Thursday, May 8, 2025
Home » මොර­යාය ප්‍රාදේ­ශීය රෝහලේ පහ­සු­කම් නැතිව සේවා­වන්ට බාධා

මොර­යාය ප්‍රාදේ­ශීය රෝහලේ පහ­සු­කම් නැතිව සේවා­වන්ට බාධා

දන්ත සාය­න­යට වසර 5ක් තිස්සේ වෛද්‍ය­ව­ර­යෙක් නෑ

by Gayan Abeykoon
May 8, 2025 1:02 am 0 comment

හස­ලක සමූහ ඊ.එම්.එස්. ඒක­නා­යක

මිනිපේ ගොවි ජන­ප­දයේ දුෂ්කර දිළිඳු ගම්මාන ඇතුළු ග්‍රාම නිල­ධාරි වසම් දොළ­හක පමණ අතිවිශාල ජන­තා­ව­කට සුව­සෙත සාදන මොර­යාය ප්‍රාදේ­ශීය රෝහල කරා පැමි­ණි­යත් ඇතැම් සේවා­වන් ලබා ගැනී­මට පහ­සු­කම් නොමැ­ති­කම හේතු­වෙන් ගැමි­යන්ට ගමේ සිට කිලෝ­මී­ටර් 20-25ක් වැනි දුර ගෙවා මහි­යං­ග­ණය මූලික රෝහ­ලට ගොස් එම සේවාව ලබා ගැනී­මට සිදුව තිබෙන බව රෝගීහු සඳ­හන් කරති.

මෙම රෝහ­ලෙන් රෝගි­යාට ලැබෙන ගුණා­ත්මක සේවාව හේතු­වෙන් බාහිර අංශ­යෙන් ප්‍රති­කාර ගැනී­මට දෛනි­කව රෝගීන් 200කට ආසන්න සංඛ්‍යා­වක් පැමි­ණෙන අතර, නේවා­සි­කව ප්‍රති­කාර ගැනීම සඳහා දින­පතා රෝගීන් 10ත් 15ත් අතර සංඛ්‍යා­වක් සිටින බව ද වාර්තා වේ. ඊට අම­ත­රව බෝ නොවන රෝග සඳහා සතියේ දින­වල පැවැ­ත්වෙන සාය­න­යන් සඳහා ද රෝගීහු විශාල පිරි­සක් සහ­භාගි වෙති.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ, රෝහල් කමිටු සාමා­ජික ඩබ්ලිව්.ජී.ආර්. කුල­තුංග මහතා මෙසේ පැව­සීය.

“බාහිර ප්‍රති­කාර අංශ­යක්, දන්ත ඒක­ක­යක්, හදිසි ප්‍රති­කාර ඒක­ක­යක්, බෝ නොවන රෝග සායන අංශ­යක්, උප­දේ­ශන අංශ­යක් සහ ළමා, පිරිමි, කාන්තා හා මාතෘ යන අංශ සඳහා නේවා­සික වාට්ටු හත­රක් රෝහලේ තිබෙ­නවා. මෙම අංශ­වල කට­යුතු කිරී­මට හෙද නිල­ධා­රීන් 6 දෙනකු සිටිය යුතු නමුත් රෝහලේ සිටින්නේ හෙද නිල­ධා­රීන් දෙදෙ­නෙක් පම­ණයි. මෙම අය­ගෙන් අයෙක් හදි­සියේ නිවාඩු ගත­හොත් එම නිල­ධා­රි­යාගේ කාර්යය ද කිරී­මට සිදු වනුයේ ඉතිරි එක්කෙ­නා­ටයි. වාර්තා­වන අන්ද­මට එක් නිල­ධා­රි­ය­කුට පැය 36ක පමණ සේවා මුර­යක් කිරී­මට සිදුව තිබෙ­නවා. මෙම හෙද හිඟය පියවා ගන්නේ රෝහලේ සිටින උප­ස්ථා­යක හෝ වෙනත් කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යන් මඟි­නුයි. එය බර­ප­තළ තත්ත්ව­යක්. මොකද එයා මේ විෂය සම්බ­න්ධ­යෙන් නිසි පුහු­ණු­වක් හෝ දැනී­මක් ඇති කෙනෙක් නොවන නිසා එයා­ගෙන් විය යුතු අත්වැ­රදි බොහෝයි.”

මිනිපේ හිටපු හදිසි මරණ පරි­ක්ෂක ආර්.ජී. උබ­ය­සේන රාජ­පක්ෂ මහතා  දැක්වූයේ මෙවන් අද­හ­සකි.

“මිනිපේ පළ­වැනි පිය­ව­ර­ටම දන්ත ඒක­ක­යක් තිබෙන රෝහල තමයි මේ රෝහල. නමුත් දන්ත ඒක­ක­යක් හා එම කාර්ය­යට අවශ්‍ය උප­ක­රණ තිබු­ණත් වසර පහක පමණ කාල­යක සිට වෛද්‍ය­ව­ර­යෙක් නොමැ­ති­කම නිසා රන්දෙ­ණි­ගල හෝ බැඹිය ප්‍රදේ­ශයේ දන්ත රෝගීන්ට කිලෝ මීටර් 25ක් විතර දුර ගෙවා­ගෙන මහි­යං­ග­ණය මූලික රෝහ­ලට ගොස් එම අව­ශ්‍ය­තාව ඉටු කර ගන්න සිදුව තිබෙ­නවා. මෙය හරිම කන­ගා­ටු­දා­යක තත්ත්ව­යක්.

ප්‍රදේ­ශයේ ග්‍රාම­ නි­ල­ධාරි වසම් දොළ­හක අතිවිශාල ජන­තා­ව­කට සේවය කිරී­මට තිබෙන මෙම රෝහ­ලේදී හෝ නිවෙ­ස­කදී මෙන්ම මාර්ග­ය­කදී හදි­සියේ මිය­යන මර­ණ­යක පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්විය යුතු අව­ස්ථා­වක එහි පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මට සුදුසු කාර්ය­ම­ණ්ඩ­ල­යක් රෝහලේ නැහැ. වසර ගණ­නා­වක් පුරා අබ­ලන්ව භාවි­ත­යට ගත ­නො­හැ­කිව තිබූ මෘත ශරී­රා­ගා­රය නම් ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු කර­මින් පව­ති­නවා. මෙය ප්‍රති­සං­ස්ක­ර­ණය කර­නවා වාගේම පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට වෛද්‍ය­ව­ර­යාට සහාය වන්නට පුහු­ණු­ව­ලත් සේව­ක­යකු සහ ඒ සඳහා අවශ්‍ය උප­ක­රණ කට්ටල ලබා දෙන්න කියා අපි ඉල්ලා සිටි­නවා.”

මෙම රෝහලේ පව­තින අඩු­පාඩු සම්බ­න්ධ­යෙන් අප කළ විම­සී­මේදී අද­හස් දැක්වූ පාල­නා­ධි­කා­රිය සඳ­හන් කළේ තමන්ට රෝහල සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­යට අද­හස් දැක්වී­මට නොහැකි බවත්, රෝහලේ පව­තින තත්ත්වය සම්බ­න්ධ­යෙන් අදාළ අංශ දැනු­ම්වත් කර ඇති බවත්ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT