ලංකා කම්කරු කොංග්රසයේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෙරේදා (06) රාත්රියේ වාහන රැසක් සමඟ බගවන්තලාව නගරයට පැමිණෙමින් සිටි පෙළපාළියක් දැඩි උත්සාහයක් දරා නතර කිරීමට බගවන්තලාව පොලීසියේ නිලධාරින් පියවර ගෙන ඇත.
ලංකා කම්කරු කොංග්රසයෙන් නෝර්වුඩ් ප්රාදේශීය සභාවට බගවන්තලාව, ආරියපුර කොට්ඨාසයට තරග කළ අපේක්ෂකයකු ජයග්රහණය කිරීමෙන් අනතුරුව එම අපේක්ෂකයා සහ ඔහුගේ ආධාරකරුවන් හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ බගවන්තලාව, චැපල්ටන් වත්ත ප්රදේශයේ සිට කිලෝමීටරයක් පමණ පෙළපාළියකින් බගවන්තලාව නගරයට පැමිණෙමින් සිටියදී බගවන්තලාව පොලීසියේ නිලධාරීන් එම පෙළපාළියේ ගමන්ගත් ලංකා කම්කරු කොංග්රසයේ අපේක්ෂකයා සහ ඔහුගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට බගවන්තලාව පොලීසියේ නිලධාරින් විසින් පියවර ගැණින.