බලය අඩු පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීම පිණිස කිසිම කණ්ඩායමක් සමඟ එක්වීමේ අපේක්ෂාවක් නැති බවත් එම කණ්ඩායම් යනු පසුගිය කාලය පුරා සිදු වූ අපරාධ, වංචාවන්ට සහාය දැක්වූ කණ්ඩායම්වල බෙදී විසිරුණු කණ්ඩායම් බවත් නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පත්තලගෙදර සියනෑ ගුරු විදුහල් පරිශ්‍රයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා එසේ පැවසීය.
එහිදී තවදුරටත් මහින්ද ජයසිංහ මහතා මෙසේද කීය.
Òමේ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහනවයම ජයග්‍රහණය කර තිබෙනවා. බොහෝ සභාවල සියයට පනහක්, හැටක් වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කය වාර්තාගත ලෙස ජයග්‍රහණය කිරීමට හැකිව තිබෙනවා.
අපට මේ ආයතන සියල්ලෙහිම බලය පිහිටුවීමට ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ආයතන දෙකක පමණක් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකතුවේ යම් වැඩිවීමක් ඇතත් ඒ දෙකෙහිම බහුතර වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව තියෙන්නේ අපට. අපි හිතනවා මේ සභා දහනවයෙම බලය පිහිටුවා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් පත් කිරීමේ හැකියාව ඇති බව. අපි පසුගිය කාලය පුරා අවධාරණය කළා, රජයේ වැඩපිළිවෙළ සහ ආණ්ඩුවේ ගමන් මඟ සමඟ යා හැකි ප්‍රාදේශීය සභා, නගර සභා හදමු කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ඊට ඇහුම්කන්දී හොඳ ප්‍රතිඵලයක් ලබාදී තිබෙනවා. මේ ගැන සතුටුයි. ඒ ජනතාවට ගෞරවය සහ ප්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් තියනවා. ඡන්දය පැවති දිනය රජයේ වැඩ කරන දිනයක් වීමත් ඡන්දය ප්‍රකාශ කිරීම අඩුවීමට හේතුවක් වෙන්නත් ඇති. ඡන්දය ප්‍රකාශ කිරීම අඩුවීම, රජය කෙරෙහි ඇති අප්‍රසාදයක් හෝ අකමැත්තක් නිසා නොවෙයි.