36
ගෞතම බුදුරදුන්ගේ පාද ස්පර්ශය ලද ශ්‍රීපාදස්ථානය දෙස් විදෙස් ජනතාවගේ ගෞරවාදරයට ලක් වූ පුදබිමකි. සමනොළ කන්ද මුදුනේ පිහිටා ඇති ශ්‍රීපාදස්ථානය වැඳ පුදා ගැනීමට වසරක් පාසා ශ්‍රීපාද සමය අරඹනු ලබන්නේ උඳුවප් පොහොයෙනි. ශ්‍රී පාද වන්දනා සමය එළැඹෙන වෙසක් පුන් පසළොස්වක පොහොයෙන් අවසන් වේ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ අවසන් දින කිහිපයේ ජනතාව ශ්‍රීපාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙමින් සිටින අයුරුයි. ඡායාරූපය – හැටන් රංජිත් රාජපක්ෂ