Home » NDB “සහසක් නිමැවුම්” හි නිල බැංකු සහකරු ලෙස හවුල් වේ

NDB “සහසක් නිමැවුම්” හි නිල බැංකු සහකරු ලෙස හවුල් වේ

by mahesh
May 9, 2025 1:00 am 0 comment

NDB බැංකුව දේශීය නව නිපැයුම් සහ නවෝත්පාදන පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ ඇති කැපවීම නැවත තහවුරු කරමින් ‘සහසක් නිමැවුම්’ පස්වන ජාත්‍යන්තර නව නිපැයුම් සහ නවෝත්පාදන ප්‍රදර්ශනය සහ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) සමඟ හවුල්වීම පිළිබඳ ඉතා ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටී. නිර්මාණශීලීත්වය, ගැටලු නිරාකරණය සඳහා නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම සහ සියලුදෙනා ඇතුළත් වන ජාතික සංකේතයක් බවට පත්ව ඇති වැඩසටහනක් සඳහා නිල බැංකු හවුල්කරු ලෙස NDB බැංකුව සිය අඛණ්ඩ සහයෝගය මෙලෙස ලබා දෙයි.

මාස ගණනාවක් පුරා පැවැති කලාපීය සහ පළාත් තරඟවල කූටප්‍රාප්තිය වන ‘සහසක් නිමැවුම්’ ජාතික අදියර, 2025 අපේ‍්‍රල් මස 25 සිට 27 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව පුරා තෝරාගත් නව නිපැයුම් 1, 000 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරන ලද අතර, පාසල්, විශ්වවිද්‍යාල, ත්‍රිවිධ හමුදා, වෘත්තීය ආයතන සහ ස්වාධීන නව නිපැයුම්කරුවන්ගේ විවිධ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණි. විශේෂ ජාත්‍යන්තර කාණ්ඩයක් රුමේනියාව, බෲනායි සහ ඉරානය යන රටවලින් පැමිණි නව නිපැයුම්කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වූ අතර, මෙම වසරේ වැඩසටහන සැබවින්ම ගෝලීය නව නිපැයුම් සමුළුවක් බවට පත් කළේය.

‘සහසක් නිමැවුම’ වැඩසටහනේ ඇති සුවිශේෂී ශක්තියක් වන්නේ එහි බිම් මට්ටමේ ප්‍රවේශයයි. සෑම පළාතකින්ම නව නිපැයුම්කරුවන් මේ සඳහා සහභාගී වීමට දිරිමත් කර ඇති අතර, සජීවී අත්දැකීම් සහ ප්‍රජාවගේ අදහස්වලට අනුව නිර්මාණය වූ පුළුල් පරාසයක විසඳුම් ඉදිරිපත් කරයි. මෙහි ඇති පුළුල් ප්‍රවේශය, ශක්තිමත් ව්‍යවසායක සංස්කෘතියක් බිහිකරන අතර එවැනි ව්‍යාපාර සඳහා සහය වීම සඳහා සියලු දෙනාට ප්‍රවේශ විය හැකි මූල්‍ය විසඳුම් සඳහා ඇති අවශ්‍යතාවය ඉස්මතු කරයි. මෙවැනි මුලපිරීම් සඳහා NDB බැංකුව දැඩි ලෙස දායක වී ඇත.

NDB බැංකුවේ ආයතනික තිරසාර කමිටුවේ ප්‍රධානී ලසන්ත දසනායක මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් පැවසූයේ ‘‘ශ්‍රී ලාංකික නවෝත්පාදනයේ පරිවර්තනීය හැකියාවන් පිළිබඳ ගැඹුරු විශ්වාසයක් සහිතව ‘සහසක් නිමැවුම්’ වැඩසටහන සඳහා අපගේ සහභාගීත්වය ලබා දී තිබේ. මෙම නව නිපැයුම්කරුවන් යනු හුදු සිහින දකින්නන් පමණක් නොව, ඔවුන් ජාතිය ගොඩනඟන්නන්ය. තිරසරභාවය සහ ප්‍රගතිය අගය කරන බැංකුවක් ලෙස, ඔවුන් සමඟ සම්බන්ධවීමට ලැබීම අපට ඉමහත් ගෞරවයක්’’ ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT