කුලී/කට්ටිමහන සාන්ත ආනා විද්‍යාලයේ 2025 වර්ෂය සඳහා තෝරා පත් කර ගත් ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී උත්කර්ෂවත්ව පවැත්විණ.
එම විදුහලේ විදුහල්පති ඩී.එම්.එන්. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත ආචාර්ය මණ්ඩලය, මවුපිය සංසදයේ සහයෝගය ඇතිව මෙම උත්සවය සංවිධානය කර තිබිණ. මෙහිදී පසිඳු ප්රභාෂණ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙසත්, සෙනුරි නවෝද්‍යා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත්,විහඟ නිම්නාද සහ ශනිල්කි සාවින්දි උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් ලෙසත් ආරාධිත ප්‍රභූන් අතින් සිය නිල ලාංඡන පැලඳ ගනු ලැබූහ.
මෙම අවස්ථාවට සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ මීසම් පාලක ජයකොඩි පියතුමා, දුම්මලසූරිය පොලීසියේ ප්‍ර.පො.ප. ආනන්ද මහතා, කුලි /අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යපන අධ්යක්ෂ ඩබ්.එම්. නදීකා විජයසිංහ යන මහත්ම මහත්මීහු ද තවත් ආරාධිතයෝ රැසක් ද එක්ව සිටියහ.