Thursday, May 8, 2025
Home » පාදුක්ක නග­රයේ මාර්ග හැදු­වත් වීථි පහන් රැසක් අක්‍රි­යයි

පාදුක්ක නග­රයේ මාර්ග හැදු­වත් වීථි පහන් රැසක් අක්‍රි­යයි

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්ත­සිංහ

ගොඩ­ගම – ඉංගි­රිය මාර්ගය සංව­ර්ධ­නය කිරී­මත් සම­ඟම පාදුක්ක නග­රය ද කාපට් අතුරා පුළුල් කිරී­මේදී මාර්ගය දෙපස සවි­කර ඇති උසැති වීථි පහන් කණු­ව­ලින් වීථි පහන් 16ක් පමණ මේ වන විට අක්‍රිය වී ඇතැයි නග­රයේ වෙළෙඳ ප්‍රජාව පව­සති.

මේ වන විට පාදුක්ක ප්‍රාදේ­ශීය රෝහල අසල පාදුක්ක බස් නැව­තු­ම්පොළ මාර්ගය ආර­ම්භයේ, පාදුක්ක නගර මධ්‍යයේ, ගෑස් පහ හන්දියේ, පාදුක්ක පොලී­සිය අසල, සීතා­වක  ප්‍රාදේ­ශීය සභාවේ පාදුක්ක උප කාර්යා­ලය අසල සහ සේනා­නා­යක මාර්ගය ආර­ම්භයේ වීථි පහන් 16ක් මෙලෙස මාස 6කට වැඩි කාල­යක සිට අක්‍රිය වී ඇතැයි ඔවුහු පව­සති. ඔවුන් පෙන්වා දෙන්නේ, පාදුක්ක නග­රයේ වෙළෙ­ඳ­සල් රාත්‍රී 10 වන විට වසා දැමී­මෙන් පසු මෙම ස්ථාන ඝන අඳුරේ පව­තින බවත්, මාර්ගය සංව­ර්ධ­නය කිරී­මත් සම­ඟම ත්‍රිරෝද රථ, යතු­රු­පැදි සහ අනෙ­කුත් රථ­වා­හන මාර්ග නීති පවා උල්ලං­ඝ­නය කිරී­මෙන් අධික වේග­යෙන් ධාව­නය කිරීම හේතු­වෙන් මීට මාස කිහි­ප­ය­කට ඉහ­තදී මෙම ප්‍රදේ­ශ­වල සිදුවූ මාරක රිය අන­තු­රු­ව­ලින් ජීවිත කිහි­ප­යක් ද අහිමි වූ බවයි. එවැනි අව­දා­න­මක් ඇති මෙම මාර්ගයේ මෙලෙස අක්‍රිය වී ඇති වීථි පහන් කඩි­න­මින් යථා තත්ත්ව­යට පත්කර, නග­රයේ ආර­ක්ෂා­වත්, සිදු විය හැකි අන­තුරු වළක්වා ගැනී­ම­ටත් සහාය ලබා දෙමින්, මෙලෙස අක්‍රිය වී ඇති වීථි පහන් යථා තත්ත්ව­යට පත් කර දෙන මෙන්, වග­කි­ව­යුතු අංශ­ව­ලින් ඉල්ලා සිටිති.

මේ සම්බ­න්ධ­යෙන් පාදුක්ක පොලිස් ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කංචන මුණ­සිංහ මහ­තා­ගෙන් කළ විම­සී­මේදී ඔහු මෙසේ පැව­සීය.

“මීට මාස කිහි­ප­ය­කට ඉහ­තදී පාදුක්ක සති­පොළ අසල සහ පාදුක්ක ලිය­න්වල අතර මේ ආකා­ර­යෙන් වීථි පහන් අක්‍රිය වී තිබූ ප්‍රදේ­ශ­වල අන­තුරු කිහි­ප­යක් සිදුව තිබුණා. එවන් අව­ස්ථා­වක නග­රයේ ආර­ක්ෂා­වත්, මාර්ගයේ ගමන් කරන සැම­ගේත් ආර­ක්ෂාව පතා, මෙලෙස  අක්‍රිය වී ඇති වීථි පහන් යථා තත්ත්ව­යට පත් කිරීම ඉතා වැද­ගත්” .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT