Thursday, May 8, 2025
Home » ජන­තාව ප්‍රති­ක්ෂේප කළ පක්ෂ සමඟ සන්ධා­න­ග­තව අපි සභා පිහි­ටු­වන්නේ නෑ

ජන­තාව ප්‍රති­ක්ෂේප කළ පක්ෂ සමඟ සන්ධා­න­ග­තව අපි සභා පිහි­ටු­වන්නේ නෑ

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් කියයි

by Gayan Abeykoon
May 8, 2025 1:20 am 0 comment

සන්ධ්‍යා කරු­ණා­රත්න

ජන­තාව ප්‍රති­ක්ෂේප කරන කිසිම පක්ෂ­යක් සමඟ සන්ධා­න­ග­තව සභා පිහි­ටු­වී­මට ජාතික ජන බල­වේ­ගය කට­යුතු නොක­රන බවත් ස්වාධී­නව තරග කර ජය­ග්‍ර­හ­ණය කළ ජාතික ජන බල­වේ­ගය සමඟ එක්ව කට­යුතු කිරී­මට කැමැ­ත්තක් දක්වන ස්වාධීන පක්ෂ සමඟ එක්ව සභා පිහි­ටු­වී­මට පිය­වර ගන්නා බවත් ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැව­සීය.

පැල­වත්ත ජවිපෙ පක්ෂ මූල­ස්ථා­නයේ ඊයේ (07) පැවති මාධ්‍ය හමු­වට සහ­භාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටි­යේය. ඒ මහතා මෙසේද පැව­සීය.

පළාත් පාලන ආය­තන බහු­තර සංඛ්‍යා­වක් ජය­ග්‍ර­හ­ණය කිරී­මට අපට හැකි වුණා. ජාතික ජන බල­වේ­ගය ගැන ජන­තාව නැවත වරක් විශ්වා­සය තබා තහ­වුරු කිරී­මක් මේ මැති­ව­ර­ණ­යෙන් පෙන්නුම් කර­නවා. මේ මැති­ව­රණ ප්‍රති­ඵ­ලය ගැන විවිධ පක්ෂ ඒ ඒ අයට වාසි වෙන විදි­හට විවිධ විග්‍රහ කිරීම් කර­නවා. ඒ කුමන විග්‍රහ කළත් මාලි­මාව පළාත් පාලන ආය­තන ජය­ග්‍ර­හ­ණය කර තිබෙ­නවා. මාලි­මාව ජය­ග්‍ර­හ­ණය කර­වී­මට උදවු කළ සිය­ලු­දෙ­නාට ස්තුති කරන්න මම මෙය අව­ස්ථා­වක් කර ගන්නවා. මේ මැති­ව­රණ ප්‍රති­ඵ­ලය පසු­ගිය මැති­ව­රණ ප්‍රති­ඵල සමඟ සංස­න්ද­න­යට ඇතැම් පිරිස් උත්සාහ කර­නවා. ඒක සුදුසු ක්‍රියා­වක් නොවෙයි. මොකද ජනා­ධි­ප­ති­ව­ර­ණය, මහ­මැ­ති­ව­ර­ණය කියන්නේ පළාත් පාලන මැති­ව­ර­ණ­යට වඩා වෙනස් වූ මැති­ව­රණ දෙකක්. ඉතින් ඒවාත් එක්ක සංස­න්ද­නය කිරීම නිවැ­රදි නැහැ. කෙසේ වෙතත් තනි පක්ෂ­යක් ලෙස ජාතික ජන බල­වේ­ගය විශාල ජය­ග්‍ර­හ­ණ­යක් මේ මැති­ව­ර­ණ­යෙන් ලබා තිබෙ­නවා. සියලු ආය­තන 339කින් ආය­තන 254කට වැඩි ප්‍රමා­ණ­යක මන්ත්‍රී සංඛ්‍යා­වක් ජය­ග්‍ර­හ­ණය කරන්න අපි සමත් වෙලා තිබෙ­නවා. දේශ­පා­ල­නි­කව බැලූ­විට මේ මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කර තිබෙන්නේ මාලි­මාවේ අපි. ජන­තාව මාලි­මාව විශ්වාස කර තිබෙ­නවා. මේ පළාත් පාලන ආය­තන භාර දිය යුතු මාලි­මා­වට කියන එක ජන­තාව විශ්වාස කර තිබෙ­නවා. අපි ජය­ග්‍ර­හ­ණය කර තිබෙන සියලු ආය­ත­න­වල සභා පිහි­ටුවා අපි  සැල­සුම් කර තිබෙන ව්‍යාපෘති, රට වෙනස් කිරීමේ කාර්ය, පාර්ලි­මේ­න්තු­වෙන් පට­න්ගත් දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කිරීමේ කාර්යය ගම දක්වා ගෙන යාමට පුළු­ව­න්කම තිබෙ­නවා. මේ මැති­ව­ර­ණය ප්‍රාදේ­ශී­ය­ක­ර­ණය වූවක්. ගමේ ඥාතියා, හිත­වතා, අස­ල්වැ­සියා කියන හැඟීම ඇතිව ගමේ ජන­තාව පක්ෂ­යක් නොබලා අර හිත­ව­තාට, අස­ල්වැ­සි­යාට ඡන්දය දෙන්න පෙල­ඹෙ­නවා. මේ මැති­ව­ර­ණය ජාතික මැති­ව­ර­ණ­යට වඩා වෙනස්. පළාත් පාලන මැති­ව­ර­ණයේ දී ඡන්දය භාවිත කිරීමේ අඩු­වක් තිබෙ­නවා. මේ මැති­ව­රණ ක්‍රම­යේත් කිසි­යම් ගැට­ලු­වක් තිබෙ­නවා. බහු­ත­ර­යක් දිනා ගත් පක්ෂ­යට සභාව පිහි­ටු­වීමේ අව­ස්ථාව නැති කරන අව­ස්ථා­වක් මේ මැති­ව­රණ ක්‍රමයේ තිබෙ­නවා. විප­ක්ෂයේ පක්ෂ ටික එක්වෙලා සභා පිහි­ටු­වී­මට උත්සාහ කළත් එය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නොවෙයි. මොකද ජන­තාව ඒවා පරා­ජය කළ පක්ෂ. ඉතින් ඒවා එක්වෙලා සභාව පිහි­ටු­වීම සුදුසු වෙන්නේ නැහැ. පරා­ජය කළ පක්ෂ පරා­ජය භාර ගත යුතුයි. මැති­ව­රණ ක්‍රමයේ පව­තින දුර්ව­ල­තා­වක් එය. 2018 වස­රේදී පළාත් පාලන ආය­තන ජය­ග්‍ර­හ­ණය කළේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ. ඒ පෙර­මුණ ජය ගත් ආය­තන සංඛ්‍යා­වට වඩා වැඩි සංඛ්‍යා­වක් අපි මෙවර ජය­ගෙන තිබෙ­නවා. දෙහි­වල ගල්කිස්ස, කෝට්ටේ, කැස්බෑව, මාතර, පාණ­දුර යනා­දියේ කොට්ඨාස සිය­ල්ලක්ම මාලි­මා­වට ජය ගන්න හැකි වුණා. අපි ශක්ති­මත් ජය­ග්‍ර­හ­ණ­යක් ලබා තිබෙ­නවා. රට සංව­ර්ධ­නය කිරී­මට අපට මේ ජය­ග්‍ර­හ­ණය ප්‍රමා­ණ­වත්.

වංචා, දූෂණ නැති ආණ්ඩු­වක් නිර්මා­ණය කළා. වංචා දූෂණ නැති ප්‍රාදේ­ශීය සභා, නගර සභා හැදීමේ කාර්යය කරන්න වුව­ම­නාව තිබෙ­නවා. කොන්ත්‍රා­ත්ව­ලින් හම්බ කරන්නේ නැති, පගා ගහන්නේ නැති පාල­න­යක් පළාත් සභා­වල නිර්මා­ණය කිරී­මට අව­ශ්‍යයි. ඒ වගේම මහ­ජන මුදල් නාස්ති නොකර ජන­තා­වට සේවය කිරීමේ සංස්කෘ­තිය පට­න්ගෙන තිබෙ­නවා. ඒ සේවය අපට ගම­ටත් ගෙනි­යන්න පුළු­ව­න්කම තිබෙ­නවා. රටක් ලෙස පට­න්ගත් දේශ­පා­ලන සංස්කෘ­තියේ වෙන­ස්කම්, වංචා දූෂ­ණ­ව­ලින් තොරව පාල­නය කිරීම, මහ­ජන මුදල් සොර­කම් නොකි­රීම, නාස්ති නොකි­රීම වැනි වටිනා දේවල් බිමට ගෙනත් ගම තුළත් එය තහ­වුරු කර, රට අලුත්ම දිසා­ව­කට ගෙන­යෑ­මට මේ ජය­ග්‍ර­හ­ණය ඉව­හල් වෙනවා. ජන­තාව පක්ෂ­යක් ලෙස මාලි­මාව ගැන විශ්වා­සය තබා, අනු­මත කර, මාලි­මා­වට බලය ලබා දී තිබෙ­නවා. ඒ නිසා අපට ජය­ග්‍රා­හීව ඉදිරි ගමන යාහැ­කිව තිබෙ­නවා.

ඉදි­රි­යේදී සභා පිහි­ටුවා ගනි­මින්, ජන­තාව අප කෙරෙහි තැබූ විශ්වා­සය ආරක්ෂා කර ගනි­මින්, මේ රට වෙනස් කිරී­මට දරන ප්‍රය­ත්න­යට තවත් ශක්තිය එකතු කර ගනි­මින් කිසි­යම් හෝ දුර්ව­ලතා තිබෙ­නවා නම්, ඒවා වෙනස් කර ගනි­මින් ඉදි­රි­යට යෑමට අප සූදා­නම්. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ­දිත්, මහ­මැ­ති­ව­ර­ණ­යේ­දීත්, ජය­ග්‍ර­හ­ණය ලබා­දෙ­මින් විප­ක්ෂයේ බොරු, බේගල් පැත්ත­කට දමා මාලි­මා­වට ජය­ග්‍ර­හ­ණය ලබාදී තිබෙ­නවා.

අපි මැති­ව­රණ සංස්කෘ­තිය වෙනස් කර තිබෙ­නවා. අපි රාජ්‍ය බලය යෙද­වූයේ නැහැ. රජය මැදි­හත් වෙලා ගැටුම් නිර්මා­ණය කළේ නැහැ. මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම, මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම අඩුම ඡන්ද­යක් අපි පැවැ­ත්වූවා. ප්‍රචණ්ඩ ක්‍රියා දෙක තුනක සිදු­වීම් වුණත් එය මාලි­මා­වට එරෙ­හිව යොදා ගත් ක්‍රියා. පොලො­න්න­රුවේ කණ්ඩා­යම් නාය­ක­යාගේ නි‍ෙව­සට ප්‍රහා­ර­යක් එල්ල කර වාහ­න­යට ගිනි තැබුවා. යාප­නයේ අපේ අපේ­ක්ෂ­ක­ය­කුට පහර දුන්නා. එවැනි කුඩා සිදු­වීම් කිහි­ප­යක් හැරුණු විට, අපට ඉති­හා­සයේ කළ බඩු බෙද­මින්, (සිල් රෙදි බෙදීම් වැනි) ක්‍රියා නොකර නිද­හසේ ඡන්දය දෙන්න අව­ස්ථාව උදා­කර දෙන්න හැකි­යාව ලැබුණා. මේ සියලු තත්ත්ව­යන් යටතේ වුවත් අපට විශාල ජය­ග්‍ර­හ­ණ­යක් අත්පත් කර ගැනී­මට හැකි­යාව ලැබී තිබෙ­නවා. මේ ජය­ග්‍ර­හ­ණය ලබා දීමට කට­යුතු කළ සියලු දෙනාට නැව­තත් ස්තුති කර­නවා.

ජාතික ජන බල­වේ­ගයේ ප්‍රධාන ලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී විශේ­ෂඥ වෛද්‍ය නිහාල් අබේ­සිංහ මහතා –  පළාත් පාලන මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල අනුව ජාතික ජන බල­වේ­ගය ජය­ග්‍ර­හ­ණය ලබා තිබෙ­නවා. පසු­ගිය මාස 8ක කාල සීමා­ව­කදී තුන් වැනි වරට ජාතික ජන බල­වේ­ගය ගැන විශ්වාස කර­මින් ජය­ග්‍ර­හ­ණය ලබාදී තිබෙ­නවා. මේ පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ අවු­රුදු හත­කට පසු­වයි. මේ මැති­ව­ර­ණය අව­සන් වරට පැවැ­ත්වූයේ 2018දී. පූර්ව මැති­ව­රණ සමය ඉතා­මත් සාම­කා­මීයි. පශ්චාත් මැති­ව­රණ කාල­යත් ඉතාම සාම­කා­මීයි.

මේ මැති­ව­ර­ණයේ සමා­නු­පා­තික ක්‍රමය හරහා අනෙ­කුත් පක්ෂ­ව­ල­ටත් සභි­ක­යන් ලැබෙ­නවා. මේ නිසා සභා පිහි­ටු­වී­මේදී කිසි­යම් බල තුල­න­යක් කර ගත යුතුයි. ජාතික ජන බල­වේ­ගය ජය­ග්‍ර­හ­ණය කළ සෑම පළාත් පාලන ආය­ත­න­ය­කම ජාතික ජන බල­වේ­ගයේ නාය­ක­ත්ව­යෙන් සභාව පිහි­ටුවා ගැනී­මට කට­යුතු කර­නවා. පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු, පළාත් පාලන ආය­තන, නගර සභා, ප්‍රාදේ­ශීය සභා, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල හරහා, තමයි කොට්ඨා­ස­වල සංව­ර්ධන කට­යුතු කෙරෙන්නේ. එම සංව­ර්ධන කට­යුතු කිරී­මේදී මේ පළාත් පාලන මැති­ව­රණ හරහා අපි ලබා ගත් ජය­ග්‍ර­හණ වැද­ගත්. අපේ කොට්ඨා­ස­වල අත­පසු වුණු විවිධ කාර්ය­යන් කර ගැනී­මට ඉදි­රි­යේදි අව­ස්ථාව උදා­වෙ­නවා. ජන­තා­වගේ අව­ශ්‍යතා ඉටු­කි­රී­මේදී සියලු සභා­වල සභි­ක­යන් ජාතික ජන බල­වේ­ගයේ නාය­ක­ත්ව­යෙන් සභා­වල කෙරෙන කට­යු­තු­ව­ලදී අප සමඟ සහ­යෝ­ග­යෙන් වැඩ කරනු ඇතැයි අපි විශ්වාස කර­නවා.

කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහ­ත්මිය-

පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී දාය­ක­ත්වය ලබා­දුන් සියලු දිස්ත්‍රි­ක්ක­වල, අපත් සමඟ එකතු වී වැඩ කළ සංවි­ධා­න­ව­ලට, ඡන්දය දුන් සියලු ජන­තා­ව­ටත්, පක්ෂයේ සියලු දෙනා­ටත් ස්තුති­වන්ත වෙනවා. අපි ජන­තා­වට පොරොන්දු වූ පරිදි, මධ්‍යම රජ­යෙන් ගනු ලැබූ තීරණ වගේම, ප්‍රාදේ­ශීය මැති­ව­ර­ණ­යේ­දිත් ජන­තාව සමඟ එක­ඟ­තා­ව­කට ආවා. අපි ජන­තා­වට පොරොන්දු ලබා දුන්නා. මේ ප්‍රදේශ සංව­ර්ධ­නය කරන්නේ කෙසේද, ජන­තා­වට අවශ්‍ය සනී­පා­ර­ක්ෂාව, සෞඛ්‍ය දියුණු කිරීම, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය සහ ප්‍රදේ­ශයේ මූලික මිනිස් අව­ශ්‍යතා වෙනු­වෙන් අපි ඉලක්ක කළ යුත්තේ කොහො­මද? “ක්ලීන් ශ්‍රී ලංකා” හරහා ගම් නගර දියුණු කරන එක මේ පළාත් පාලන ආය­ත­න­වල ක්‍රියා­ව­ලි­යත් එක්ක අපි ඉතා ඉක්ම­නින් වැඩ ආරම්භ කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.

පාර්ලි­මේ­න්තුවේ සභා­නා­යක, ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා –

උතුරු, නැඟෙ­න­හිර සභා­වක් පිහි­ටු­වී­මට කිසිම දේශ­පා­ලන පක්ෂ­ය­කට සම්පූර්ණ බලය ලැබී නෑ. ජාතික ජන බල­වේ­ගය ලෙස ගත්තොත් අපට මන්ත්‍රී ධුර 150ක් උතුරු පළා­තෙන් ලැබී තිබෙ­නවා. දැනට තිබෙන ප්‍රති­ඵල අනුව මන්නා­රම් දිස්ත්‍රි­ක්කයේ සහ වවු­නි­යාව දිස්ත්‍රි­ක්කයේ වැඩිම සභික සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා­ගෙන තිබෙ­නවා. ඒ වගේම යාප­නය දිස්ත්‍රි­ක්කයේ මන්ත්‍රී ධුර 81ක් සමඟ වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් තිබෙ­නවා. අපට ප්‍රාදේ­ශීය සභා­වක් උතුරු පළාතේ තිබී නැහැ.

වවු­නි­යාවේ එක සභා­වක්. මන්ත්‍රී ධුර 150ක් ලැබීම ඉති­හා­ස­ගත වන අව­ස්ථා­වක්. අවු­රුදු සිය­යක් පමණ පාර­ම්ප­රි­කව පාල­නය කළ පක්ෂ බිඳ වැටී තිබෙ­නවා. නැඟෙ­න­හිර පළා­තෙත් ප්‍රාදේ­ශීය දේශ­පා­ලන පක්ෂ­වල බලය විශාල වශ­යෙන් තිබූ පළා­තක්. ජාතික දේශ­පා­ල­නයේ නැති වුණාට ප්‍රදේශ තුළ, ජාති­ක­ත්ව­යන් තුළ හදා­ගත් පක්ෂ තමයි තිබෙන්නේ. 2018 සාපේ­ක්ෂව ගත්තොත් අපි ඒ මුළු පළා­තෙන්ම පිමි ගණ­නා­ව­කින් ඉස්ස­ර­හට ඇවිත් තිබෙ­නවා.

ජාතික දේශ­පා­ල­නයේ සහ ප්‍රාදේ­ශීය දේශ­පා­ල­නයේ විශාල වෙන­සක් තිබෙ­නවා. ජාතික ජන බල­වේ­ගය හැරුණු විට අනෙ­කුත් පක්ෂ අවු­රුදු 20ක් 25ක් පැරණි දේශ­පා­ල­නය කරපු, සභා­ප­ති­කම් කරපු, මන්ත්‍රී­කම් කරපු අය තමයි අපේ­ක්ෂ­ක­යන් වී ඉන්නේ. කොට්ඨාස ක්‍රමය නිසා කිසි­යම් බල­පෑ­මක් තිබෙ­නවා. කාල­යක් සිටි අයට අම­තර වාසි­යක්ද තිබෙ­නවා. දැන­ට­මත් තිබෙන සාකච්ඡා තොර­තුරු අනුව, උතුරු පළා­තෙත්, නැඟෙ­න­හිර පළා­තෙත් සභා ගණ­නා­වක් ජාතික ජන බල­වේ­ගයේ සභා පිහි­ටු­වන්න පුළු­වන් වේවි. අපි බලා­පො­රොත්තු වෙනවා මේ ප්‍රති­ඵ­ල­යත් එක්ක ඉදි­රි­යට යන්න. සමස්ත ලංකා­වේම 2018දී අපට ප්‍රාදේ­ශීය සභා බල­යක් තිබුණේ නැහැ.

එතැ­නින් පසුව අද 250කට වඩා බල­යක් ලබා තිබෙන්නේ. මේ අව­ස්ථාවේ එයත් සැල­කි­ල්ලට ගත යුතුයි.

උතුරු සහ නැඟෙ­න­හිර පළාත වගේම අනෙක් පළා­ත්ව­ලත් බිම් මට්ටමේ බලය ශක්ති­මත් කර­ගෙන තිබෙ­නවා. කොට්ඨාස අති­වි­ශාල ප්‍රමා­ණ­යක් ජය­ග්‍ර­හ­ණය කර තිබී­මෙන් ආණ්ඩුවේ දේශ­පා­ලන බල­යත්, ආණ්ඩුවේ සංව­ර්ධන ක්‍රියා­ව­ලි­යත් ඉතාම පහ­සු­වෙන් කරන්න හොඳ අව­ස්ථා­වක් උදා­වෙලා තිබෙ­නවා. අපේ අනා­ගත නාය­ක­ත්ව­යන් පුරුදු කරන්න අව­ශ්‍යව තිබෙ­නවා. සියලු මන්ත්‍රී­වරු සංඛ්‍යාව හාර­ද­හ­ස­කට ආස­න්නයි.

ඒක අපට විශාල ශක්ති­යක්. තරුණ පිරිස්, කාන්තා­වන් විශාල පිරි­සක් එකතු වෙනවා. මේ මැති­ව­ර­ණ­යෙන් අපි සැල­කිය යුතු අඩි­තා­ල­මක් දමා­ගෙන තිබෙ­නවා.

ඡායා­රූප

දුෂ්මන්ත මායා­දුන්න සහ වාසිත පට­බැ­ඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT