Thursday, May 8, 2025
Home » ලංකා කම්කරු කොංග්‍ර­සයේ පෙළ­පා­ළිය පොලීසියෙන් නතර කරයි

ලංකා කම්කරු කොංග්‍ර­සයේ පෙළ­පා­ළිය පොලීසියෙන් නතර කරයි

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජ­පක්ෂ

ලංකා කම්කරු කොංග්‍ර­සයේ ආධා­ර­ක­රු­වන් පිරි­සක් මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­මින් පෙරේදා (06) රාත්‍රියේ වාහන රැසක් සමඟ බග­ව­න්ත­ලාව නග­ර­යට පැමි­ණෙ­මින් සිටි පෙළ­පා­ළි­යක් දැඩි උත්සා­හ­යක් දරා නතර කිරී­මට බග­ව­න්ත­ලාව පොලී­සියේ නිල­ධා­රින් පිය­වර ගෙන ඇත.

ලංකා කම්කරු කොංග්‍ර­ස­යෙන් නෝර්වුඩ් ප්‍රාදේ­ශීය සභා­වට බග­ව­න්ත­ලාව, ආරි­ය­පුර කොට්ඨා­ස­යට තරග කළ අපේ­ක්ෂ­ක­යකු ජය­ග්‍ර­හ­ණය කිරී­මෙන් අන­තු­රුව එම අපේ­ක්ෂ­කයා සහ ඔහුගේ ආධා­ර­ක­රු­වන් හැටන් බග­ව­න්ත­ලාව ප්‍රධාන මාර්ගයේ බග­ව­න්ත­ලාව, චැප­ල්ටන් වත්ත ප්‍රදේ­ශයේ සිට කිලෝ­මී­ට­ර­යක් පමණ පෙළ­පා­ළි­ය­කින් බග­ව­න්ත­ලාව නග­ර­යට පැමි­ණෙ­මින් සිටි­යදී බග­ව­න්ත­ලාව පොලී­සියේ නිල­ධා­රීන් එම පෙළ­පා­ළියේ ගම­න්ගත් ලංකා කම්කරු කොංග්‍ර­සයේ අපේ­ක්ෂ­කයා සහ ඔහුගේ ආධා­ර­ක­රු­වන් විසු­රුවා හැරී­මට බග­ව­න්ත­ලාව පොලී­සියේ නිල­ධා­රින් විසින් පිය­වර ගැණින.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT