Thursday, May 8, 2025
Home » ශ්‍රී ලංකා­වට තීර­ණා­ත්මක අව­සන් යොවුන් සටන අද

ශ්‍රී ලංකා­වට තීර­ණා­ත්මක අව­සන් යොවුන් සටන අද

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

සංචා­රක බංග්ලා­දේශ අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන තරග 6කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ගය අද (8) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

මේ වන විටත් තර­ගා­ව­ලිය 3-2ක් ලෙස පෙර­මුණ ගැනී­මට සංචා­ර­කයෝ සමත්ව ඇති බැවින් තර­ගා­ව­ලිය ජය පරා­ජ­යෙන් තොරව නිමා කර ගැනී­මට නම් අද තර­ගය ජය ගැනීම ශ්‍රී ලංකා පිලට අනි­වා­ර්යය වී තිබේ.

මේ තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පැවති පළමු තර­ගය ජය ගැනී­මට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, අන­තු­රුව බංග්ලා­දේ­ශය පිට පිට තරග 3ක ජය­ග්‍ර­හ­ණය අත්කර ගත්තේය.

5 වැනි තර­ග­යෙන් සට­න්කාමී ජයක් හිමි­කර ගැනී­මට ශ්‍රී ලංකාව සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT