Friday, May 9, 2025
Home » බැණ්ඩි­ය­මුල්ල නිවෙ­ස­කට අන­ව­ස­ර­යෙන් ඇතුළු වී දේපො­ළ­ව­ලට අලාභ හානි කළ අයෙක් රක්ෂි­ත­යට

බැණ්ඩි­ය­මුල්ල නිවෙ­ස­කට අන­ව­ස­ර­යෙන් ඇතුළු වී දේපො­ළ­ව­ලට අලාභ හානි කළ අයෙක් රක්ෂි­ත­යට

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

ගම්පහ අධි­ක­රණ

ගම්පහ, බැණ්ඩි­ය­මුල්ල ප්‍රදේ­ශයේ නීති­ඥ­ව­ර­යෙ­කුගේ නිවෙ­ස­කට අන­ව­ස­ර­යෙන් ඇතුළු වී එම නි‍ෙවසේ තිබූ මල් පෝච්චි ඇතුළු දේපො­ළ­ව­ලට අලාභ හානි කිරීම හා තර්ජ­නය කිරීමේ චෝදනා මත සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­ය­කුව ගම්පහ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සීලනී පෙරේරා මහ­ත්මිය විසින් මැයි මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාර­යට පත් කළාය. ගම්පහ, බැණ්ඩි­ය­මුල්ල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙක් මෙලෙස රිමාන්ඩ් භාර­යට පත් කෙරිණ.

පැමි­ණිලි පාර්ශ්වය වෙනු­වෙන් නීතිඥ මානෙල් වික්‍ර­ම­නා­යක මහ­ත්මිය පෙනී සිටි­යාය.

ගම්පහ පොලී­සියේ කාන්තා පොලිස් පරී­ක්ෂිකා පිය­ද­ර්ශනී මහ­ත්මිය පැමි­ණිල්ල මෙහෙ­ය­වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT