Home » ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා ඇතුළු 3ක් අත්අ­ඩං­ගු­වට
පුත්තලමේදී මාලි­මා ආධා­ර­ක­රු­ව­කුට පහරදීම:

ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා ඇතුළු 3ක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

පුත්ත­ලම අති­රේක හිරාන් ප්රියං­කර ජය­සිංහ

පුත්ත­ලම මධ්‍යම අට්ට­වි­ල්ලුව විද්‍යා­ලයේ ඡන්ද මධ්‍ය­ස්ථා­නය ඉදි­රි­පි­ටදී ජාතික ජන බල­වේ­ගය පක්ෂයේ ආධා­ර­ක­රු­ව­කුට අමා­නු­ෂික ලෙස පහර දුන් බව කියන ස්වාධීන කණ්ඩා­ය­මක නාය­කයා ඇතුළු තිදෙ­නකු පෙරේදා (06) සවස පුත්ත­ලම මූල­ස්ථාන පොලී­සිය විසින් පුත්ත­ලම මූලික රෝහලේ දි අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පුත්ත­ලම ප්‍රාදේ­ශීය සභා­වට තරග වදින මෙම පහර දීමට සම්බන්ධ යැයි සැක­ක­රන ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා, තවත් අපේ­ක්ෂ­යකු හා එම කණ්ඩා­යමේ ආධා­ර­ක­රු­වෙකු බව පොලී­සිය පව­සයි.

මෙම ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා පසු­ගිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­ව­ලදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කළ අයෙකි.

ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා හා එම ස්වාධීන කණ්ඩා­යමේ තවත් අපේ­ක්ෂ­ක­යකු ගමන් ගනි­මින් තිබූ මෝටර් රථය තුළ පෙරේදා (06) දහ­වල් වන­වි­ටත් මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­මින් ස්ටිකර් අල­ව­මින් තිබී­මත් එය මධ්‍යම අට්ට­වි­ල්ලුව ඡන්ද මධ්‍ය­ස්ථා­නය පැවති ස්ථානය අසල රඳවා ගනි­මින් තිබීම පිළි­බ­ඳව මාලිමා ආධා­ර­කරු පොලී­සි­යෙන් ප්‍රශ්න කිරීම හේතු­වෙන් එම ස්ථාන­යේදී ඔහුට ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා ඇතුළු පිරිස පහර දී තිබුණි.

එසේ පහ­ර­කෑ­මට ලක්වූ මාලිමා ආධා­ර­කරු මේ පිළි­බ­ඳව පුත්ත­ලම මූල­ස්ථාන පොලී­සි­යට පැමි­ණිලි කර ප්‍රති­කාර සඳහා පුත්ත­ලම මූලික රෝහ­ලට ඇතු­ළත් වී ඇති බව පොලී­සිය පව­සයි.

ඉන්ප­සුව ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා ඇතුළු මෙම පහර දීමට සම්බන්ධ තිදෙනා තමන්ට ද පහර දුන් බව පවසා පුත්ත­ලම මූලික රෝහ­ලට ඇතු­ළත් වී තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බ­න්ධව පුත්ත­ලම මූල­ස්ථාන පොලී­සිය විසින් අදාළ සිද්ධිය පිළි­බ­ඳව විම­ර්ශ­න­යක් සිදු කර මෙම පහර දීමට සම්බන්ධ අදාළ ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා ඇතුළු අනෙක් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර රෝහල තුළ පොලිස් ආර­ක්ෂාව යටතේ රඳවා තැබී­මට කට­යුතු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT