Thursday, May 8, 2025
Home » සභා­වල බලය ගන්න උදවු කරන්න

සභා­වල බලය ගන්න උදවු කරන්න

සජිත් විපක්ෂ කණ්ඩා­ය­ම්ව­ලින් ඉල්ලයි

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

ශක්ති­මත් හා අවංක රාජ්‍ය සේව­යක් ලබා­දීම සඳහා ඒකා­බද්ධ මෙහෙ­ව­ර­කට එක්ව­න්නැයි විපක්ෂ නායක සියලු විපක්ෂ බල­වේ­ග­ය­න්ගෙන් ඉල්ලී­මක් කළේය.

සත්‍ය­වාදී පාල­න­යක් සඳහා වන මහ­ජන ඉල්ලී­මට ප්‍රති­චාර වශ­යෙන් මෙම මුල­පි­රී­මට නාය­ක­ත්වය දීමට සමගි ජන බල­වේ­ගය සූදා­නම් බව ද හෙතෙම විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් ඊයේ (07) පැව­සු­වේය.

අප­හාස – උප­හාස, තර්ජන ගර්ජන, මඩ ප්‍රහාර, කුම­න්ත්‍රණ හා අභි­යෝග මැද සමගි ජන බල­වේ­ගය වෙනු­වෙන් ඡන්දය ප්‍රකාශ කර සහ­යෝ­ගය දුන් ජන­තා­වට සිය ආචා­රය පුද කර සිටින බවත් අප රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ශක්ති­මත් කිරීම වෙනු­වෙන් ඉදි­රි­යට පැමිණ මෙම මැති­ව­ර­ණය ශක්ති­මත් කිරී­මට සහ­යෝ­ගය දුන් සියලු රට­වැ­සි­යන්ට සිය ගෞර­වය පුද කර සිටින බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

මෑත කාලයේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී හා මහ­මැ­ති­ව­ර­ණ­ය­කදී විශාල ජන­ව­රම් දෙකක් ලබා­ගත් රජය මාස 6ක් වැනි කෙටි කාල­යක් තුළ අති­වි­ශාල පරි­හා­නි­ය­කට කඩා­වැ­ටී­ම­කට ලක්ව ඇති බවත් රටේ ජන­තාව විසින් විප­ක්ෂයේ සියලු දෙනා එකට එකතු කර­ගෙන කට­යුතු කරන ලෙසට පණි­වි­ඩ­යක් දී ඇති බවත් ජනතා විමුක්ති පෙර­මුණ මෙම පළාත් පාලන මැති­ව­ර­ණය ක්‍රියා­ත්මක කළේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ක්‍රියා­ත්මක කරන ආකා­ර­යට බවත් මොවුන් ආගම දහම පවා මැති­ව­ර­ණය වෙනු­වෙන් භාවිත කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

රටේ ජන­තාව මේ වන­විට බොරු­වට තිත තබා ඇති බවත් රටේ ජන­තාව සත්‍ය­වාදී මහ­ජන සේවා­වක් අනු­මත කර ඇති බවත් බොරු­වට තිත තබා බොරුව පරා­ජය කර­මින් සත්‍ය­වාදී, ශක්ති­ස­ම්පන්න මහ­ජන සේවා­වක් උදෙසා විප­ක්ෂයේ සියලු බල­වේග එකතු විය යුතු යැයි කියන ජන­ම­තය තුළ මේ අභි­යෝ­ගා­ත්මක වග­කීම වෙනු­වෙන් නාය­ක­ත්වය ලබා දීමට සමගි ජන බල­වේ­ගය සූදා­නම් බවත් විපක්ෂ නාය­ක­ව­රයා කියා සිටි­යේය.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කරන පුද්ග­ල­යන් ලෙස ජන­ම­ත­යට හිස නවා විප­ක්ෂයේ සියලු දෙනා එකට එකතු කර­ගෙන ජන­තාව අපේක්ෂා කළ විශිෂ්ට ජනතා සේවා­වක් විනි­වි­ද­භා­ව­යෙන් යුක්තව, ප්‍රති­ප­ත්ති­ග­රු­කව, එක­මු­තු­භා­වය හරහා රටේ ජන­තා­වට දැවැන්ත සේවා­වක් ඉටු කරන බවත් ඒ වෙනු­වෙන් සමගි ජන බල­වේ­ගය නාය­ක­ත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT