22
මාලබේ පිට්ටුගල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ශ්‍රී තරුණෝදය දහම් පාසලේ ශිෂ්‍ය නායකයන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා එම විහාරස්ථානයේ දී පැවැත්විණි.
දහම් පාසල් දරුවන් ගුණයෙන් නැණයෙන් හා පෞරුෂයකින් හෙබි දරුවන් පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, ඊට ශ්‍රී තරුණෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.