මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය පහත වැටී තිබෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
“මේ වනවිට ආණ්ඩුව පිහිටුවලා මාස 5කට වැඩි කාලයක් ගෙවි ගොස් තිබෙනවා. ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ මතය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රකාශ කරන්න ජනතාව කටයුතු කර තිබෙනවා. ආණ්ඩුව පත් වෙලා මාස 5කට පමණ පසුව පැවැත් වූ පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව රජය ප්‍රතික්ෂේප කර තිබෙන තත්ත්වයක් දකින්න ලැබෙනවා. ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් ජයග්‍රහණය කළ පක්ෂ පළාත් පාලන ආයතනත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබෙනවා. නිකුත් වී තිබෙන මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය පහත වැටී තිබෙනවා. ඒ වගේම මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය 68 ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.
නමුත් පළාත් පාලන මැතිවරණයේදී ශීඝ්‍ර ලෙස පහත බැස තිබෙනවා. මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය සියයට 62ක් ඡන්ද ලබාගෙන තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය සියයට 43 බැස තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය මහමැතිවරණයේදී සියයට 18ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණා. පළාත් පාලන මැතිවරණයේදී සියයට 22කට වැඩි ප්‍රමාණයක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්න සමගි ජන බලවේගයට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම විපක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂත් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වී තිබෙනවා. ජනාධිපතිවරණයේදී මෙන්ම සුළුතරයක් තමයි ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදී තිබෙන්නේ. මහමැතිවරණයේදී ආණ්ඩුවට ලැබුණු ජන වරම මෙහිදී අහෝසි වී තිබෙනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය විපක්ෂය ලැබූ විශාල ජයග්‍රහණයක්. මාස 5ක් තුළ ජනතාවට ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව කළකිරීමට ලක්වී තිබෙනවා.
ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ඡන්ද ප්‍රමාණය වැඩි වී තිබෙනවා. සියයට 22 සිට සියයට 28 දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ මොනරාගල සියයට 64 ඡන්ද ප්‍රතිශතය සියයට 45 අඩු වී තිබෙනවා.ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක මේ තත්ත්වය දකින්න ලැබෙනවා. ඒ වගේම අවසාන මැතිවරණයට වඩා විපක්ෂ කණ්ඩායමේ ඡන්ද ප්‍රතිශතය වැඩි වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ තිබෙන එකතුමුතුභාවය ආණ්ඩුවට පෙන්වන්න කටයුතු කරනවා. ඒ වගේම පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක ආණ්ඩුවට බහුතර ජනමතයක් නෑ. ජනතාවගේ ජනමතයට අගයක් ලබාදෙමින් විපක්ෂයේ කණ්ඩායම් සියල්ල එකතු වෙලා පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක බලය පිහිටුවන්න කටයුතු කරනවා.
ඒ වගේම ජාතික ජන බලවේගයට කොළඹ නගර සභාවේ මන්ත්‍රී ධුර හිමිකර ගැනීමට හැකිවී තිබෙන්නේ 48යි. නමුත් විපක්ෂයට සියයට 60ක ආසන්න ඡන්ද ප්‍රතිශයක් ලැබි තිබෙනවා. ඒ අනුව විපක්ෂය ඒකාබද්ධ වී සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත් කරන්න කටයුතු කරනවා. ජාතික ජන බලවේගයට විරුද්ධව කටයුතු කළ සියලු පිරිස් ඒකරාශි කරගන්න කටයුතු වෙනවා. විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා කරන්න මෙය හොඳ අවස්ථාවක් බවට පත් වී තිබෙනවා.ඒ වගේම ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නත් සමගි ජන බලවේගය සූදානම්.කෙසේ නමුත් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂයන්ගෙන් පිරිසක් ප්‍රතික්ෂේප කරන්න ජනතාව කටයුතු කර තිබෙනවා.
මැතිවරණ දෙකක් දිනුවාට පස්සේ ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය වැඩි විය යුතුයි. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන්න ජනතාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව විපක්ෂයේ ඡන්ද ප්‍රතිශතය වැඩි වෙලා තිබෙනවා. මාස 5ක කාලයක් තුළ ආණ්ඩුවේ කඩා වැටීම මේ ආකාරයට සිදුවුණා නම් වසරක් යන්න පෙර ආණ්ඩුවේ තත්ත්වය නරක අතට හැරෙන්න ඉඩ තිබෙනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණයත් ඉක්මනින්ම පවත්වන්න කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය තවත් අඩු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා යැයිද පැවසීය.”