117
පානදුර සංචාරක හෝටලයක් ඉදිරිපිට මුහුදු වෙරළට අඩි 18 ක් පමණ දිගැති තල්මසෙකුගේ සිරුරක් අද (08) උදැසන ගොඩ ගසා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ධීවරයින් තල්මස් සිරුර දැක ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව අත්තිඩිය වනජිවී නිළධාරින් දැනුවත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
දින කිහිපයකට පෙර මෙම සත්වයා මිය යන්නට ඇති බවටද සැකකෙරේ.