බණ්ඩාරගම දිස්ත්‍රික් රෝහලේ රෝහල් කමිටු සාමාජිකයන්ට 2025 වර්ෂය සඳහා හැඳුනුම්පත් ලබා දීම කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
බස්නාහිර පළාත් සභාවෙන් නම් කරන ලද සාමාජික සාමාජිකාවන් 15 දෙනකු සඳහා මෙම හැඳුනුම්පත් ලබා දීම දිස්ත්‍රික් රෝහලේ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණ. එම කමිටු සාමාජිකයන් අතරට නිල වශයෙන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එස්.වයි. චන්දන පෙරේරා, හෙද සොයුරිය කේ.ජී. වීරසිංහ, සුළු සේවා පාලක අමල් අල්විස්, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ, බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති තුෂාර ද සිල්වා, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ලක්මාලි කපුගේ යන මහත්ම මහත්මීන් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා ප්‍රාදේශීය ඉංජිනේරු මහත්වරු ද ඇතුළත් වෙති. වසර දෙකක කාලයක් සඳහා එම සාමාජිකත්වය හිමි වේ.