Home » ජ’පුර විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය විද්‍යා පීඨ­යෙන් වැලි­කන්ද මහ­සෙ­න්පුර ගම්වා­සීන්ට පානීය ජලය

ජ’පුර විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය විද්‍යා පීඨ­යෙන් වැලි­කන්ද මහ­සෙ­න්පුර ගම්වා­සීන්ට පානීය ජලය

දින­මිණ පුවත පලදරයි

by Gayan Abeykoon
May 8, 2025 1:02 am 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ
පානීය ජල ව්‍යාපෘ­තිය විවෘත කළ අව­ස්ථාව සහ ඒ සඳහා සම්බන්ධ වූ ගරු­තර මහා සංඝ­ර­ත්නය සහ මැදි­හත් වූ පිරි­සෙන් කොට­සක්
ජල ව්‍යාපෘ­තිය ලබා දීමට මැදි­හත් වූ පිරිස හා ශ්‍රම දාය­ක­ත්වය ලබා­දුන් යුද හමු­දාව

ජල ව්‍යාපෘ­තිය ලබා දීමට මැදි­හත් වූ පිරිස හා ශ්‍රම දාය­ක­ත්වය ලබා­දුන් යුද හමු­දාව

වසර තිහ­කට ආසන්න කාල­යක් උග්‍ර පානීය ජල අර්බු­ද­ය­කට මුහුණ පා සිටි වැලි­කන්ද මහ­සෙ­න්පුර ගම්වා­සීන්ට, දින­මිණ පුව­ත්පතේ පළ වූ වාර්තා­වක ප්‍රති­ඵ­ල­යක් ලෙස පිරි­සිදු පානීය ජල ව්‍යාපෘ­ති­යක් ලබා­දී­මට, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ හතර වන කණ්ඩා­යමේ වෛද්‍ය­ව­රුන් හා විදෙ­ස්ගත පරි­ත්‍යා­ග­ශී­ලින්ගේ ධන පරි­ත්‍යා­ග­යෙන් සිදු කළහ.

විශේ­ෂඥ වික­ලාංග ශල්‍ය වෛද්‍ය කර්නල් ලිසිත කුල­රත්න මහ­තාගේ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් සහ සර්වාංග රෝග විශේ­ෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සේනා­නා­යක මහ­තාගේ විශාල මූල්‍ය පරි­ත්‍යා­ග­ය­කින් ඉදි කරනු ලැබූ මෙම පිරි­සිදු පානීය ජල ව්‍යාපෘ­තිය පසු­ගි­යදා, වැලි­කන්ද නව මහ­සෙ­න්පුර, සිරි මහ­සෙන් විහා­රා­ධි­පති පූජ්‍ය අලු­ත්වැව සේනා­ලං­කාර නායක ස්වාමීන් වහ­න්සේගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් ජනතා අයි­ති­යට පත්කෙ­රුණි.

නැඟෙ­න­හිර ආර­ක්ෂක සේනා මූල­ස්ථා­නයේ ආඥා­ප­ති­තු­මාගේ අධී­ක්ෂ­ණ­යෙන්, නාවික හමු­දාවේ සහ යුද හමු­දාවේ ශ්‍රම දාය­ක­ත්ව­යෙන් මෙම පානීය ජල ව්‍යාපෘ­තිය ඉදි­ක­රනු ලැබූහ.

නිරෝ­ෂන් ශ්‍රී දේව හා ඉඳු­නිල් යාපා අනු­ස්ම­රණ පානීය ජල ව්‍යාපෘ­තිය ලෙස නම් කරන ලද මෙම පානීය ජල ව්‍යාපෘ­තිය, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ හත­ර­වන කණ්ඩා­යමේ මිය පර­ලොව ගිය සියලු දෙනාට පින් පිණිස ඉදි කරන ලදි.

මෙම ජල ව්‍යාපෘ­තිය මඟින් මහ­සෙ­න්පුර ගම්මා­නයේ පවුල් පන්සි­ය­ය­කට ආසන්න සංඛ්‍යා­ව­කට සහ දහම් පාසල් ගුරු­ව­රුන් මෙන්ම සිසුන් දෙසී­ය­කට ආසන්න සංඛ්‍යා­ව­කට සෙත සැල­සෙන අතර, ගම්වා­සීන් මුහුණ පා තිබූ පානීය ජල අර්බු­දය පිළි­බඳ අවස්ථා කිහි­ප­ය­ක­දීම දින­මිණ පුව­ත්පත මඟින් හෙළි­ද­රවු කිරීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස පිරි­සිදු පානීය ජල ව්‍යාපෘ­තිය, ගම්මා­න­යට ලැබුණු බවත් ඒ සඳහා මැදි­හත් වූ සිය­ලු­දෙ­නාට පුණ්‍යා­නු­මෝ­දනා ස්තූතිය පිරි­න­මන බව සිරි මහ­සෙන් විහා­රා­ධි­පති පූජ්‍ය අලු­ත්වැව සේනා­ලං­කාර නාහි­මි­යන් සඳ­හන් කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT