Home » එමිරේට්ස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

එමිරේට්ස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

by mahesh
May 9, 2025 1:00 am 0 comment

කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නවෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මඟින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක කරන එමිරේට්ස්හි කැපවීම තවදුරටත් ශක්තිමත් කරන අතර, මගීන්ට සුවිශේෂී සුවපහසුවක් ද ලබා දෙයි. මේ සමඟ එමිරේට්ස් හි ඉතා ජනප්‍රිය ‘ප්‍රිමියම් ඉකොනොමි’ පන්තියේ අත්දැකීම පළමු වරට කොළඹ – ඩුබායි ගුවන් මාර්ගයේ එළිදක්වමින්, සතියකට දින හයක් ක්‍රියාත්මක වන EK654/655 ගුවන් සේවය සඳාහා A350 ගුවන් යානය යොදවා ඇත.

එමිරේට්ස්හි ප්‍රිමියම් ඉකොනොමි පන්තියේ පාරිභෝගිකයින්ට ව්‍යාපාරික පන්තියට සමාන ක්‍රීම් පැහැති සම් හා ලී පැනල නිමාවකින් යුත් නිහඬ, සුඛෝපභෝගී අභ්‍යන්තරයක අත්දැකීම ලබාගත හැකිය. එමිරේට්ස් හි A350 ගුවන් යානයේ අභ්‍යන්තරය පාරිභෝගික සුවපහසුව උපරිම කිරීම සඳහාම නිර්මාණය කර ඇති අතර එමඟින් නව්‍යෝත්පාදනයේ නවතම නිමැවුම් ප්‍රදර්ශනය වේ. මෙහි කැපී පෙනෙන විශේෂාංග අතරට අලුතින් නිර්මාණය කළ, වඩාත් සුවපහසු, ඉකොනොමි පන්තියේ කැබින්; වැඩිදියුණු කළ ව්‍යාපාරික පන්තිය හා ප්‍රිමියම් ඉකොනොමි පන්තියේ කැබින්; 4K සහ 4K HDR අතිශය ප්‍රතිචාරාත්මක ස්පර්ශ තිර සහිත ඕනෑම ගුවන් යානයක පවතින හොඳම රූප ගුණාත්මකභාවය; සියලුම පන්තිවල පුළුල් අන්තරාල සහ අමතර උසකින් යුත් සිවිලිම්; සහ සියලුම A350 ගමනාන්ත හරහා අඛණ්ඩ ගෝලීය සම්බන්ධතාවක් සහිත වේගවත් Wi-Fi පහසුකම් ද ඇතුළත් වේ. එමිරේට්ස් 1986 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ගුවන් මෙහෙයුම් ආරම්භ කළ අතර මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා සමඟින් මෙරට සංචාරක සහ අපනයන කර්මාන්ත සඳහා නිරන්තරයෙන් තම සහයෝගය ලබා දෙමින් සිටියි. සම්මානලාභී ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කළ දින සිට කොළඹ වෙත හා එහි සිට ගුවන් මගීන් මිලියන 12කට වැඩි පිරිසකට ගමන් පහසුව සලසා ඇත. දෛනික ගුවන් ගමන් හතරක් සමඟින් කොළඹ හා ඩුබායි අතර (දෙපසට ම) ක්‍රියාත්මක වන ගුවන් සේවාව මගින් එම යානාවලම ටොන් 160ක් දක්වා භාණ්ඩ රැගෙන යාමේ හැකියාව සමඟින් දිනකට ආසන 2,800 කට වැඩි සංඛ්‍යාවක් ලබා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT