Thursday, May 8, 2025
Home » සීජේ ස්පෝර්ට්ස් පිල ඩුබා­යි­හිදී SLCL කුස­ලා­නය දිනයි

සීජේ ස්පෝර්ට්ස් පිල ඩුබා­යි­හිදී SLCL කුස­ලා­නය දිනයි

by Gayan Abeykoon
May 8, 2025 1:14 am 0 comment

ශ්‍රී ලාංකි­ක­යන්ගේ සහා­ගි­ත්ව­යෙන් ඩුබා­යි­හිදී පැවති SLCL (Sri Lankan Cricket League) ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට සීජේ ස්පෝර්ට්ස් ක්‍රීඩා සමා­ජය සමත් විය.

පස්වැනි වරට ඩුබා­යිහි අජ්මාන් ඕවල් ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ග­යේදී ලයන්ස් ක්‍රීඩා සමා­ජය ලකුණු 19කින් පරා­ජය කර­මින් සීජේ ස්පෝර්ට්ස් කණ්ඩා­යම සිය මංගල SLCL (Sri Lankan Cricket League) කුස­ලා­නය දිනා ගත්තේය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් සීජේ ස්පෝර්ට්ස් පිල ඕවර 20දී ලකුණු 190ක් රැස් කළ අතර, පිළි­තුරු ලෙස ලයන්ස් පිලට රැස් කළ හැකි වූයේ ලකුණු 171ක් පමණි.

සීජේ කණ්ඩා­යමේ ආර­ම්භක පිති­කරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ක්‍රීඩක සමල් උඩ­වත්ත ඉනි­මට වේග­වත් ආර­ම්භ­යක් දෙමින් පන්දු 20කින් ලකුණු 31 ක් රැස් කළේ හයේ පහර දෙකක් ද සම­ඟිනි. නායක චරිත් දිසා­නා­යක ප්‍රහා­රා­ත්මක පිති­හ­ර­ඹ­යක නිරත වෙමින් පන්දු 37කදී ලකුණු 65ක් රැස් කර­මින් තර­ගා­ව­ලියේ වීරයා බවට ද පත්වූ අතර, තර­ගා­ව­ලියේ නැඟී එන ක්‍රීඩ­කයා ලෙස සම්මාන ලැබූ ප්‍රශාන් කල්හාර හතරේ පහර 7ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 57ක් රැස් කළේ පන්දු 34කිනි.

ලයන්ස් පිළි­තුරු ඉනි­මේදී නායක තරිඳු රොෂා­න්තක පන්දු 34කින් වේග­වත් ලකුණු 69ක් රැස් කර­මින් කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කරා ගෙන­යෑ­මට උත්සාහ කළද එය අසා­ර්ථක විය. පන්දු යැවී­මේදී සමල් උඩ­වත්ත ලකුණු 29කට කඩුලු 4ක් බිඳ දම­මින් දස්කම් දැක්වීය.

මේ තර­ගා­ව­ලියේ වීරයා ලෙස සීජේ කණ්ඩා­යමේ චරිත් දිසා­නා­යක සම්මාන දිනා­ගත් අතර, අව­සන් තර­ගයේ වීරයා ලෙස සමල් උඩ­වත්ත (සීජේ), තර­ගා­ව­ලියේ නැඟී එන ක්‍රීඩ­කයා ලෙස ප්‍රශාන් කල්හාර (සීජේ) සහ තර­ගා­ව­ලියේ හොඳම පන්දු රකින්නා ලෙස යශෝද් සංක­ලන සම්මාන දිනා ගත්හ.

සීජේ ස්පෝර්ට්ස් ක්‍රීඩා සමා­ජය – 190/5 (ඕවර 20) චරිත් දිසා­නා­යක 65, ප්‍රශාන් කල්හාර 57, සමල් උඩ­වත්ත 31 (සුපුන් පෙරේරා 10/1, සුබෝධ රොෂාන් 13/1, චලිත සුබ­සිංහ 25/1)

එස්එල් ලයන්ස් ක්‍රීඩා සමා­ජය – 171/5 (ඕවර 20) තරිඳු රොෂා­න්තක 69, රොමේෂ් නිපුන 50 (සමල් උඩ­වත්ත 29/4, දිනේෂ් පීරිස් 8/1)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT