Thursday, May 8, 2025
Home » සභාවල බලය පිහි­ටු­වන්න දූෂිතයන් සමඟ එකතු වන්නේ නෑ

සභාවල බලය පිහි­ටු­වන්න දූෂිතයන් සමඟ එකතු වන්නේ නෑ

නියෝජ්‍ය ඇමැති මහින්ද ජය­සිංහ

by Gayan Abeykoon
May 8, 2025 1:07 am 0 comment

ගම්පහ අති­රේක සහ කොට­දෙ­ණි­යාව සමූහ එම්. පුෂ්ප­කු­මාර

බලය අඩු පළාත් පාලන ආය­ත­න­යන්හි බලය පිහි­ටු­වීම පිණිස කිසිම කණ්ඩා­ය­මක් සමඟ එක්වීමේ අපේ­ක්ෂා­වක් නැති බවත් එම කණ්ඩා­යම් යනු පසු­ගිය කාලය පුරා සිදු වූ අප­රාධ, වංචා­වන්ට සහාය දැක්වූ කණ්ඩා­ය­ම්වල බෙදී විසි­රුණු කණ්ඩා­යම් බවත් නියෝජ්‍ය ඇමැති මහින්ද ජය­සිංහ මහතා සඳ­හන් කළේය. පළාත් පාලන මැති­ව­ර­ණයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රති­ඵ­ලය ප්‍රකාශ කිරී­මෙන් අන­තු­රුව පත්ත­ල­ගෙ­දර සියනෑ ගුරු විදු­හල් පරි­ශ්‍ර­යේදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා එසේ පැව­සීය.

එහිදී තව­දු­ර­ටත් මහින්ද ජය­සිංහ මහතා මෙසේද කීය.

Òමේ මැති­ව­ර­ණ­යෙන් ගම්පහ දිස්ත්‍රි­ක්කයේ පළාත් පාලන ආය­තන දහ­න­ව­යම ජය­ග්‍ර­හ­ණය කර තිබෙ­නවා. බොහෝ සභා­වල සිය­යට පන­හක්, හැටක් වශ­යෙන් ගම්පහ දිස්ත්‍රි­ක්කය වාර්තා­ගත ලෙස ජය­ග්‍ර­හ­ණය කිරී­මට හැකිව තිබෙ­නවා.

අපට මේ ආය­තන සිය­ල්ලෙ­හිම බලය පිහි­ටු­වී­මට ගැට­ලු­වක් ඇති­වන්නේ නැහැ. ආය­තන දෙකක පම­ණක් විපක්ෂ මන්ත්‍රී­ව­රුන්ගේ එක­තුවේ යම් වැඩි­වී­මක් ඇතත් ඒ දෙකෙ­හිම බහු­තර වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව තියෙන්නේ අපට. අපි හිත­නවා මේ සභා දහ­න­ව­යෙම බලය පිහි­ටුවා සභා­ප­ති­ව­රුන්, නග­රා­ධි­ප­ති­ව­රුන් පත් කිරීමේ හැකි­යාව ඇති බව. අපි පසු­ගිය කාලය පුරා අව­ධා­ර­ණය කළා, රජයේ වැඩ­පි­ළි­වෙළ සහ ආණ්ඩුවේ ගමන් මඟ සමඟ යා හැකි ප්‍රාදේ­ශීය සභා, නගර සභා හදමු  කියලා. ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ජන­තාව ඊට ඇහු­ම්කන්දී හොඳ ප්‍රති­ඵ­ල­යක් ලබාදී තිබෙ­නවා. මේ ගැන සතු­ටුයි. ඒ ජන­තා­වට ගෞර­වය සහ ප්‍රණා­මය පුද කිරී­මට මෙය අව­ස්ථා­වක් කර ගන්නවා. සාමා­න්‍ය­යෙන් පළාත් පාලන මැති­ව­ර­ණ­ව­ලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩු­වක් තිය­නවා. ඡන්දය පැවති දිනය රජයේ වැඩ කරන දින­යක් වීමත් ඡන්දය ප්‍රකාශ කිරීම අඩු­වී­මට හේතු­වක් වෙන්නත් ඇති. ඡන්දය ප්‍රකාශ කිරීම අඩු­වීම, රජය කෙරෙහි ඇති අප්‍ර­සා­ද­යක් හෝ අක­මැ­ත්තක් නිසා නොවෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT