පළාත් පාලන මැතිවරණයේ ජය පැරදුම කෙසේ වුවත් ජනමතයට හිස නමන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා ඊයේ (07) මේ බව සඳහන් කළේය.
මෙවර මැතිවරණයේ ද වගකිව යුතු දේශපාලන පක්ෂයක් සහ කණ්ඩායමක් ලෙස ජනමතය පිළිබඳ අවබෝධයෙන් පසුවන බව කී ඒ මහතා ජනතාවගේ අවශ්‍යතාවන් සහ ජනමතය නිසියාකාරව කියවා ගැනීම සහ ස්ථාවර ප්‍රාදේශීය සභාවක් පිහිටුවන්න අවශ්‍ය ක්‍රියාදාමය කුමක්ද යන්න පිළිබඳව සොයා බලන බව ද කීවේය.
එහිදී වැඩිදුරටත් නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
Òපක්ෂයක් විදියට අපි ලොකු අභියෝගවලට මුහුණ දුන්නා. ඒ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දුන්නා. ජනාධිපතිවරණයේ දී අපට අපේක්ෂකයන් හිටියේ නැහැ. නමුත් අපි කඳවුර ආරක්ෂා කළා. එහි ප්‍රතිඵලයක් විදියට අද අපට ප්‍රාදේශීය සභා 270ට වැඩි ප්‍රමාණයකට තරග කරන්න පක්ෂයක් ඉතිරි වුණා.ඒ තුළ පසුගිය කාලයේ සිදු වූ අඩුපාඩු හඳුනාගෙන පක්ෂයක් ලෙස නවීකරණය වුණා. අපට පක්ෂයට ඔබින ප්‍රතිපත්ති ආරක්ෂා කරන ගමන් නවීකරණය කරන්න පියවර ගත්තා. මෙවර මැතිවරණයට අපි ඉදිරිපත් වුණා. මැතිවරණ ක්‍රමවේදයටත් එහාට ගොස් අපේ තරුණ නියෝජනය ඉහළ දැම්මා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නූතන පරම්පරාවේ දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනය කර තිබෙනවා. ඒවා තමයි මහින්ද රාජපක්ෂ මහතා මේ රටට කළ වැඩ. එදා තිබුණු දැක්ම සහ දර්ශනය සමඟ ගොඩනැඟුණු මේ පක්ෂය කුඩාවට පටන්ගෙන මේ වන විට මිලියනයේ කණ්ඩායම බවට පත්ව තිබෙනවා. ඉදිරියේ දී ඉතාම සාර්ථකව ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙනවා.
මෙවර මැතිවරණයට අපේ පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් වුණේ විශාල අභියෝග මැද. ආණ්ඩුවෙන් එල්ල වූ අභියෝග තිබුණා. ගොඩනැඟෙන පක්ෂයක් විදියට විශාල අභියෝග මැද තමයි අපේක්ෂක අපේක්ෂිකාවන් ඉදිරිපත් වුණේ. ඒ සියලු දෙනාට මගේ ගෞරවය පිරිනමනවා. ඒ සියලු දෙනා තාඩන, පීඩන මෙන්ම අභියෝග මැද මැතිවරණයට ඉදිරිපත් වුණා. එක්තරා අවස්ථාවක ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ඔවුන්ට ඡන්දය දෙන්නේ නැතිනම් බලයට එන ප්‍රාදේශීය සභාවලට මුදල් දෙන්නේ නැහැ කියලා. නැතිනම් හිරේ යන්න ලෑස්ති වෙන්න කියනවා. තාත්තලාට, පුතාලාට පමණක් නොව අම්මලාටත් වෙන දේ බලාගමු කියනවා. එවැනි අභියෝග තිබිය දී මේ රටේ ජනතාව අපේ පක්ෂයේ ප්‍රතිපත්ති සහ අපව විශ්වාස කර අපට සාර්ථක ප්‍රතිඵලයක් ලබාදුන්නා.
මේ රටේ රාජ්‍ය යන්ත්‍රණය මැතිවරණය මෙහෙයවීමේ දී විශාල කැපවීමක් කළා. ඒ අයටත් යම් යම් බලපෑම් ආවා. අවසන් මොහොතේ අගමැතිනියත් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. මැයි දිනයට පැමිණි බස්රථ අධිවේගී මාර්ගයේ නැවතීමේ සිද්ධියේ දී පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරනවා. ඒක රාජකාරියට රාජ්‍ය සේවයට ලොකු පීඩනයක් වෙනවා. ආණ්ඩුවේ නොහැකියාව තහවුරු වන විට මේ රටේ ආර්ථිකය, රට ගොඩනඟන්න වැඩකළ පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව ජනතාවගේ විශ්වාසය ගොඩනැඟෙමින් තිබෙනවා. ඒ විශ්වාසය ගොඩනැඟීමේ ආරම්භයයි. අපෙන් ඈත්වුණු අයට නැවත වරක් ආරාධනා කරනවා අපේ කඳවුර සමඟ එකතු වෙන්න කියලා.
සියලු දෙනා ඒකරාශි කරගෙන අපි මේ ගමන යනවා. අපි ප්රජාතන්ත්රවාදී රාමුවේ ඉන්නවා. රාජපක්ෂලා නියෝජනය කරන්නේ මේ රටට ආදරය කරන දේශපාලන කඳවුරයි. අපි කෙරෙහි විශ්වාසය තබා ඡන්දය දුන් ජනතාවගේ විශ්වාසය පළුඳු කරන්නේ නැහැ. අපෙන් ඈත්වූ අය එකතු කරගෙන අපි අපේ ගමන ශක්තිමත්ව යනවාÓ යැයි පැවසීය.