ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සම්බන්ධතා හා තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට එහි ඇති වැදගත්කම සහ ජනපතිවරයාගේ ඉකුත් වියට්නාම සංචාරයෙන් පසුව දෙරටේ සහසම්බන්ධතා වැඩිදියුණු වීමට කරුණු යෙදුණු අන්දම ආදී කරුණු පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා ඒකකයෙහි සහකාර කථිකාචාර්ය අංජලී තෙන්නකෝන් මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණ.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර පසුගිය දශක පහක කාලය තුළ ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇත. එතුළ සංස්කෘතික හුවමාරුව හා භූ දේශපාලනික සහයෝගිතාව ද ශක්තිමත් වී තිබේ. මෙම ආසියානු රටවල් දෙක අතර සම්බන්ධතාව අද වන විට ඉන්දු පැසිෆික් ස්ථාවරත්වය සඳහා වැදගත් සාධකයක් බවට පත්ව ඇත. ඉන්දියානු සාගරය සහ දකුණු චීන මුහුද යන කලාප දෙකෙහිම පිහිටා ඇති රටවල් ලෙස, ශ්‍රී ලංකාව සහ වියට්නාමය, සාගර ආරක්ෂක සහයෝගිතාව, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සහ සාගර පරිසරය සුරැකීම ආදිය සඳහා හවුල් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මෙලෙස පවතින ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ෂ 1970 දී ආරම්භ විය. ඒ අතරින් අවුරුදු පනහකට වැඩි කාලයකට පසු අද වන විට දෙරට අතර ව්‍යාපාර, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ සංචාරක ක්ෂේත්‍රයන්හි යහපත් සහයෝගිතාවක් ව්‍යාප්ත වී ඇත.
2020 වසරේ දී ශ්‍රී ලංකාව හා වියට්නාමය ඔවුන්ගේ පනස්වැනි රාජ්‍යතාන්ත්‍රික සබඳතා වසර සමරමින් නව සහයෝගිතා ගිවිසුම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා සිදුවිය. ආර්ථික වශයෙන් 2019 වසරේදී දෙරට අතර වෙළෙඳ ගනුදෙනු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 381කට ආසන්න විය. මෙම ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් ඇඟලුම්, කෘෂි නිෂ්පාදන හා තාක්ෂණික උපාංග ආනයනය කෙරුණු අතර වියට්නාමයට ඇඟලුම් හා කෘෂි නිෂ්පාදන අපනයනය කරයි.
බෞද්ධ උරුමය

අංජලී තෙන්නකෝන් සහකාර කථිකාචාර්ය ජාත්‍යන්තර සම්බන්ධතා ඒකකය කැලණිය විශ්වවිද්‍යාලය
ශ්‍රී ලාංකේය සමාගම්, විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ සමාගම් වියට්නාමයේ සැලකිය යුතු පැවැත්මක් ස්ථාපිත කර ඇත. දේශීය කම්කරුවෝ දහස් ගණනක් මෙම සමාගම්වල සේවය කරති. එලෙසම සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දෙරට අතර නිල රාජ්‍යතාන්ත්‍රික සංචාරවල නිරත වී ඇත. එහිදී බෞද්ධ උරුමය දෙරට අතර ප්‍රබල සබැඳියාවක් ලෙස පවතින අතර, එය සංස්කෘතික හුවමාරුව සහ සංචාරක ප්‍රවර්ධනයේ දොරටු විවර කරයි. සෑම වසරකම ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම සඳහා එන වියට්නාම සංචාරකයින් සංඛ්‍යාව වර්ධනය වේ. මෙතුළ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා ගිවිසුම් රාශියකට අත්සන් තබා ඇත.
තවද, ශ්‍රී ලංකා වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම දෙරට ව්‍යවස්ථාදායක ආයතන අතර ශක්තිමත් සබඳතා පවත්වා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එමෙන්ම, දෙරට අතර පවතින තිරසර සංවර්ධනය හා දේශගුණික විපර්යාස තුළ දෙරටටම දේශගුණික විපර්යාස සම්බන්ධ අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇත. හරිත තාක්ෂණය, පුනර්ජනනීය බලශක්ති හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්ෂේත්‍රයන්හි අත්දැකීම් හුවමාරු කරගැනීමට කටයුතු කරයි.
ඉකුත් මැයි මාසයේදී මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කරනු ලැබුණි. එමගින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් විය. සිය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් to lam මහතා හමුවී දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කළේය. ඒ තුළ ක්ෂේත්‍රයන් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් මේ සාකච්ඡා පැවැත්විණි.
වෙෙළඳාම සහ ආයෝජන ප්‍රවාහයන් වැඩිදියුණු කිරීම සඳහා අවස්ථා ගවේෂණය කිරීම හා විශේෂයෙන් දෙරට අනුපූරක ශක්තින් ඇති අංශ තුළින් ආර්ථික සහයෝගිතාව ඇති කිරීම මෙහිදී ප්‍රධාන විය. ඊට අමතරව දෙරට අතර අන්‍යොන්‍ය අවබෝධය සහ නිපුණතා සංවර්ධනය පෝෂණය කිරීම, ශිෂ්‍ය සහ අධ්‍යයන හුවමාරු සඳහා පහසුකම් සැලසීම සඳහා අධ්‍යාපන සහයෝගිතා ගිවිසුම් ගොඩනැඟීම තුළින් අධ්‍යාපන හුවමාරුවක් ඇති කිරීම, සංස්කෘතික හුවමාරුව එහිදී 2024 දී පැවති Òමහනුවර- හුයේ සංස්කෘතික උලෙළÓ වැනි පුරවැසි හුවමාරු සංස්කෘතික උත්සව හඳුනා ගත හැකිය. තවද, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සඳහා දැනට ඇති සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මේ ආදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක් මූලික කරගනිමින් සාකච්ඡා පැවැත්වුණි.
සංවර්ධනය
වියට්නාමයේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සාර්ථකත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කරන බව ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය, කාර්මීකරණය සහ දරිද්‍රතාව තුරන් කිරීම වැනි ක්ෂේත්‍රවල වියට්නාමයේ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට ඇති හැකියාව පිළිබඳ ද ඔවුහු අවධාරණය කළහ.
එසේම, මෙම සබඳතාවලින් ශ්‍රී ලංකාවට වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනඟා ගත හැකිද යන්න සාකච්ඡා කිරීමේදී, වියට්නාමයේ ආර්ථික පරිවර්තනය ශ්‍රී ලංකාවට වටිනා පාඩමක් වන අතර එය සිය වෙළෙඳපළ ආර්ථිකය ශක්තිමත් කිරීමට මනා පිටිවහලක් වනු ඇත. විශේෂයෙන්ම වියට්නාමයේ ආර්ථිකය වර්ෂ 1986 සිට DoiMoi (Free- Market Economic Reforms) යන නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාර්ගයක් අනුව එරට සංවර්ධනය විය. එමගින් ඔවුන් විදේශීය ආයෝජකයන්ට දොරටුවක් විවෘත කළ අතර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීමේදී විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. මෙම වියට්නාමයේ ආකෘතික උපායමාර්ග සැලසුම්කරණයේ වැදගත්කම එනම්, නව ප්‍රාග්ධන ආයෝජනය සහ ගෝලීය සැපයුම් දාමයන්ට ඒකාබද්ධ වීමේ වැදගත්කම අවධාරණය කරයි. තවද, මෙම වියට්නාමය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවට රථවාහන ක්ෂේත්‍රයේ වැඩි වාසි ලබාගත හැකි වේ.
විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා වියට්නාමයේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ ආයෝජන වාතාවරණය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සැලැස්මක් ලෙස භාවිත කළ හැකිය. තවද, අපනයන ශක්‍යතාව ඉහළ නැංවීම තුළ වියට්නාමය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා, විශේෂයෙන් රෙදිපිළි, කෘෂි කර්මාන්තය සහ තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල නව වෙෙළඳපොළ විවෘත කර ගත හැකිය. වියට්නාම කර්මාන්ත සමඟ සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවේ කාර්මික පදනම නවීකරණය කිරීම සඳහා සහාය වෙමින් තාක්ෂණය සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසිය හැකිය.
එමෙන්ම, දෙරට අතර අධ්‍යාපන සහයෝගය ගිවිසුම් මගින් ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට ආර්ථික සංවර්ධනය සඳහා තීරණාත්මක වන කුසලතා සහ දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසේ. එයින් ශ්‍රී ලංකා වියට්නාම සබඳතා ශක්තිමත් වීම කෙරෙහි සැලකිය යුතු දේශපාලන බලපෑමක් ද ඇති කරයි. එනම් කලාපීය ස්ථාවරත්වය සඳහා රටවල් දෙකෙහිම පොදු අවශ්‍යතා සහයෝගීත්වය හරහා සපුරා ගැනීමකි. එමෙන්ම ජාත්‍යන්තර වේදිකාවල ඓතිහාසික සිදුවීම් තුළ එකිනෙකට සහාය ලබා දී ඇත.
වියට්නාමය සමඟ ඇතිවන මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ විදේශ දේශපාලනයට විශේෂ තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකිය. එහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවල් දෙකම ජාත්‍යන්තර සංසදවල, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය (SAARC) වැනි සංවිධානවල එකිනෙකා සහාය දක්වයි. මේ අතර වියට්නාමය සමඟ සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවට අග්නිදිග ආසියාවේ මූලෝත්පාදිත හවුල්කරුවෙකු වීමට අවස්ථාව ලැබෙන අතර එමගින් සම්ප්‍රදායික සන්ධාන සමතුලිත කරයි. මෙය ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වර්ගීකරණය කිරීමකි.
සහයෝගිතාව
මේ ආකාරයෙන් වියට්නාමය සමඟ සහයෝගිතාවයෙන් කටයුතු කිරීමෙන් කලාපීය බලපෑම වැඩිදියුණු කිරීමෙන් ආසියාව සහ නොබැඳි ව්‍යාපාරය වැනි කලාපීය සංවිධානවල ශ්‍රී ලංකාවේ හඬ නොබියව නැංවිය හැකිය. මෙම පශ්චාද් ගැටුම් ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය පිළිබඳ හවුල් අත්දැකීම සාමය ගොඩනැංවීමේ මුළු පිරුම්වල සහයෝගිතාව සංවර්ධනය කර ගත හැකිය. දේශපාලනික වශයෙන් මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ ‘නැගෙනහිර දෙස බලන්න’ (Look East) යන කරුණට අනුකූල වන අතර ආර්ථික සංවර්ධනය සහ කලාපීය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා ආසියානු ජාතීන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමට උත්සාහ කරයි.
අවසාන වශයෙන් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සංවර්ධනය වන මෙම සබඳතාව අන්‍යොන්‍ය වර්ධනය සහ සංවර්ධනය සඳහා බලාපොරොත්තු සහගත මාවතක් සපයයි. එකිනෙකාගේ ශක්තීන් උපයෝගි කර ගනිමින් සහ හවුල් අත්දැකීම්වලින් ඉගෙන ගැනීමෙන් රටවල් දෙකටම නූතන ගෝලීය භූ දර්ශනයේ සංකීර්ණතා තුළ සැරිසැරීමට මග පාදා දෙනු ඇත. මෑතකාලීනව ඇති වූ මෙම උසස් මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු තුළින් දෙරට අතර සහයෝගිතාවයේ නව මායිම් ගවේෂණය කිරීම සඳහා වන කැපවීම අවධාරණය කරයි. මේ තුළින් ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැංවීමට අපේක්ෂා කරන අතර වියට්නාමය මෙම උත්සාහයේ වටිනා හවුල්කරුවෙකු ලෙස හඳුනාගත හැකිය.
නිසංසලා කොට්ටගස්වත්ත