
ජල ව්‍යාපෘතිය ලබා දීමට මැදිහත් වූ පිරිස හා ශ්‍රම දායකත්වය ලබාදුන් යුද හමුදාව
වසර තිහකට ආසන්න කාලයක් උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටි වැලිකන්ද මහසෙන්පුර ගම්වාසීන්ට, දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාවක ප්‍රතිඵලයක් ලෙස පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීමට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ හතර වන කණ්ඩායමේ වෛද්‍යවරුන් හා විදෙස්ගත පරිත්‍යාගශීලින්ගේ ධන පරිත්‍යාගයෙන් සිදු කළහ.
විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය කර්නල් ලිසිත කුලරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සේනානායක මහතාගේ විශාල මූල්‍ය පරිත්‍යාගයකින් ඉදි කරනු ලැබූ මෙම පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය පසුගියදා, වැලිකන්ද නව මහසෙන්පුර, සිරි මහසෙන් විහාරාධිපති පූජ්‍ය අලුත්වැව සේනාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුණි.
නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිතුමාගේ අධීක්ෂණයෙන්, නාවික හමුදාවේ සහ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම පානීය ජල ව්‍යාපෘතිය ඉදිකරනු ලැබූහ.
නිරෝෂන් ශ්‍රී දේව හා ඉඳුනිල් යාපා අනුස්මරණ පානීය ජල ව්‍යාපෘතිය ලෙස නම් කරන ලද මෙම පානීය ජල ව්‍යාපෘතිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ හතරවන කණ්ඩායමේ මිය පරලොව ගිය සියලු දෙනාට පින් පිණිස ඉදි කරන ලදි.
මෙම ජල ව්‍යාපෘතිය මඟින් මහසෙන්පුර ගම්මානයේ පවුල් පන්සියයකට ආසන්න සංඛ්‍යාවකට සහ දහම් පාසල් ගුරුවරුන් මෙන්ම සිසුන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට සෙත සැලසෙන අතර, ගම්වාසීන් මුහුණ පා තිබූ පානීය ජල අර්බුදය පිළිබඳ අවස්ථා කිහිපයකදීම දිනමිණ පුවත්පත මඟින් හෙළිදරවු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය, ගම්මානයට ලැබුණු බවත් ඒ සඳහා මැදිහත් වූ සියලුදෙනාට පුණ්‍යානුමෝදනා ස්තූතිය පිරිනමන බව සිරි මහසෙන් විහාරාධිපති පූජ්‍ය අලුත්වැව සේනාලංකාර නාහිමියන් සඳහන් කළහ.