ශ්‍රී ලාංකිකයන්ගේ සහාගිත්වයෙන් ඩුබායිහිදී පැවති SLCL (Sri Lankan Cricket League) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සීජේ ස්පෝර්ට්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
පස්වැනි වරට ඩුබායිහි අජ්මාන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදී ලයන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 19කින් පරාජය කරමින් සීජේ ස්පෝර්ට්ස් කණ්ඩායම සිය මංගල SLCL (Sri Lankan Cricket League) කුසලානය දිනා ගත්තේය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් සීජේ ස්පෝර්ට්ස් පිල ඕවර 20දී ලකුණු 190ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ලයන්ස් පිලට රැස් කළ හැකි වූයේ ලකුණු 171ක් පමණි.
සීජේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ක්‍රීඩක සමල් උඩවත්ත ඉනිමට වේගවත් ආරම්භයක් දෙමින් පන්දු 20කින් ලකුණු 31 ක් රැස් කළේ හයේ පහර දෙකක් ද සමඟිනි. නායක චරිත් දිසානායක ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 37කදී ලකුණු 65ක් රැස් කරමින් තරගාවලියේ වීරයා බවට ද පත්වූ අතර, තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ ප්‍රශාන් කල්හාර හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 57ක් රැස් කළේ පන්දු 34කිනි.
ලයන්ස් පිළිතුරු ඉනිමේදී නායක තරිඳු රොෂාන්තක පන්දු 34කින් වේගවත් ලකුණු 69ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට උත්සාහ කළද එය අසාර්ථක විය. පන්දු යැවීමේදී සමල් උඩවත්ත ලකුණු 29කට කඩුලු 4ක් බිඳ දමමින් දස්කම් දැක්වීය.
මේ තරගාවලියේ වීරයා ලෙස සීජේ කණ්ඩායමේ චරිත් දිසානායක සම්මාන දිනාගත් අතර, අවසන් තරගයේ වීරයා ලෙස සමල් උඩවත්ත (සීජේ), තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා ලෙස ප්‍රශාන් කල්හාර (සීජේ) සහ තරගාවලියේ හොඳම පන්දු රකින්නා ලෙස යශෝද් සංකලන සම්මාන දිනා ගත්හ.
සීජේ ස්පෝර්ට්ස් ක්‍රීඩා සමාජය – 190/5 (ඕවර 20) චරිත් දිසානායක 65, ප්‍රශාන් කල්හාර 57, සමල් උඩවත්ත 31 (සුපුන් පෙරේරා 10/1, සුබෝධ රොෂාන් 13/1, චලිත සුබසිංහ 25/1)
එස්එල් ලයන්ස් ක්‍රීඩා සමාජය – 171/5 (ඕවර 20) තරිඳු රොෂාන්තක 69, රොමේෂ් නිපුන 50 (සමල් උඩවත්ත 29/4, දිනේෂ් පීරිස් 8/1)