Home » ජීවත් වෙන් විදියක් නෑ: ඉන්න තැනක් නෑ: හබරණ පස්දරු මවක් උපකාරයක් ඉල්ලයි

ජීවත් වෙන් විදියක් නෑ: ඉන්න තැනක් නෑ: හබරණ පස්දරු මවක් උපකාරයක් ඉල්ලයි

ගෑස් සිලින්ඩරයක් පුපුරා මුහුණ විකෘති වෙලා: සැමියා අතහැර ගිහින්

by Gayan Abeykoon
May 8, 2025 1:03 am 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ
දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­නා­ධි­පති රාහු­ලා­ලං­කාර නාහි­මි­
ශාමලී තම දිය­ණිය සහ පැවිදි වූ සාම­ණේර හිමි­යන් සමඟ

ශාමලී තම දිය­ණිය සහ පැවිදි වූ
සාම­ණේර හිමි­යන් සමඟ

ගෑස් සිලි­න්ඩ­ර­යක් පිපිරී මුහුණේ ඇති වූ විකෘ­ති­තා­ව­යක් සමඟ, ස්වාමියා හැරයාමෙන් පසු දරු­වන් සමඟ කිසිදු හවුහ­ර­ණක් නොමැ­තිව, අනුන්ගේ නි‍ෙව­සක දිවි ගෙවන පස්දරු මව­කගේ සංවේදී කතා­වක් පොලො­න්න­රුව, හබ­රණ, ඊරි­ගේ­ඔය, සූරි­ය­ගම ගම්මා­න­යෙන් අපට අස­න්නට ලැබිණි. ගෑස් සිලි­න්ඩ­ර­යක් පිපිරී මුහුණේ ඇති වූ විකෘ­ති­තා­ව­යක් සමඟ ඇයට කිසිදු අයෙකු රැකි­යා­වක් ලබා නොදෙන පසු­බි­මක රුපි­යල් අට­ද­හස් පන්සීයේ අස්වැ­සු­මෙන් සහ අස­ල්වා­සීන් ලබා­දෙන ආධාර උප­කා­ර­යෙන් ජීව­ත්වෙන මෙම අස­රණ මව, නමින් ශාමලී සේනා­ධීර වේ.

ඇයගේ පිරිමි දරු­වකු විවාහ වී පිට පළා­තක ජීවත් වන අතර, ගැහැනු දරු­වකු හිඟු­ර­ක්ගොඩ ළමා නිවා­ස­යෙන් අධ්‍යා­ප­නය ලබා මේ වන­විට සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­ප­නය හදා­ර­මින් සිටි­න්නීය.

තවත් පිරිමි දරු­වකු පාසල් ගම­නට විරා­මය තබා මීට දින කිහි­ප­ය­කට පෙර පෞද්ග­ලික ආය­ත­න­යක රැකි­යා­වට ගොස් සිටි­න්නේය.

තවත් දිය­ණි­යක් හිඟු­ර­ක්ගොඩ ආනන්ද බාලි­කාවේ 7 වසරේ අධ්‍යා­ප­නය ලබ­න්නීය.

බාල පුතු ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­නයේ හබ­රණ සුමං­ග­ලා­ලං­කාර නමින් පැවි­දිව පිරි­වෙන් අධ්‍යා­ප­නය ලබති.

හබ­රණ, සූරි­ය­ගම ගම්මා­නයේ ජීවත් වන ශාමලී සේනා­ධීර මහ­ත්මිය නිවෙස හිමි කාන්තාව විදේ­ශ­ග­තව සිට මේ මස 30 වැනිදා ශ්‍රී ලංකා­වට පැමි­ණෙන බැවින් ජීවත් වන නිවෙස ද භාර­දී­මට සිදුව තිබේ.

විදෙ­ස්ගත කාන්තාව මේ මස 30 වැනිදා ලංකා­වට පැමි­ණී­මත් සමඟ නි‍ෙවස භාර­දී­මෙන් පසු ජීව­ත්වී­මට නි‍ෙව­සක් නොමැ­තිව දෙලො­වක් අතර, දරු­වන් සමඟ තනිවී සිටින ශාමලී සේනා­ධීර මහ­ත්මිය තම ජීවිත කතාව හැඬූ කඳු­ළෙන් මෙලෙස ඉදි­රි­පත් කළාය.

‘මම කඩ­ව­ල­වැව ඉස්කෝලේ කම්ක­රු­වකු ලෙස වැඩ කළා. මට දරුවො පස් දෙනෙක් ඉන්නවා. ගෙද­රදි ගෑස් සිලි­න්ඩ­ර­යක් පුපු­රලා තමා මගේ මූණ පිච්චුණේ. දැන් මාව කිසිම කෙනෙක් කිසිම රස්සා­ව­ක­ට­වත්, කුලි­ය­ක­ට­වත් ගන්නේ නැහැ. මගේ දු‍ෙවක් හිඟු­ර­ක්ගොඩ ළමා නිවා­ස­යක ඉගෙන ගෙන මේ වෙන­කොට සබ­ර­ග­මුව සර­ස­වියේ අධ්‍යා­ප­නය ලබ­නවා. එයා තව අවු­රු­ද්ද­කින් අධ්‍යා­ප­නය අව­සන් කර­නවා, තවත් දු‍ෙවක් හිඟු­ර­ක්ගොඩ ආනන්ද බාලි­කාවේ 07 වසරේ ඉගෙන ගන්නවා. ඉතින් එයාට උග­න්නන්න විදි­හ­කුත් නෑ. උග­න්නන්න මිල මුදල් නැති හින්දා බාල පුතු, දිඹු­ලා­ගල නායක හාමු­දු­රු­වන්ට භාර­දීලා මහණ කළා. මට මේ ගමේ අප්පච්චි කියලා කෙනෙක් අක්ක­ර­යක ඉඩ­මක් දුන්නා. ඒ අප්ප­ච්චිත්, ගමේ උද­වි­යත් පුළු­වන් හැටි­යට අපිට උදවු කර­නවා. රුපි­යල් අට­ද­හස් පන්සීයේ අස්වැ­සු­මත් ලැබෙ­නවා. දැනට අපි ඒකෙන් ජීවත් වෙනවා. අපිට ජීවත් වෙන්න ගෙද­රක් නැති නිසා විදේ­ශ­ගත කාන්තා­වක් මේ ගෙදර පාළු­වට යන හින්දා අපිට පදිංචි වෙන්න ඉඩ දුන්නා. එයා මේ මාසේ 30 වැනිදා ලංකා­වට එනවා. එත­කොට මේ ගෙදර භාර දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඉන්න ගෙද­රක් නැහැ. අපට දුන්න ඉඩමේ පොඩි­යට ටක­රන් මඩු­වක් ගහ­ගෙන ඉන්නවා. ඒකෙ මේ දුවත් එක්ක ඉන්න ආර­ක්ෂා­වක් නෑ. පුළු­ව­න්නම් අපට කාමර දෙකක ස්ථිර ගෙයක් හදලා දෙන්න, ඒක බුදු බව අත්වෙන පින්ක­මක් මහ­ත්තයෝ, ශාමලී සේනා­ධීර මහ­ත්මිය හැඬූ කඳු­ළින් එලෙස පැව­සු­වාය.”

ඉතා අන්ත අස­ර­ණ­භා­ව­යට පත්ව සිටින ශාමලී සේනා­ධීර මහ­ත්මි­යගේ පවුල වෙනු­වෙන් පරි­ත්‍යා­ග­ශීලි දාය­ක­යෙක්, දාන­ප­ති­යෙක් හෝ ආය­ත­න­යක් ස්ථිර නි‍ෙව­සක් ඉදි කර­දී­මට ඉදි­රි­පත් වන්නේ නම්, ඒ සඳහා සිවිල් ආර­ක්ෂක බළ­කා­යෙන් හෝ යුද හමු­දා­වෙන්, ශ්‍රම දාය­ක­ත්වය ලබා දීමට තමන් වහන්සේ මැදි­හත් වන බව මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­නා­ධි­පති දිඹු­ලා­ගල රාහු­ලා­ලං­කාර නාහි­මියෝ සඳ­හන් කළහ.

ඔවුන්ගේ ලිපි­නය ශාමලී සේනා­ධීර, ඊරි­ගේ­ඔය, සූරි­ය­ගම, හබ­රණ, හිඟු­ර­ක්ගොඩ. දුර­ක­තන අංකය – 0771559654

බැංකු ගිණුම් විස්තර, එස්.ආර්.ඩී.එස්. සේනා­ධීර, ලංකා බැංකුව හිඟු­ර­ක්ගොඩ, ගිණුම් අංකය, 89851278

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT