46
සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 6කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (8) කොළඹ කෝල්ට්ස් ක්රීඩාංගණයේදී පැවැත්වේ.
මේ වන විටත් තරගාවලිය 3-2ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරකයෝ සමත්ව ඇති බැවින් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට නම් අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකා පිලට අනිවාර්යය වී තිබේ.
මේ තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, අනතුරුව බංග්ලාදේශය පිට පිට තරග 3ක ජයග්රහණය අත්කර ගත්තේය.
5 වැනි තරගයෙන් සටන්කාමී ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.