Home » අයි­ති­ක­රු­වන් කත­ර­ගම ගොස් එද්දී අව­න්හල බිඳ දේපොළ උස්සලා

අයි­ති­ක­රු­වන් කත­ර­ගම ගොස් එද්දී අව­න්හල බිඳ දේපොළ උස්සලා

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

කළු­තර මධ්යම සමූහ සුනිල් ස්ටැන්ලි

නිවැ­සි­යන් කත­ර­ගම වන්ද­නාවේ ගොස් එද්දී කිසි­වකු විසින් ඔවුන්ගේ අව­න්හල බිඳ රුපි­යල් 88,000ක් වටිනා මුදල් හා දේපොළ සොර­කම් කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අග­ල­වත්ත පොලී­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

අග­ල­වත්ත, මිල්ල­ග­ස්මුල්ලේ පදිංචි පොත්මි­ටි­යගේ දොන් සේනා­රත්න (52) යන අය විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව මේ පිළි­බඳ පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ. තමා ඉකුත් 4 වැනිදා රාත්‍රී 10.30ට පමණ අව­න්හල වසා කත­ර­ගම වන්ද­නාවේ ගිය බවත්, යළි 6 වැනිදා උදේ 7.30ට අව­න්හල විවෘත කර බලන විට පසු­පස දොරේ අගුළු කඩා ඇතුළු වූ අයකු මුළු­තැ­න්ගෙයි තිබූ ගෑස් සිලි­න්ඩර 2ක් හා රුපි­යල් 3,000ක මුද­ලක් සොරා­ගෙන ගොස් තිබූ බවත් ඔහු පොලී­සි­යට කර තිබූ පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

අග­ල­වත්ත පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ධම්මික සිල්වා මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT