Thursday, May 8, 2025
Home » ගුජ­රාට් එක වෙයි

ගුජ­රාට් එක වෙයි

by Gayan Abeykoon
May 8, 2025 1:13 am 0 comment

ශුබ්මන් ගිල්

මුම්බායි ඉන්දි­යන්ස් පිලට එරෙ­හිව පැවති අයි­පී­එල් තර­ගා­ව­ලියේ 56 වැනි තර­ගය කඩුලු 3කින් ජය ගැනී­මට ගුජ­රාට් ටයි­ටන්ස් කණ්ඩා­යම සමත් විය. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ හිමි­කර ගැනී­මට ද ගුජ­රාට් ක්‍රීඩ­කයෝ සමත් වූයේ තරග 11කදී 8 වැනි ජය සට­හන් කර­මිනි. මේ පරා­ජය හේතු­වෙන් මුම්බායි පිල තෙවැනි ස්ථානයේ සිට සිවු­වැනි ස්ථානය දක්වා පහ­තට වැටිණි.

වන්ක­ඩේ­හිදී පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් මුම්බායි පිල ලකුණු 155ක් රැස් කළ අතර, වර්ෂා­වෙන් බාධා වීම හේතු­වෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 19කදී හිමිවූ ලකුණු 147ක ඉල­ක්කය කඩුලු 7ක් දැවී තිබි­යදී අව­සන් පන්දු­වෙන් සපුරා ගැනී­මට ගුජ­රාට් ක්‍රීඩ­කයෝ සමත් වූහ. මේ සමඟ පිට පිට තරග 6ක් ජය ගෙන සිටි මුම්බායි පිලේ ජය­ග්‍ර­හණ රැල්ල බිඳ වැටිණි.

නායක ශුබ්මන් ගිල් ලකුණු 43ක් රැස් කර­මින් ගුජ­රාට් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, ජොස් බට්ලර් ලකුණු 30ක් සහ ෂර්ෆේන් රද­ර්ෆර්ඩ් ලකුණු 28ක් ඉනි­මට එක් කළහ. පන්දු යැවී­මේදී ජස්ප්‍රීට් බුම්රා, ට්‍රෙන්ට් බෝල්ට් සහ අශ්වින් කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළ­මුව පන්දු­වට පහර දුන් මුම්බායි පිල වෙනු­වෙන් විල් ජැක් පන්දු 35කින් ලකුණු 53ක් රැස් කළ අතර, සූර්ය­කු­මාර් යාදව් ලකුණු 35ක් සහ කෝබින් බොෂ් ලකුණු 27ක් රැස් කළහ. පන්දු යැවී­මේදී සායි ක්‍රිෂෝර් කඩුලු 2ක් දවා ගත්තේය.

පන්දු රැකී­මේදී උඩ පන්දු 3ක් ද රැක ගැනී­මට සමත් වූ ශුබ්මන් ගිල් තර­ගයේ වීරයා ලෙස නම් කෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT