Home » සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලයට

සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලයට

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ප්‍රමුඛ අලෙවිකරණ වෘත්තිකයෙකු වන සමිත හේමචන්ද්‍ර මහතා 2025 අප්‍රෙල් 1 වැනිදා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර ඇති බවත්, ඊට සමගාමීව ඒ මහතා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට උසස් කර ඇති බව සමාගම නිවේදනය කර ඇත.

2000 වසරේ දී සන්නාම කළමනාකරුවෙකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගමට සම්බන්ධ වූ හේමචන්ද්‍ර මහතා අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් වීමට පෙර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු රැසක් හොබවන ලදී. ජීවිත රක්ෂණ අංශයේ අලෙවිකරණය හා සන්නාමය ගොඩනැංවීමෙහිලා අවුරුදු 25කට වැඩි පළපුරුද්දක් ඔහුගෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබෙන අතර ඔහු සමාගමේ අලෙවිකරණය පිළිබඳ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස ද වසර ගණනාවක් සේවය කර තිබේ. හේමචන්ද්‍ර මහතා 2004 දී සෙලින්කෝ ලයිෆ් සමාගම අත් කර ගත් වෙළඳපොළ නායකත්වය අද දක්වා අඛණ්ඩව අවුරුදු 21 පුරාවට පවත්වාගෙන යාමට දායක වූ කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙකි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වසරේ වෙළඳ සන්නාමය ලෙස තුන් වතාවක් හා වසරේ සේවා වෙළඳ සන්නාමය ලෙස හය වතාවක් සම්මානයට පාත්‍ර කිරීමෙහි ලා ප්‍රධාන කාර්යභාර්යයක් ද ඔහු ඉටු කර ඇත. එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) හි සාමාජිකයෙකු සහ වරලත් අලෙවිකරුවෙකු (FCIM) වන සමිත හේමචන්ද්‍ර මහතාට සන්නාම කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අලෙවිකරණ කළමනාකරණය, සහ උපායමාර්ගික සැලසුම්කරණය පිළිබඳ පුළුල් ප්‍රායෝගික අත්දැකීම් තිබේ. සෙලින්කෝ ලයිෆ් සඳහා ඒකාබද්ධ අලෙවිකරණ ව්‍යාපාර රාශියක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු සෘජුවම සම්බන්ධ වී ඇත.

හේමචන්ද්‍ර මහතා ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) අලෙවිකරණ සහ විකුණුම් සංසදයේ හිටපු සභාපතිවරයෙකු වන අතර වසර ගණනාවක් පුරාවට SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු දැනට සීමාසහිත සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන අතර සෙලින්කෝ ලයිෆ් හි අනුබද්ධ හා ආශ්‍රිත සමාගම් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) හි විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT