Home » කිරි­බ­ත්ගොඩ විහා­ර­ම­හා­දේවි බාලි­කාවේ හිරුණි ආසි­යානු යොවුන් බොක්සිං ශූර­තා­ව­ලි­යට

කිරි­බ­ත්ගොඩ විහා­ර­ම­හා­දේවි බාලි­කාවේ හිරුණි ආසි­යානු යොවුන් බොක්සිං ශූර­තා­ව­ලි­යට

by Gayan Abeykoon
May 8, 2025 1:14 am 0 comment

මල්වාන සමූහ මහා­නාම විතා­නගේ
ක්‍රීඩා උප­දේ­ශිකා රශ්මි ඉලං­ග­කෝන් මෙණෙ­විය සහ හිරුණි ප්‍රනාන්දු (දකුණේ)

ආසි­යානු යොවුන් බොක්සිං තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගැනී­මට කිරි­බ­ත්ගොඩ විහා­ර­ම­හා­දේවි බාලිකා විද්‍යා­ලයේ හිරුණි ප්‍රනාන්දු සමත් වූවාය.

12 වැනි ශ්‍රේණියේ අධ්‍යා­ප­නය ලබන 17 හැවි­රිදි හිරුණි ප්‍රනාන්දු මේ මස 10 වැනිදා සිට 23 වැනිදා කොළඹ සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩා­ගා­ර­යේදී පැවැ­ත්වෙන තර­ගා­ව­ලි­යේදී කිලෝ­ග්‍රෑම් 54 බර පන්තිය තරග වැදී­මට නිය­මි­තය.

විදු­හ­ල්පති දම­යන්ති මහා­ලක්ෂ මහ­ත්මි­යගේ උප­දෙස් මත නියෝජ්‍ය විදු­හ­ල්පති අජිත් අත්ත­නා­යක, ක්‍රීඩා උප­දේ­ශක රශ්මි ඉලං­ග­කෝන් හා බොක්සිං ක්‍රීඩා භාර ආචා­රිනී තුෂාරා සෙව්වන්දි යන මහත්ම මහ­ත්මීන්ගේ මඟ­පෙ­න්වීම යටතේ හිරුණි ප්‍රනාන්දු බොක්සිං ක්‍රීඩාවේ නිර­තව සිටියි.

මේ අතර එම විද්‍යා­ලයේ ක්‍රීඩා උප­දේ­ශි­කාව ලෙස කට­යුතු කරන රශ්මි ඉලං­ග­කෝන් මෙණෙ­විය ආසි­යානු යොවුන් තර­ගා­ව­ලි­යට ජාතික පුහු­ණු­කා­රි­නි­යක් ලෙස තේරී පත්ව සිටීම ද විශේ­ෂ­ත්ව­යකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT