Thursday, May 8, 2025
Home » හඳුනා නොගත් මළ­සි­රුරු විසි­අ­ටක් කළු­බෝ­විල මෝචරියේ

හඳුනා නොගත් මළ­සි­රුරු විසි­අ­ටක් කළු­බෝ­විල මෝචරියේ

by Gayan Abeykoon
May 8, 2025 1:03 am 0 comment

කොට්ටාව - ප්රදීප් කුමාර

භාර­ක­රු­වන් ඉදි­රි­පත් නොවීම නිසා මිය­ගිය පුද්ගල මළ සිරුරු විසි­අ­ටක්, මාස දෙකක් තිස්සේ කළු­බෝ­විල ශික්ෂණ රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍ය­න්තර ආරංචි මාර්ග පව­සයි.

මළ සිරුරු විසි අටක් දීර්ඝ කාල­යක් තැන්පත් කර තැබී­මට ශීතා­ගාර පහ­සු­කම් නොවීම නිසා එම සිරුරු එකො­ළ­හක් දින ගණ­නා­වක සිට එළි­ම­හනේ තැන්පත් කර ඇතැයි එම ආරං­චි­මාර්ග වැඩි­දු­ර­ටත් පවසා සිටියි.

මොර­ටුව 04ක්, පිළි­ය­න්දල 04ක්, අඟු­ලාන 04ක්, මිරි­හාන 02ක්, වැලි­කඩ, මහ­ර­ගම, බම්බ­ල­පි­ටිය, කිරු­ළ­පන, කොහු­වල පොලිස් වස­ම්ව­ලින් රෝහ­ල්ගත කළ පුද්ග­ල­යින් මිය­යෑ­මෙන් පසුව පශ්චාත් මරණ පරී­ක්ෂණ සඳහා භාර­ක­රු­වන් ඉදි­රි­පත් නොවී­මෙන් මෙම මළ සිරුරු මාස දෙකක සිට මෙසේ තැන්පත් කර තැබී­මට සිදුව ඇතැයි පැවසේ.

ඉන් ඇතැම් මළ සිරුරු 1990 සුව­සැ­රිය ගිලන් රථ­යෙන් මහ­මඟ වැටී සිටි­යදී ප්‍රති­කාර සඳහා රෝහ­ලට ඇතු­ළත් කළ ඒවා වන අතර, තවත් කිහි­ප­යක් රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මිය­ගිය ඒවා වන බවත් පැවසේ.

මෙම පුද්ග­ල­යින් රෝහ­ල්ගත කිරී­මේදී භාර­ක­රු­වන් සේ ඉදි­රි­පත් වූ පුද්ග­ල­යින් ලබා දී ඇති ලිපි­න­යන් ව්‍යාජ ඒවා වන බවත් ඇතැම් පුද්ග­ල­යන්ගේ අන­න්‍යතා සහ­තික කිසි­වක් සන්ත­කයේ නැති බවත් ඒ හේතු­වෙන් භාර­ක­රු­වන් සොයා­ගැ­නී­මට නොහැ­කිව මෙසේ මළ සිරුරු ගොඩ­ගැසී ඇති බවත් රෝහල් ආරං­චි­මාර්ග පවසා සිටියි.

එම මළ සිරුරු අවු­රුදු 40 – 85 අතර වන බවට පොලී­සිය සැක කරයි.

මෙම මළ සිරුරු එළි­ම­හනේ තැන්පත් කර තැබී­මෙන් සෞඛ්‍ය ගැටලු කිහි­ප­යක් මතුව ඇති අතර, මෘත ශරී­රා­ගා­රයේ දෛනික රාජ­කා­රි­ව­ලට දැඩි බාධා එල්ල වී ඇතැයි ද ඔවුහු පව­සති.

මෙම මළ සිරුරු ඉවත් කිරීම අදාළ පොලීසි හරහා සිදු කළ යුතු අතර, ඔවුන්ගේ උදා­සීන රාජ­කාරි විලා­සය මෙසේ මළ සිරුරු ගොඩ­ගැ­සී­මට තවත් හේතු වී ඇති බවත් පැවසේ.

මේ සම්බ­න්ධ­යෙන් කළු­බෝ­විල ශික්ෂණ රෝහ­ලෙන් විමසූ විට එහි ප්‍රකා­ශ­ක­යකු පැව­සුවේ,

“දැනට මාස දෙක­කට ආසන්න කාල­යක සිට හඳුනා නොගත් මළ සිරුරු 28ක් මෝච­රියෙ තියෙ­නවා. ඉන් එකො­ළ­හක් එළියෙ තියෙන්නෙ. මේව ඉවත් කර­ගන්න කියලා පොලී­සි­ව­ලට දැනුම්දී තිබු­ණත් තාම ඉවත් කර­ගෙන නෑ. මේ නිසා දෛනික රාජ­කා­රි­ව­ල­ටත් බාධා­වක්” බවයි.

හඳුනා නොගත් මෙම මළ සිරුරු පශ්චාත් මරණ පරී­ක්ෂණ සඳහා යොමු කිරී­මට භාර­ක­රු­වන් වෙතොත් හැකි ඉක්ම­නින් තොර­තුරු ලබා දෙන ලෙස ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT