21
තම මාසික වැඩිහිටි දීමනාව ලබා ගැනීම සඳහා ඉංගිරිය තැපැල් කාර්යාලය වෙත පැමිණි වයෝවෘද්ධ පුද්ගලයන් හට ආහාර වේලක් පිළිගැන්වීමේ සද්කාර්යයක් පසුගියදා ඉංගිරියේදී පැවැත්විණි.
ඉංගිරිය නගරයේ ව්‍යාපාරික නිහාල් ජයන්ත සහ කවිඳු මධුෂාන් ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් මෙම කටයුත්ත සිදුකරන්නට යෙදුණු අතර, සිය දීමනාව අපේක්ෂාවෙන් හිමිදිරි උදෑසන සිට දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 200කට ආසන්න පිරිසක් වෙත ලබා දුන් මෙම දානය කාගේත් පැසසුමට ලක්විය.