රාහු කාලය
උදේ 10.34 – 12.06 දක්වා
රාත්‍රී 10.40 – 12.07 දක්වා
දිව්‍යමය සුබ මුහුර්ථ
ගමන් යාමට
උදේ 6.01ට උතුර බලා
උදේ 7.32ට උතුර බලා
ලොතරැයි මිලදී ගැනීමට
උදේ 7.43ට උතුර බලා
උදේ 8.29ට උතුර බලා
පැළ සිටුවීමට
උදේ 6.33ට උතුර බලා
සවස 4.59ට උතුර බලා
මේෂ
ආර්ථික ප්රතිලාභ ලැබේ
තම ජීවිතයේ සුවිශේෂී දිනකි. ආර්ථික ප්රතිලාභ ලැබේ. නිවසේ පැවති අසමගිතා වෙතොත් ඒවා සමනය වේ. ආදර – සෙනෙහස වැඩිදියුණු වේ. නිතර නිතර තම අභිවෘද්ධිය උදෙසා ගන්නා තීන්දු තීරණ සාර්ථක වේ.
වෘෂභ
දුරස්ථව සිටි අය ළං වේ
දුරස්ථව සිටි අය ළං වේ. අභිවෘද්ධිය සඳහා තමා විවිධ පාර්ශ්වයන් සමඟ ගිවිසුම් ගත වේ. කලාත්මක අරමුණු ඉටුකර ගැනීමට හැකි වේ. තමා විසින් කෙනෙකුට දී තිබූ මුදලක් තමාට යළි හිමි වේ.
මිථුන
බොහෝ ආදායම් මාර්ග මතු වේ
බොහෝ විට පිටස්තර අය සමඟ විවිධ ගිවිසුම් ඇතිකර ගනී. බොහෝ ආදායම් සරු වේ. නැවතී සිටින තැන බෝඩිමක හෝ නිල නිවාසයක පැවති ගැටලු අවම වේ.
කටක
ව්‍යාපාර ලාභ
වාහන ව්‍යාපාර කරන අයට උසස් ආදායම් ඇති වේ. නිවාස හා ඉඩම් ප්රතිලාභ ලැබේ. පිටරටක හෝ මෙරට කරන රැකියාවක උසස්වීම් හිමි වේ. බාල සහෝදරයකු නිසා තමාට කිසියම් ආර්ථික ප්‍රතිලාභයක් හිමි වේ.
සිංහ
නඩු කටයුත්තකින් වාසි
නඩු කටයුත්තකින් වාසි හිමි වේ. බොහෝවිට තම අසල්වැසියා, ඥාතියා සමඟ තිබූ මතභේද අවසන් වේ. මූල්‍ය ප්‍රතිලාභද හිමි වේ.
කන්‍යා
හදිසි ධන ලාභ
හදිසි ධන ලාභයකට හේතු වේ. එදිනෙදා තමාට හිමි වැඩවල අතපසු වීමක් දක්නට ලැබේ. පොදු ව්‍යාපාර, පොදු සමාජ කටයුතුවලදී කල්පනාකාරී වන්න. නැතහොත් විවිධ ආකාරයේ චෝදනාවලට පවා හසුවීමට පුළුවන.
තුලා
පැහැදිලි මානසික සුවයක්
ඉතා පැහැදිලි මානසිකත්වයකින් දවස අරඹීමට හැකි වේ. බොහෝ දෙනා අතර කැපීපෙනෙන තත්ත්වයකට පත්වේ. පිළිගැනීම – ප්‍රධානත්වය හිමි වීම තුළ සිතට ආඩම්බරකාරී හැඟිම් මතු වේ.
වෘශ්චික
විසිතුරු දේවල් උරුම වේ
විසිතුරු දේවල් උරුම වේ. ඒ අතර අලංකාර නිවසක හිමිකම පෙන්වයි. පාරේ තොටේ ගමන් කරන විට ඉතා සමීපතම මිතුරන්ගෙන් ප්‍රශංසා ගෞරව නාම හිමි වේ. ආගමට දහමට සිත යොමු වේ.
ධනු
නව ව්‍යාපාර ඇරඹුමක්
නව ව්‍යාපාර මඟකට පිවිසීමට අවස්ථාව උදා වේ. එදිනෙදා ගෘහ ජීවිතයේ කාර්යබහුල තත්ත්වයකි. විශේෂයෙන් ඉගෙනුම ලබන වයසේ පසුවන දරුවන් සිටින මවුපියවරුන්ට සතුටුදායක ආරංචි ලැබේ.
මකර
වෘත්තීය ජයග්‍රහණ
ඉතා යහපත් ලැබීම් මතු වේ. වෘත්තීය ජයග්‍රහණ ඒ අතර වෙයි. විශේෂයෙන් නිලතල, උසස්වීම් හා පඩිනඩි උසස්වීම් පෙන්වයි.
කුම්භ
පුණ්‍යවන්ත කටයුතු රැසකට මුලපුරයි
පුණ්‍යවන්ත කටයුතු රැසකට අතගසයි. බොහෝ දුරබැහැර ගමන් අතර වන්දනාමාන කටයුතු යෙදෙනු ඇත. මිල මුදල් අතින් අඩුපාඩු නොවන අතර යම් උරුමකම් හිමිකම් ද ඒ අතර වෙයි.
මීන
හදිසි ආපදා තත්ත්වයක්
ප්‍රවේසම් විය යුතු දිනකි. විශේෂයෙන් හදිසි අනතුරු, හදිසි වියපැහැදම් එළඹෙනු ඇත. තම අයිතිවාසිකම් පිළිබඳ පෙනී සිටීමට ගොස් නීති ගැටලු උපදවා ගනී.
සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී අජිත් ධර්මසිරි