Thursday, May 8, 2025
Home » කට්ටි­ම­හන සාන්ත ආනා විදු­හලේ නව සිසු නාය­කයෝ නිල ලාංඡන පල­ඳිති

කට්ටි­ම­හන සාන්ත ආනා විදු­හලේ නව සිසු නාය­කයෝ නිල ලාංඡන පල­ඳිති

by Gayan Abeykoon
May 8, 2025 1:03 am 0 comment

උඩු­බ­ද්දාව සමූහ ආර්.එම්. කරු­ණා­ති­ලක

කුලී/කට්ටි­ම­හන සාන්ත ආනා විද්‍යා­ලයේ 2025 වර්ෂය සඳහා තෝරා පත් කර ගත් ශිෂ්‍ය නායක නායි­කා­වන්ට නිල ලාංඡන පැල­ඳ­වීමේ උත්ස­වය පසු­ගි­යදා විද්‍යා­ල­යීය රැස්වීම් ශාලා­වේදී උත්ක­ර්ෂ­වත්ව පවැ­ත්විණ.

එම විදු­හලේ විදු­හ­ල්පති ඩී.එම්.එන්. ක්‍රිෂාන්ත මහ­තාගේ උප­දෙස් මත ආචාර්ය මණ්ඩ­ලය, මවු­පිය සංස­දයේ සහ­යෝ­ගය ඇතිව මෙම උත්ස­වය සංවි­ධා­නය කර තිබිණ. මෙහිදී පසිඳු ප්‍රභා­ෂණ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙසත්, සෙනුරි නවෝද්‍යා ප්‍රධාන ශිෂ්‍ය නායි­කාව ලෙසත්,විහඟ නිම්නාද සහ ශනිල්කි සාවින්දි උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායි­කා­වන් ලෙසත් ආරා­ධිත ප්‍රභූන් අතින් සිය නිල ලාංඡන පැලඳ ගනු ලැබූහ.

මෙම අව­ස්ථා­වට සාන්ත ආනා ජාතික සිද්ධ­ස්ථා­නයේ මීසම් පාලක ජය­කොඩි පිය­තුමා, දුම්ම­ල­සූ­රිය පොලී­සියේ ප්‍ර.පො.ප. ආනන්ද මහතා, කුලි /අධ්‍යා­පන කාර්යා­ලයේ නියෝජ්‍ය  අධ්‍ය­පන අධ්‍යක්ෂ ඩබ්.එම්. නදීකා විජ­ය­සිංහ යන මහත්ම මහ­ත්මීහු ද තවත් ආරා­ධි­තයෝ රැසක් ද එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT