Thursday, May 8, 2025
Home » පාදෙ­ණියේ සිට අනු­රා­ධ­පුර දෙසට ගිය ලොරි­යක ගැටී කුඩා දැරි­යක් මරු දකී

පාදෙ­ණියේ සිට අනු­රා­ධ­පුර දෙසට ගිය ලොරි­යක ගැටී කුඩා දැරි­යක් මරු දකී

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

මලිඳු තෙන්න­කෝන්

අනු­රා­ධ­පුර මාර්ගයේ නෙළු­ම්පත් වැව හන්දිය අස­ලදී පාදෙ­ණිය දෙස සිට අනු­රා­ධ­පුර දෙසට ධාව­නය වූ ලොරි රථ­යක ගැටී කුඩා දැරි­යක් මිය­ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය පැව­සීය.

මිය­ගිය දැරිය වයස අවු­රුදු 08ක් වූ අඹ­න්පොළ ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­නි­යකි. දැරිය මාර්ගය හරහා දිව­යෑ­මේදී පාදෙ­ණිය දෙස සිට අනු­රා­ධ­පුර දෙසට ධාව­නය වූ ලොරි රථ­යක ගැටී අන­තු­රට පත්වී තිබේ. දැරිය, නෙළු­ම්පත් වැව හන්දිය අස­ලදී මෙලෙස අන­තු­රට ලක් වී තිබේ. අන­තු­රට සම්බන්ධ ලොරි රථයේ රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන අඹ­න්පොළ පොලී­සිය මඟින් වැඩි­දුර විම­ර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය වැඩි­දු­ර­ටත් පැව­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT