61
අනුරාධපුර මාර්ගයේ නෙළුම්පත් වැව හන්දිය අසලදී පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී කුඩා දැරියක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
මියගිය දැරිය වයස අවුරුදු 08ක් වූ අඹන්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. දැරිය මාර්ගය හරහා දිවයෑමේදී පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී අනතුරට පත්වී තිබේ. දැරිය, නෙළුම්පත් වැව හන්දිය අසලදී මෙලෙස අනතුරට ලක් වී තිබේ. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන අඹන්පොළ පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.