Home » ඉංගි­රි­යේ වැඩි­හිටි දීම­නාව ගන්න ආ පිරි­සට ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් ආහාර වේලක්

ඉංගි­රි­යේ වැඩි­හිටි දීම­නාව ගන්න ආ පිරි­සට ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් ආහාර වේලක්

by Gayan Abeykoon
May 8, 2025 1:02 am 0 comment

ඉංගි­රිය මධ්යම සමූහ - ප්රිය­ද­ර්ශනී කහ­වල

තම මාසික වැඩි­හිටි දීම­නාව ලබා ගැනීම සඳහා ඉංගි­රිය තැපැල් කාර්යා­ලය වෙත පැමිණි වයෝ­වෘද්ධ පුද්ග­ල­යන් හට ආහාර වේලක් පිළි­ගැ­න්වීමේ සද්කා­ර්ය­යක් පසු­ගි­යදා ඉංගි­රි­යේදී පැවැ­ත්විණි.

ඉංගි­රිය නග­රයේ ව්‍යාපා­රික නිහාල් ජයන්ත සහ කවිඳු මධු­ෂාන් ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් විසින් මෙම කට­යුත්ත සිදු­ක­ර­න්නට යෙදුණු අතර, සිය දීම­නාව අපේ­ක්ෂා­වෙන් හිමි­දිරි උදෑ­සන සිට දිගු වේලා­වක් පෝලි­ම්වල රැඳී සිටින ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන් 200කට ආසන්න පිරි­සක් වෙත ලබා දුන් මෙම දානය කාගේත් පැස­සු­මට ලක්විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT