇත්තේ වයස අවු­රුදු 56ක් වූ සොරි­ක­ල්මූණ, චව­ල­කඩේ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි. මිය­ගිය පුද්ග­ලයා තවත් පිරි­සක් සමඟ කල්මුණේ ප්‍රදේ­ශයේ සිට විනෝද චාරි­කා­වක් සඳහා පොතු­විල් ප්‍රදේ­ශ­යට පැමිණ සිටි­යදී මෙම අන­තු­රට ලක් වී ඇති බව විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

මේ පිළි­බ­ඳව පොතු­විල් පොලී­සිය දැඩි දුර විම­ර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය පව­සයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT