70
ජාතික ජන බලවේයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නුවන් කෝසල ජයවීර මහතාගේ පුරප්පාඩුවට පත්වූ සමන්ත රණසිංහ මහතා කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ ඊයේ (08) දිවුරුම් දුන්නේය.
කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඒ මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.
සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.