Home » ත්‍රස්ත නායකයකුගේ අවසන් කටයුතුවලට පාකිස්තාන බුද්ධි අංශ සාමාජිකයන් එක්වූ බවට වාර්තාවක්

ත්‍රස්ත නායකයකුගේ අවසන් කටයුතුවලට පාකිස්තාන බුද්ධි අංශ සාමාජිකයන් එක්වූ බවට වාර්තාවක්

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ඉන්දීය හමුදාවෙන් පසුගියදා පාකිස්තාන කාශ්මීර් කලාපයේ ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්තවාදී නායකයකුගේ අවසන් කටයුතු සඳහා පාකිස්තාන අන්තර් බුද්ධි සේවාවේ සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් සහභාගි වී ඇතැයි සමාජ මාධ්‍යජාලා අතරට නිකුත් කළ වීඩියෝපට හා ඡායාරූපවලින් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ නිලධාරින් සහභාගි වී ඇත්තේ ඉන්දීය ගුවන් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ බිලාල් ත්‍රස්ත කඳවුරේ නායක යාකුබ් මුගාල්ගේ අවසන් කටයුතු සඳහා බව සමාජ මාධ්‍යජාලාවට නිකුත් කළ ඡායාරූපවල සඳහන් වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ත්‍රස්ත නායක යාකුබ් මුගල්ගේ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවේ ආගමික කටයුතු සිදුවූ අයුරු සහ පාකිස්තාන අන්තර්බුද්ධි සේවාවේ සහ පොලිසියේ නියෝජිතයන් එම අවස්ථාවට සහභාගි වූ අයුරු යනුවෙන් ශීර්ෂ පාඨයක් සටහන් කරමින් ටීවී9 පුවත් සේවයේ විධායක කර්තෘ ආදිත්‍ය රාජ් සමාජ මාධ්‍යජාලයට නිකුත් කළ එම ඡායාරූප සමඟ පළ වී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT