Home » ශ්‍රී ලංකා කාන්තාවෝ එක්දින තරග ඉති­හාස‍යේ මුල් වරට අව­සන් මහා තර­ග­ය­කට සුදු­සු­කම් ලබති

ශ්‍රී ලංකා කාන්තාවෝ එක්දින තරග ඉති­හාස‍යේ මුල් වරට අව­සන් මහා තර­ග­ය­කට සුදු­සු­කම් ලබති

by Gayan Abeykoon
May 8, 2025 1:30 am 0 comment

ප්රින්ස් ගුණසේ­කර ආර්. ප්රේම­දාස ක්රීඩාං­ග­ණයේ සිට...
සිය ‍දෙවැනි එක්දින ශත­කය ලැබූ ජෙමීමා රොඩ්‍රි­ගස්

ශ්‍රී ලංකා­වේදී මේ දින­වල පැවැ­ත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබා ගැනී­මට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වෙයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලක් එලෙස එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලි­ය­කදී අව­සන් මහා තර­ග­ය­කට සුදු­සු­කම් ලැබූ ඉති­හා­සයේ පළමු අව­ස්ථාව මෙහෙ­ය­වීම වි‍ශේෂ­ත්ව­යකි.

කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ පැවති ඉන්දි­යාව හා දකුණු අප්‍රි­කාව අතර තර­ග­යේදී දකුණු අප්‍රි­කාව ලකුණු 23ක පරා­ජ­යක් ලැබී­මත් සමඟ තරග දෙකක් ජය ලබා සිටින ශ්‍රී ලංකාව හා තරග තුනක් ජය ලබා­ගත් ඉන්දි­යාව ලබන ඉරිදා (11) පැවැ­ත්වෙන අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩා­යම හා දකුණු අප්‍රි­කාව අතර හෙට (9) මූලික වටයේ තර­ග­යක් ඉති­රිව ඇතත් එහි ප්‍රති­ඵ­ලය කුමක් වුවද ශ්‍රී ලංකා කාන්තාවෝ අව­සන් මහා තර­ගයේ දොරටු විවර කර­ගෙන සිටිති.

ඊයේ පැවති තර­ගයේ කාසියේ වාසිය දිනා­ගත් දකුණු අප්‍රි­කානු කාන්තා පිල මුලින් පන්දු රැකී­මට තීර­ණය කළ හෙයින් ඉන්දීය ක්‍රීඩි­කාවෝ කඩුලු 9ක් බිඳ­වැටී ලකුණු 337ක් ලබා දැවැන්ත ලකුණු පුව­රු­වක් නිර්මා­ණය කළහ. පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රි­කානු කාන්තා පිල ඕවර 50 නිමා වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 314කට සීමා විය. දකුණු අප්‍රි­කා­වට ජය­ග්‍ර­හ­ණය උදෙසා අව­සන් ඕව­ර­යේදී ලකුණු 26ක් ලබා­ගත යුතු වුවද එම ඕව­රයේ වාර්තා වූයේ ලකුණු 3ක් පමණි.

ඉන්දි­යාවේ අංක 4 පිති­කා­රි­නිය ජෙමීමා රොඩ්‍රි­ගස් විශිෂ්ට පිති­ක­ර­ණ­යක නිරත වෙමින් පන්දු 101කදී ලකුණු 123ක් රැස් කළ අතර, ඇගේ ඉනි­මට හතරේ පහර 15ක් සහ හයේ පහ­රක් ඇතු­ළත් විය. එය ඇය‍ගේ දෙවැනි ජාත්‍ය­න්තර එක්දින ශත­කය වූ අතර, කාන්තා එක්දින තර­ග­ව­ලදී ඇය රැස් කළ වැඩිම ලකුණු ගණ­නද වූවාය. රොඩ්‍රි­ගස් මේ තර­ගා­ව­ලියේ ඉනිම තුන­කදී මේ වන විට ලකුණු 201ක් ලබා­ගෙන පිති­කා­රි­නි­යන් අතර ඉදි­රි­යෙන්ම සිටී. ආර­ම්භක පිති­කා­රිනි ශ්‍රීමතී මන්දනා ලකුණු 51ක් රැස් කළ අතර, දීප්ති ෂර්මා පන්දු 84කදී හ‍යේ හා හතරේ 10ක් සමඟ ඉක්මන් ලකුණු 93ක් වාර්තා කළාය.

දකුණු අප්‍රිකා කාන්තා පිලේ අංක 4 පිති­කා­රිනි අනෙරී ඩර්ක්සන් පන්දු 80කදී හ‍යේ පහර 2ක් හා හතරේ පහර 5ක් එල්ල කර­මින් ලකුණු 81ක් ලබා ගත්තද එය ජය­ග්‍ර­හ­ණ­යට ප්‍රමා­ණ­වත් නොවුණි. නායිකා ක්ලෝයි ට්‍රයන් සමඟ එක්ව 6 වැනි කඩු­ල්ලට පන්දු 60කදී ලකුණු 72ක සබ­ඳ­තා­වක් ගොඩ­නඟා සිටි­යදී වේග පන්දු යැවූ අම­න්ජොට් කෞර්ගේ පන්දු­වක් කෙළින්ම කඩුල්ලේ වැදී­මෙන් ඇය දැවී ගියාය. නායිකා ක්ලෝයි ට්‍රයන් පන්දු 43කදී හයේ 5ක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 67ක් ලබා ගත්තාය. නදීන් ඩී ක්ලර්ක් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තාය.

ඉන්දීය කාන්තා පිල කඩුලු 9කට ලකුණු 337 (ඕවර 50)

ශ්‍රීමතී මන්දනා 51, හර්මන් ප්‍රීට් කෞර් 28, ජෙමීමා රොඩ්‍රි­ගස් 123, දීප්ති ෂර්මා 93, රිචා ගෝෂ් 20 (මස­බෙටා ක්ලාස් 51/2, නදීන් ඩී ක්ලර්ක් 54/2, නොන්කු­ලු­ලෙකෝ 71/2)

දකුණු අප්‍රිකා කාන්තා පිල කඩුලු  7කට ලකුණු 314 (ඕවර 50)

ටස්මින් බ්‍රීට්ස් 26, මියාන් ස්මිට් 39, අනෙරී ඩර්ක්සන් 81, නොන්ඩි­යු­මිසෝ සන්ගාසේ 36, සිනාලෝ ජෆ්ටා 21, ක්ලෝයි ට්‍රයන් 67,  නදීන් ඩී ක්ලර්ක් නොදැවී 22, අති­රේක 16 (අම­න්ජොට් කෞර් 59/3, දීප්ති ෂර්මා 57/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT