Home » පොලිස් ජංගම රථ­ය­කට වන­අලි ප්‍රහා­ර­යක්

පොලිස් ජංගම රථ­ය­කට වන­අලි ප්‍රහා­ර­යක්

by Gayan Abeykoon
May 8, 2025 1:01 am 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ

පළාත් පාලන මැති­ව­ර­ණයේ අර­ල­ගං­විල පොලිස් වසමේ පොලිස් ජංගම සංචා­රයේ යොදවා තිබූ පෞද්ග­ලික වෑන් රථ­ය­කට පෙරේදා (06) රාත්‍රී 10.30ට පමණ වන­අ­ලි­යකු පහර දීමෙන් එම වෑන් රථ­යට අලා­භ­හානි සිදු වී ඇති බව අර­ල­ගං­විල පොලී­සිය පව­සයි.

වන­අ­ලි­යාගේ පහ­ර­දී­මෙන් වෑන් රථයේ පිටු­පස වීදු­රු­වට අලා­භ­හානි සිදු වී ඇති අතර එම ප්‍රහා­ර­යෙන් වෑන් රථයේ ගමන් ගත් කිසි­ව­කුට හානි­යක් සිදුව නොමැති බව ද පොලී­සිය පව­සයි. 

දිඹු­ලා­ගල ඇල්ලේ­වැව වැව් ඉස්ම­ත්තේදී වෑන් රථ­යට මෙම වන­අලි ප්‍රහා­රය එල්ල වී ඇති බව ද පොලී­සිය සඳ­හන් කරයි.

වන­අ­ලියා පහර දෙන විට එම වෑන් රථයේ පොලිස් නිල­ධා­රින් තිදෙ­නකු සහ සිවිල් ආර­ක්ෂක භට­යන් දෙදෙ­නකු සිට ඇති අතර, ඒ මොහොතේ වෑන් රථය පදවා ඇත්තේ සිවිල් පුද්ග­ල­යකු විසින් බව ද පොලී­සිය සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT