Thursday, May 8, 2025
Home » තෙල්හි­රි­යාව පුරාණ ගල්වි­හාර වැව තෘණ වැවී රොන්මඩ පිරී ගොඩවී විනා­ශ­යෙන් විනා­ශ­යට

තෙල්හි­රි­යාව පුරාණ ගල්වි­හාර වැව තෘණ වැවී රොන්මඩ පිරී ගොඩවී විනා­ශ­යෙන් විනා­ශ­යට

by Gayan Abeykoon
May 8, 2025 1:02 am 0 comment

තඹු­ත්තේ­ගම විශේෂ ඩබ්ලිව්. ප්රදීප්

මහ­වැලි එච්. කලා­පයේ තෙල්හි­රි­යාව ගම්මා­නයේ පුරාණ ගල්වි­හා­ර­ස්ථා­නය ආස­න්නයේ පිහිටි පුරාණ වැව රොන්මඩ පිරී, අහි­ත­කර තෘණ වර්ග වැවී ගොඩවී ඇති බව ගැමියෝ පව­සති. මේ හේතු­වෙන් සිය ජීව­නෝ­පාය අන­තු­රට වැටී ඇති බව ගොවීහු පව­සති. වසර ගණ­නා­වක් තිස්සේ රොන්මඩ එකතු වීම හේතු­වෙන් වැව මුළු­ම­නින්ම ගොඩ­වීමේ අව­දා­න­මට ලක්ව ඇත. වැව යටතේ කුඹුරු අක්කර 30ක් පමණ යල මහ දෙක­න්නයේ වගා කරන බව ගොවීහු පව­සති.

දෙකේ­කෑල්ල, තෙල්හි­රි­යාව, සඳ­සි­රි­ගම, පහේ­කෑල්ල, අධි­රා­ණි­ගම, නුග­ග­හ­වැව හා ඔරු­ග­ල­යාය ආදී ගම්මාන ගණ­නා­වක ජන­තාව ස්නානය ආදී කට­යුතු සඳහා වැව වෙත පැමි­ණෙති. මෙම සියලු ගම්මා­න­වල ප්‍රයෝ­ජ­නය සඳහා ඇති එකම වැව මෙය බව ද ගැමියෝ පව­සති. ඔවුන්ගේ ප්‍රයෝ­ජ­නය සඳහා වැව තුළ තොටු­පො­ළක් හෝ ඉදි කර­දී­මට මෙතෙක් කිසි­වෙකු කට­යුතු කර නොමැති බව ද ප්‍රදේ­ශ­වා­සීහු පව­සති. ප්‍රදේ­ශ­වා­සි­යෙකු වන ආර්. නව­රත්න මහතා මෙසේ අද­හස් දැක්වූ­වේය,

“වැව මේ විදි­හට තිබ්බොත් තව වැඩි දව­සක් යන්ඩ කලින් සම්පූ­ර්ණ­යෙන්ම ගොඩ­වෙ­නවා. ඒ කාලේ වැවට කියලා තිබුණේ ඕලු, නෙලුම් ගොල්ල විත­රයි. දැන් නෙලුම් පඳුරු යට කර­ගෙන මහ කැලෑ­වක් මතු­වෙලා තියෙන්නේ. අඩි දෙක තුනයි වතුර අල්ලන්නේ. රොන්මඩ පිරිලා වැව ගොඩ­වෙලා තියෙන්නේ. ගම්මාන ගාණක මිනි­ස්සුන්ගේ ප්‍රයෝ­ජ­නේට තියෙන වැව මේ විනාශ වෙන්නේ. අඩුම තර­මින් මිනි­ස්සුන්ට බැහැලා නාගන්ඩ තොටු­ප­ළක් හදලා දෙන්ඩ කෙනෙක් නෑ.”

වැසි කාල­යට එකතු වන ජලය වැවට දැරිය නොහැකි වීමෙන් වැව් බැම්ම බිඳී යෑමේ අව­දා­න­මට ලක්ව ඇති බව ද ගොවියෝ පව­සති. වැව ආශ්‍රි­තව විවිධ ප්‍රදේ­ශ­ව­ලින් පැමි­ණෙන මත්ලෝ­ලීන් බෝතල්, පොලි­තීන් ආදි අප­ද්‍රව්‍ය අයාලේ අත­හැර යෑම හේතු­වෙන් වැව අවට දැඩි ලෙස අප­විත්‍ර වී ඇති බව ගැමියෝ පව­සති. වසර ගණ­නා­ව­කට පෙර වැව් තාවුල්ලේ පස් කපා­ගෙන ගොස් වැලි ලෙස සකස් කර අලෙවි කිරීමේ ජාවා­ර­මක් ක්‍රියා­ත්මක වූ බවද ප්‍රදේ­ශ­වා­සීහු පෙන්වා දෙති. දෙකේ කෑල්ල ගම්වාසී ආනන්ද ගල­බොඩ මහතා මෙසේ පැව­සීය.

“මේක ලස්ස­නට තිබ්බ වැවක්. මේ පැත්ත­ටම මේ වැව සම්ප­තක්. ඒත් කාගෙ­වත් සැල­කි­ල්ලක් නෑ වැව රැක­ගන්ඩ. එක එක ජවා­ර­ම්කා­රයෝ කාලෙන් කාලෙට ඇවිත් වැව විනාශ කර­නවා. නිල­ධා­රින් ඒව බලං ඉන්නවා. මීට කාලෙ­කට කලින් වැවේ පස් කපා­ගෙන ගිහිල්ලා වැලි පෙරලා වික්කා. දැන් වෙලා තියෙන්නේ තාවුල්ලේ තැන් තැන්වල වළ­වල්. දැන­ටත් දෙයි­යනේ කියලා යල, මහ දෙකන්නේ කුඹුරු කර­නවා වැවේ වතු­රෙන්. මේ පාර තුන්වෙනි කන්නෙත් වපු­රලා දැන් ගොයම පැහී­ගෙන එන්නේ. ඒත් මේ විදි­හට තිබ්බොත් තව වැඩි කාල­යක් කුඹුරු කරන්ඩ වෙන්නේ නෑ වැවේ වතු­රෙන්.”

වැව නිසි ලෙස පිළි­ස­කර කර­දෙන ලෙස වග­කිව යුත්තන් වෙතින් කොතෙක් ඉල්ලීම් කළ ද මෙතෙක් පලක් වී නොමැති බව ගොවීහු පව­සති. වැවෙහි වැවී ඇති අහි­ත­කර තෘණ සහ රොන්මඩ ඉවත් කර වැව පිළි­ස­කර කොට දෙන ලෙස ඔවුහු වග­කිව යුත්තන් වෙතින් ඉල්ලී­මක් කරති. නුග­ග­හ­වැව ගම්වාසී නිලන්ත කුමාර මහතා මෙසේ අද­හස් දැක්වූ­වේය.

“මේ වැව රජ කාලේ ඉඳන් තියෙන වැවක් කියලා තමයි කියන්නේ. මේ පැත්ත­ටම තියෙන එකම වැව මේක. හදි­සි­ය­කට කෙනෙ­කුට නෙලුම් මලක් හරි කඩා­ගන්ඩ තියෙන්නේ මේ වැව විත­රයි. දැන් වැව ගොඩ­වෙන්ඩ ඔන්න මෙන්න තියෙන්නේ. වැව බේර­ගන්ඩ මිනි­ස්සුන්ට වුව­ම­නා­ව­කුත් නෑ. නිල­ධා­රින්ට වුව­ම­නා­ව­කුත් නෑ. සම­හරු සව­සට වැවට ඇවිල්ලා මෙතැන තියෙන ගස් යට අරක්කු බීලා බෝතල් කුඩු කරලා ඔහේ වැවට අත­ඇ­රලා යනවා. වැව ගැන කිසිම හැඟී­මක් නෑ ඒ අයට.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT