Thursday, May 8, 2025
Home » රිල්පොළ රාහුල හිමි­යන්ට සංඝ­නා­යක පද­වි­යක්

රිල්පොළ රාහුල හිමි­යන්ට සංඝ­නා­යක පද­වි­යක්

by Gayan Abeykoon
May 8, 2025 1:03 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණ­ති­ලක

මොන­රා­ගල, සෙව­න­ගල ශ්‍රී විජ­යා­රා­මය හා බදුල්ල විනී­ත­ගම ශ්‍රී බෝධි­රා­ජා­රා­මය යන උභය විහා­රා­ධි­පති ශාස්ත්‍ර­පති අධ්‍යා­ප­න­වේදී රිල්පොළ රාහුල හිමි­පා­ණන් වහන්සේ වෙත උඩ­රට අම­ර­පුර සාමාග්‍රී සංඝ සභාව මඟින් උඩ­රට අම­ර­පුර නිකායේ ඌව වෙල්ලස්ස දෙදි­සාවේ ප්‍රධාන සංඝ­නා­යක පද­විය පිරි­නමා ඇත.

නායක පද­විය පිළි­බඳ ශ්‍රී සන්න­ස්පත්‍ර ප්‍රදා­නෝ­ත්ස­වය සෙව­න­ගල ශ්‍රී විජ­යා­රාම විහා­ර­ස්ථා­න­යේදී පැවැ­ත්විණි. උඩ­රට අම­ර­පුර සාමාග්‍රී සංඝ සභාවේ මහා­නා­යක ගිරාඹේ මංගල නායක ස්වාමීන් වහ­න්සේගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති මෙම උත්ස­ව­යේදී අභි­නව නායක ස්වාමී­න්ව­හන්සේ වෙත විජි­නි­පත පිළි­ගැ­න්වීම ඌව පළාත් ආණ්ඩු­කාර නීතිඥ ජේ.එම්. කපිල ජය­සේ­කර මහතා අතින් සිදු කෙරුණු අතර, මෙම අව­ස්ථා­වට ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල, සෙව­න­ගල ප්‍රාදේ­ශීය ලේකම් නයන රංජිත් ප්‍රිය­ශාන්ත, සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම් යමුනා බන්දුල යන මහත්ම මහ­ත්මීන් ඇතුළු දායක දායි­කාවෝ විශාල පිරි­සක් සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT