මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව පැවති අයිපීඑල් තරගාවලියේ 56 වැනි තරගය කඩුලු 3කින් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට ද ගුජරාට් ක්‍රීඩකයෝ සමත් වූයේ තරග 11කදී 8 වැනි ජය සටහන් කරමිනි. මේ පරාජය හේතුවෙන් මුම්බායි පිල තෙවැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා පහතට වැටිණි.
වන්කඩේහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිල ලකුණු 155ක් රැස් කළ අතර, වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 19කදී හිමිවූ ලකුණු 147ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී අවසන් පන්දුවෙන් සපුරා ගැනීමට ගුජරාට් ක්‍රීඩකයෝ සමත් වූහ. මේ සමඟ පිට පිට තරග 6ක් ජය ගෙන සිටි මුම්බායි පිලේ ජයග්‍රහණ රැල්ල බිඳ වැටිණි.
නායක ශුබ්මන් ගිල් ලකුණු 43ක් රැස් කරමින් ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ජොස් බට්ලර් ලකුණු 30ක් සහ ෂර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 28ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ජස්ප්‍රීට් බුම්රා, ට්‍රෙන්ට් බෝල්ට් සහ අශ්වින් කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්හ.
පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිල වෙනුවෙන් විල් ජැක් පන්දු 35කින් ලකුණු 53ක් රැස් කළ අතර, සූර්යකුමාර් යාදව් ලකුණු 35ක් සහ කෝබින් බොෂ් ලකුණු 27ක් රැස් කළහ. පන්දු යැවීමේදී සායි ක්‍රිෂෝර් කඩුලු 2ක් දවා ගත්තේය.
පන්දු රැකීමේදී උඩ පන්දු 3ක් ද රැක ගැනීමට සමත් වූ ශුබ්මන් ගිල් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.